IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැලේ වැල් නැතුව එලෝ ගියාම නෑයන්ගෙන් වස්තුව ඉල්ලලා

කලක සිට දැඩි අසනීපයෙන් පෙලීම හේතුවෙන් එදිනෙදා ජීවිකාව ගෙන යාමට අපහසුව සිටි පුද්ගලයකුගේ මරණය දැනගත් සමාජ සේවා ආයතනයක් මියගිය අයගේ පවුලේ සාමාජිකයන්ට ලිපියක් යවමින් තම ආයතනයේ පැවැත්මට ආධාර උපකාර කරන ලෙස ඉල්ලීමක් කිරීමේ පුවතක් වාර්තාවේ. 

රටක් හෙල්ලූ පුද්ගලයෙකි. කලක සිට අසනීපයෙන් පසු වූයේය. බිරියත් දරුවන් තිදෙනාත් ඔහුගේ ප්‍රතිකාර සඳහා විවිධ උත්සාහ ගත්තත් සියල්ල ගඟට කැපූ ඉනි සේ විය. ඔවුන් අන්තිමේ ජීවත් වුනේ අසල්වාසීන්ගේ උපකාර මතය. 


සැමියා මිය ගියේය. හිතවතුන්ගේ සහායෙන් එම කටයුතු කර ගන්නට මේ පවුලේ අයට අවස්ථාව උදාවිය. දින කිහිපයක් ගත වෙද්දී ප්‍රදේශයේ සමාජසේවා ආයතනයකින් මියගිය අයගේ නමට ලිපියක් ලැබිණි. 


එහි සඳහන් වූයේ මියගිය අයට පින් පතා තම ආයතනයේ අවශ්‍යතා සම්පූර්ණ කරදෙන ලෙස කරන ඉල්ලීමකි. 


මම මනුස්සයාගේ තුන් මාසේ දානෙ දෙන්නේ කොහොමද කියලා කල්පනා කරද්දී ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන වැඩක්නේ වුනේ යි මියගිය අයගේ බිරිය ප්‍රකාශ කළාය. විශේෂත්වය වූයේ මේ ආයතනයේ ඉහළ පුටුවක මියගිය අය දන්නා හඳුනන පුද්ගලයකු සිටීමය. 
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) 



අදහස් (0)

වැලේ වැල් නැතුව එලෝ ගියාම නෑයන්ගෙන් වස්තුව ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site