(ගම්පොල සුරංග රාජනායක)
කොරෝනා ආසාදිත තරුණයන් සමග සෙල්ෆි ගැසූ සෞඛ්‍ය අංශ සේවකයකුට දින 14 ක් නිරෝධායනය වීමට සිදු වීමේ පුවතක් මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයකින් වාර්තා වෙයි.

එම පළාත් ආයතනය පිහිටි නගරය වෙත පිටින් පැමිණි තිස් පස් දෙනකුගේ කණ්ඩායමක සිටි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම හත් දෙනා ප්‍රතිකාර සඳහා යවා අනෙකුත් පිරිස ස්ථාන දෙකක නිරෝධායනයට යොමු කර තිබේ.
මෙහිදී තරුණයන් පිරිස එක් තැනකත් තරුණියන් පිරිස තවත් ස්ථානයකත් වෙනම නිරෝධායනය කිරිමට ද පියවර ගෙන තිබුණි.
එම පළාත් පාලන ආයතනයේ සෞඛ්‍ය අංශ මගින් එම තරුණියන් සිටි ස්ථානයේ වටපිටාව සඳහා විෂබීජහරණ වැඩපිළිවෙළක් සකස් කර එය තම සේවකයන් දෙදෙනකුට බාර දී උපදෙස් ද ලබා දී ඇත.
ගෝලයන් දෙදෙනා වැඩේ හොඳටම සිදු කර එය තම ප්‍රධානීන්ට පෙන්වීම සඳහා එක් අයකු තරුණියන් සිටි නිවසේ ඇතුළට ගොස් එහි සිටි තරුණියන් 13 දෙනා සමග සෙල්ෆි ඡායාරුපයද රැගෙන ඇත. නැවත තම සේවා ස්ථානය වෙත පැමිණ තමන් වැඩේ හොඳටම කළ බව පවසා එය තහවුරු කිරීම සඳහා ගත් සෙල්ෆි ඡායාරූපද පෙන්වා තිබේ.
වැඩේ බරපතළ තම තේරුණු සෞඛ්‍ය ප්‍රධානීන් වහාම මෙම දෙදෙනා දින 14 ක නිරෝධායනයට ලක් කර තිබේ.
ඔවුන් නිරෝධායනය වන අතරේ එම තරුණියන් සඳහා සිදු කර තිබු පී.සි.ආර්. පරික්ෂණ ප්‍රතිඵල මත තවත් තරුණියන් ආසාදනය වී ඇති බවද තහවුරු වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
102
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩ පෙන්වන්න ගිහින් සෞඛ්‍ය සේවකයා නාගෙන