විදේශිකයෙක් කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලකට පැමිණෙනු දුටු එහි සේවයේ යෙදී සිටි ආරක්‍ෂක නිලධාරියා ‘‘ගුඞ් මෝනින් සර්’’ යැයි කීය. ‘‘ගුඞ් මෝර්නින්’’ විදේශිකයා පිළිතුරු දී ‘‘අයි වෝන්ට් ටූ ගෙට් සම් ඉන්ෆොමේෂන්’’ (මට විස්තර ටිකක් දැන ගන්න  ඕනෑ) යැයි පැවසීය. එවිට ආරක්‍ෂක නිලධාරියා, ”සර් ප්ලීස් ගෝටු රිපෙස්ෂන්’’ යැයි කීය.

විදේශිකයාට එය තේරුම් ගත නොහැකි විය. ‘වට්’ (මොකක්* විදේශිකයා විමසීය. එවිට ආරක්‍ෂක නිලධාරියා ‘‘රිපෙස්ෂන්’’ යනුවෙන් නැවතත් කීය. ආරක්‍ෂක නිලධාරියා වචනය වැරැුදියි උච්චාරණය කරන බව දැනගත් විදේශිකයා ‘‘යුවර් ප‍්‍රනවුන්ශියේෂන් ඉස් රෝන්’’ (ඔබගේ උච්චාරණය වැරදියි.) R_E_C_E_P_T_I_O_N රිසෙප්ෂන් යනුවෙන් අකුරුද කියා දෙමින් පැවසීය. පසුව ‘වට් ඉස් ද වර්ඞ්’ ? (වචනය මොකක්ද) යනුවෙන් නැවතත් ඇසීය. ආරක්‍ෂක නිලධාරියා ‘‘රිසෙප්ෂන්’’ යනුවෙන් සෙමින් නිවැරැුදිව උච්චාරණය කළේය.

‘‘කරෙක්ට් වෙරිගුඞ්’’ (නිවැරදියි බොහොම හොඳයි) යැයි පැවසූ විදේශිකයා අමුත්තන් පිළිගන්නා ස්ථානයට ගොස් විස්තර ලබාගෙන නැවත පැමිණියේය. ‘‘නව් ටෙල්මී වට් ඉස් ද වර්ඞ්’’ (දැන් මට කියන්න මොකක්ද වචනේ කියලා) විදේශිකයා විමසීය. ආරක්‍ෂක නිලධාරියා ‘රිසෙප්ෂන්’ යැයි කීය. ”වෙරි ගුඞ් අයෑම් වෙරි හැපී” (බොහොම හොඳයි මට හරි සතුටුයි.) පැවසූ විදේශිකයා තම පොකට්ටුවෙන් ඩොලර් දහයේ නෝට්ටුවක් ගෙන ආරක්‍ෂක නිලධාරියාට දී පිටව ගියේය. ඩොලර් දහයක් යනු රුපියල් 1330ක් පමණ වෙනවා.