දූනගහ ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක නිලධාරියකුගේ නිවෙසකට රාත්‍රී කාලයේ පාරේ ගමන් කරමින් සිටි බීමත් පුද්ගලයෙක් පැමිණියේය.
ඔහු පැමිණෙන විට ආරක්ෂක නිලධාරියා නිවෙසේ දොර ජනෙල් වසා දමමින් සිටියේය.

අනේ රාලහාමි මම අපේ මල්ලිගෙ ගෙදර යනවා. පාරෙ හපන බල්ලෙක් ඉන්නවා. මට බේරිලා යන්න පොලු කෑල්ලක් දෙන්නකො.
ආරක්ෂක නිලධාරියා ඔහුට පොලු කැබැල්ලක් දුන්නේය.
හරි රාලහාමි මම යන්නම් බුදු සරණයි. ඔහු යන්නට ගියේය.
ආරක්ෂකයාගේ පවුලේ අයත් නින්දට ගියහ. රාත්‍රියේ බල්ලකු කෑ ගසන හඬ ඇසුනත් ඔවුහු ඒ ගැන නොබැලූහ.
පසුදා අලුයම අවදිව බලද්දී ආරක්ෂකයාගේ නිවසේ බල්ලා කකුලක් කැඩී බිම වැටී සිටියේය.
ආරක්ෂකයා සොයාදුන් පොල්ලෙන්ම බීමත් මිනිසා ආරක්ෂකයාගේ බල්ලාටම පහර දී ඇතැයි පසුව හෙළිවිය.
(දූනගහ බටේපොල විජයසිරි)
2025 දෙසැම්බර් මස 18
59
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
133
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාලහාමිගෙ පොල්ලෙන්ම ගෙදර බල්ලාගේ අණ්ඩ කඩලා