IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


වෙරිපිට දැමූ උපායට සැමියාට තරු පෙනිලා

අවුරුදු සාදයකදී වෙරිවූ සැමියා පොලිසියෙන් බේරීමට කළ උපාය වැරදි ලෙසට වටහාගත් බිරිය ඔහු රෝහල් ගත කිරීමට ගත් උත්සාහයක් නිසා සැමියාට වෙරි සිඳුණු සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.

ඔහු මිතුරෙකුගේ ආරාධනාවකට අනුව සාදයකට ගොස් මත්පැන් පානය කර ඇත. සාදය අවසන්වී මිතුරකු සමඟ යතුරුපැදියකින් නිවසට පැමිණීමට සූදානම් වනවිට මිතුරකු ඔවුන් අමතා මචං පොලිසියෙන් ඉන්නවා පරෙස්සමින් පලයල්ලා කියා ඇත. නෑ මචං අපි පොඩි වැඩක් කළා අවුලක් නෑ. දැන් ගඳ එන්නේ නෑ කියා පිටත්වගොස් ඇත.

පිටුපස සිටි මිතුරා ඔහුගේ නිවසට ඇරලවූ ඔහු නිවසට පැමිණිවිට බිරිය ඉදිරියට පැමිණ මොකද අනේ මේ කරගත්තේ ඇයි ලාම්පුතෙල් බිව්වේ. අරක්කු කියලා වැරදිලා පෙවුණද? කියා ප‍්‍රශ්න කර වෛද්‍යවරයකුට පෙන්වීමට සූදානම් වී ඇත.

නෑ නෑ කලබල වෙන්න එපා. පොඩි උපායක් කළා. මට කරදරයක් නෑ. දොස්තරලට පෙන්වන්නවත් කෑගහන්නවත් එපා. මට කිසිම අමාරුවක් නෑ. කට සේදුවා විතරයි කියා පැවසීම නිසා සැමියා රෝහල් ගත කිරීම අත්හැර දමා ඇත.



අදහස් (0)

වෙරිපිට දැමූ උපායට සැමියාට තරු පෙනිලා

හසිත Wednesday, 23 April 2014 06:52 AM

පොලිසියෙන් බේරෙන්න මෙහෙම ගොන් වැඩක් කරන්න ඕනේද? (නදී)

:       0       0

අසාද් Tuesday, 22 April 2014 08:09 AM

ඌරා අසුචි දැක්කම නොකා ඉඳීද? (නි)

:       0       0

ජිනා Tuesday, 22 April 2014 07:33 AM

අනේ මෙහෙමත් පිස්සු වැඩ? (නි)

:       0       0

ජිලෝ Tuesday, 22 April 2014 07:33 AM

අපේ රටේ මිනිස්සු නිතරම කරන්නේ පිස්සු වැඩ. ගිනි වතුර බීලා බඩ වැල පූච්ච ගන්නවා මදිවට භූමිතෙලුත් බීලා... (නි)

:       0       0

චන්දිමා Tuesday, 22 April 2014 09:14 AM

මෙතන මොලේ තියන කෙනෙකුට ඉන්නේ මේ නිලූ කියන නෝනා විතරයි වගේ .අනේ ඔයාල නොදන්නා දෙයක් තියනවනම් මේ නොනගෙන් අහල දැනුවත් වෙන්ට. (ස)

:       0       0

චන්දිමා Tuesday, 22 April 2014 09:19 AM

ඒ වුණාට අසාද් ල ඌරෝ දැක්කහම දුවනවා. (ස)

:       0       0

ශාන්ති Tuesday, 22 April 2014 10:08 AM

ඒ ඌරනේ අසාද්, මේ මනුස්සයෝ නේද? (ස)

:       0       0

චමින්ද Monday, 21 April 2014 07:24 PM

සෑම් මහත්තයෝ, ඔබතුමා ඉන්න රටේ පේර කොළ හපලා, කොත්තමල්ලි ඇටයක් කාලා පොලිසිය ගොනාට අන්දන්න බැහැ නේද ? දඩුවම උපරිමෙන් ලැබෙනවා නේද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 21 April 2014 07:17 PM

චමින්ද-සෑම්ගේ බහුබූත. ගනන්ගන්න එපා මල්ලි. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 21 April 2014 08:36 PM

අම්මෝ! කරලා තිබෙන මෝඩ වැඩේ! කොහොමද අනේ භූමිතෙල් කටට ගත්තේ? ඔච්චරම පොලිසියට බය නම් නොබී ඉන්න තිබුනනේ. (නි)

:       0       0

ගීත් Tuesday, 22 April 2014 10:59 AM

මතට විතරක් නෙවේ භූමිතෙලටත් තිත. මට නම් හිතෙන විදිහට ලංකාව මත් වතුර පාවිච්චිය අතරින් ලෝකෙන්ම අංක එකට ඇවිල්ල ඇති. (ස)

:       0       0

සෑම් Tuesday, 22 April 2014 01:04 PM

චමින්ද, මම කිව්වේ ලංකාවේදී කරපු දෙයක් මිසක් මෙහෙදී කල දෙයක් නොවේ. ඔබ කියන දේ හරි. මෙහෙ බ්රිත් ටෙස්ට් එකට මොනවා කලත් බොරු කරන්න බැහැ(මුදී)

:       0       0

හේමන්ත Monday, 21 April 2014 01:04 PM

හරක්. පොලිසිය රවටන්න කළ ගොන්කමක මහත! (ස)

:       0       0

සෑම් Monday, 21 April 2014 01:25 PM

මම නම් පේර කොළ ටිකක් හපලා, කොත්තමල්ලි ඇටයක් හපලා ෂේප් වෙනවා. භූමිතෙල් කියන්නේ කට හරියට ගන්න පුළුවන් දෙයක්ද? (ස)

:       0       0

ශාන්ති Tuesday, 22 April 2014 12:06 AM

ඇත්ත නිලූ මොකටද ඔයතරන් වද විදින්නේ නේද ?නොබී හිටියම ඉවරනේ නේද ? (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 21 April 2014 03:39 PM

මොන දේ කලත් බැලුම පුම්බන්න දෙද්දී තමයි වැඩේ මාට්ටු වෙන්නේ.(නදී)

:       0       0

කුෂාන් Monday, 21 April 2014 03:45 PM

මෙවනි දේ කර පොලිසිය රැවටීමට උත්සහ කරනවා නම් එය ඉතා අනුවණ ක්‍රියාවක්. ඒ වගේම තමන්ටම මිනීවල කපා ගැනීමක්. (ස) ,

:       0       0

දමයන්ත Monday, 21 April 2014 04:38 PM

භූමිතෙල් වලින් හෝ මොන දේකින් කට සෝදලා ගියත් බිමත්ව රිය පැදවීමෙන් අවදානමට ලක් වෙන්නේ තමාගේම ජීවිතේ. ඒක බිමත්ව රිය පදවන හැමෝම තේරුම් ගන්න ඕනි. (ස)

:       0       0

රුවන් Monday, 21 April 2014 04:21 PM

භූමිතෙල් පෙවුණා නම් තමයි හොඳ. එහෙනම් පොලිසියට කොහොම වෙතත් යන්න වෙන්නේ රෝහලට. (නි)

:       0       0

රුවන් Monday, 21 April 2014 05:04 PM

භූමිතෙල් පෙව්වා නම් පොලිසියට නෙමෙයි යන්න වෙන්නේ රෝහලට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 156 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 319 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 601 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site