IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රූපවාහිනියේ ඇලුණාට සැමියා පාඩමක් උගන්වලා

(වියලුව වාර්තාකරු)
නිවසේ සියලු වැඩ පසෙක ලා එක පොකුරට පුංචි තිරයේ ටෙලි නාට්‍ය නැරඹීමට පුරුදුවී සිටි බිරියට අමතක නොවන පාඩමක් ඉගැන්වූ සැමියකු පිළිබඳව පුවතකි මේ. 

මැදිවියේ කාන්තාවක් වූ ඇය දෙදරු මවකි. පුංචි තිරයේ ටෙලි නාට්‍යවලට වහ වැටී සිටි ඇය ඒ සියල්ල මග නෑර නැරඹුවේ නිවසේ සියලු කටයුතු අතපසු කරමිනි. හොඳින් නරකින් කුමන ආකාරයකින් ඒ ගැන පහදා දෙන්නට ඇගේ සැමියා කටයුතු කළ ද එකී කිසිවක් ගණන් ගත්තේ ඇය නොවේ.

පසුගිය දිනක කිසියම් අවශ්‍යතාවක් වෙනුවෙන් බිරිය සිය නිවසින් පිටව ගියේ හැකි විගස යළි නිවසට පැමිණෙන බව සැමියාටද දැනුම් දෙමිනි.

බිරිය නිවසින් නොපෙනී යනතෙක් බලා සිටි සැමියා සාලයේ තිබූ රූපවාහිනී යන්ත්‍රය සිය යතුරුපැදියේ ගැට ගසාගෙන පවනට බඳු වේගයෙන් එය පැදගියේ නගරයේ බෝතල් පත්තර වෙළෙඳසලටය.

මුදලාලි මේක ටිකක් පරණයි. හැබැයි හොඳට පේනවා. මෙන්න මේක තියාගෙන කීයක් හරි දෙන්න. ඔහු ඇඟට පතට නොදැනී කියා සිටියේ හිසේ වූ ලොකු බරක් බිම තිබ්බාක් වැනි හැඟීමෙනි.

රුපියල් 4000ට රූපවාහිනිය විකිණූ හෙතෙම බිරියටත් කලින් නිවසට පැමිණ කිසිත් නොවූවාක්සේ සාලයේ ඇලවී සිටියේ දෙන්නට උත්තරයක්ද පිළියෙළ කර ගනිමිනි.

මොහොතක් ගතවෙද්දී නිවසට ගොඩවූ බිරියට දැක ගන්නට ලැබුණේ සාලයේ තිබූ තමාගේ ලොකුම වස්තුව වූ රූපවාහිනී යන්ත්‍රය අතුරුදන්ව තිබූ අයුරකි.

“කෝ අනේ මෙතන තිබුණු ටීවී එක යනුවෙන් ඇය අසද්දී “ආ... ඒක මම එළියට ගියවෙලාවේ හොරු ගෙනිහින්” යැයි ඇඟට පතට නොදැනී කියා සිටියේ මුවගට නැගුණු මඳ සිනහවද යටපත් කර ගනිමිනි.

පැය කීපයක් ගතවෙද්දී සියල්ල දැනගත් බිරිය යක්ෂාවේශයෙන් හැසිරෙන්නටත් හඬා වැළපෙන්නටත් පටන් ගත්තද දින කීපයකට පසුව සියල්ල පහවී ගොස් ඇත.



අදහස් (8)

රූපවාහිනියේ ඇලුණාට සැමියා පාඩමක් උගන්වලා

kris Monday, 20 November 2017 10:50 AM

ටෙලිනාට්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න ගැහැණු ගැන නම් කියලා වැඩක් නැහැ. දවස පුරාවටම වැඩ කරලා හවසට නිවසට එන සැමියාට තේ එකක්වත් හදලා දෙන්නේ නැහැ. හුඟක් වෙලාවට බත් එක බෙදාගෙන කන්න වෙලා තියෙන්නෙත් සැමියාටමයි. මනෝ ලෝකෙක ජීවත් වෙන්නේ.. මෙවැනි ගෙදරක පාසල් යන වයසේ ළමයි ඉන්නවා නම් එයාලට දෙයියන්ගේම පිහිටයි.

:       1       228

දාවිත්Tuesday, 21 November 2017 08:31 AM

දැං ගෙදර උන්දෑ වටේ ගෙවල් වලට යන්න ගනී. එතකොට 50000ට විතර අලුත් ටීවි එකක් ගෙන්න වෙයි...

:       14       20

pakeer Monday, 20 November 2017 11:42 AM

අපේ ගෙදර අන්තිමට TV එකක් තිබුණේ 1998. මම සහ මගේ ගෙදර අය පුදුම සැහැල්ලුවකින් ඉන්නේ TV නැති නිසා . මට පුදුම සතුටක් තියෙන්නේ. අපි අනුන්ගේ කුණු කන්දල් සහ බේගල් වෙනුවෙන් අපේ කාලය නාස්ති කරන්නේ නැහැ. අපේ ඇසින් අපි ලෝකේ දිහා බලන්නේ. අනුන්ගේ ඇස් වලින් අනුන්ගේ ගොන් මෝල් අදහස් වලට අනුව නෙමෙයි.

:       336       509

gnanapalaThursday, 23 November 2017 09:48 PM

1998 ගෙදරට කොම්පියුටරේ ගත්ත අවුරුද්ද ද ?

:       0       34

Thusha Monday, 20 November 2017 01:04 PM

රූපවාහිනියට නොවෙයි ඕනෑම දේකට ඇබ්බැහි වුණොත් තමයි නැති ප්‍රශ්න ඇතිවෙන්නේ. පමණ දැන පාවිච්චි කරනවා නම් අවුලක් වෙන්නේ නැහැ.

:       2       84

minipe Monday, 20 November 2017 04:43 PM

මේ කතාවත් රුපවාහිනියේ යන කතාවක් වගේ, කුචි කවාගෙන හිනාවෙන්න වෙනවා.

:       425       7

Don Tuesday, 21 November 2017 06:29 AM

වර්තමානයේ හොයාගන්න පුළුවන් හොඳ බිරිඳක් .. එළියට ගියත් හැකි ඉක්මනින් නිවසට එන්න බලන් ඉන්නේ ..සැමියා පොඩ්ඩක් ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න උදවුවක් දුන්න නම් හොඳට පවුල් කන්න තිබුන .දැන් නෝනා වැඩිපුර ගෙදරින් එලියට බහින්න පුළුවන් .. නොහිතපු ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩ දැන් වැඩියි . මම කිවුවේ එක පැත්තකින් කල්පනා කරලා පමණයි ..වර්තමානයේ සමාජයට එලි බහිනවා කියන්නේ අනතුරුදායකයි .. ගැනියෙක්ව දැන් කාලේ ගෙදර තියාගන්න මොන තරම් අමාරුයිද ..

:       55       13

pradeep Thursday, 23 November 2017 06:22 AM

අනික අද තියෙන රූපවාහිනි වැඩසටහන් බලන්නේ කීයෙන් කීදෙනාද ? අනික බලන්න කියල වැදගත් එක දෙයක්වත් තියෙනවද ? ටීවී එක දාපුවෙලාවේ ඉඳන් ගැණු , දරුවෝ , ආච්චිලා , සීයල වෙලදදැන්වීම් වල බොරු පතුරුගහනවා , සිහිනලෝක මවනවා, ලොතරැයි දිනුම් පෙන්වල සුදුවට හුරුකරවනවා , ළමෛන්ට බලන්න කිසිමදෙයක් නැති තරම්.

:       0       124

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site