(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
කෝටි ගණනක දිනුම් ඇදී ඇති බවට රැවටී ත්‍යාග මුදල ලබා ගැනීමට කොළඹ යෑමට පවුලක් රෑ නිදිවරා සූදානම් වී කලබල වූ සිද්ධියක් මහනුවර ගලහ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මැදිවියේ පසුවන මේ ගෙදර ගෘහ මූලිකයා දිනපතා වැඩ නිමවී නිවසට එන අතර ආසන්නයේ ඇති කඩපිලේ ලොතරැයි කූඩුවෙන් ලොතරැයි ගැනීම දින චරියාව කරගෙන සිටියේය.
එසේ ගනු ලබන ටිකට් පත්වල අංක වෙනත් කොළයක ලියාගෙන ලොතරැයි පත පරෙස්සමට අල්මාරියේ තබා රාත්‍රි රූපවාහිනියේ පෙන්වන ලොතරැයි අංක සමග ගලපා දිනුම් ඇතිදැයි පරීක්ෂා කිරීම ඔහුගේ තවත් පුරුද්දකි.
පසුගිය සතියේ දිනකද සුපුරුදු පරිදි ලොතරැයි අංක වෙනත් කොළයක ලියා රූපවාහිනියෙන් දිනුම් අදින අංක නැරඹීමට සැරසෙද්දී නිවසට අසල්වැසියකු පැමිණ ඇති අතර, ඔහු සමග කතා කිරීමට අවශ්‍ය නිසා ඔහු කුඩා දරුවෙකුට අංක ලියා ගන්නා ලෙස පවසා අසල්වැසියා සමග සතුටු සාමිචියේ යෙදී ඇත්තේ අසල් වැසියා ගෙනා මධු විතක්ද තොල ගාමිනි.
අසල්වැසියා ගිය පසු දරුවා විසින් ලොතරැයි අංක ලියූ කඩදාසිය යැයි සිතා තමා විසින් ලොතරැයි පත්වල අංක ලියා ගත් කඩදාසි කැබැල්ල කාමරයට රැගෙන ගොස් අල්මාරියේ ඇති ලොතරැයි පතේ අංක සමග සසඳද්දී අංක සියල්ල හා සලකුණු සියල්ලම ගැලපී ඇති බැවින් ලොතරැයියේ ප්‍රථම ත්‍යාගය දිනා ඇති බවට කෑ ගසා නිවැසියන්ට කියා ඇත. ඉන් පසු නිවසේ සියලු දෙනා හා ළඟම ඥාතීන් කිහිපදෙනෙකු එක්වී පසුදා දිනුම ලබා ගැනීමට යන හැටිත්, ලැබෙන මුදලින් කරනු ලබන දේ හා දරු මුණුබුරන්ට ලබාදෙන මුදල් ප්‍රමාණයද තීරණය කර මුළු රාත්‍රියම නිදිවරා තවත් සැලසුම් සකස් කරමින් පසුවදා උදෑසන කොළඹ යෑමට සූදානම් වූහ.
ඔවුන්ගේ හිතවත්ම පුද්ගලයකුට රාත්‍රි දුරකතන ඇමතුමක් දී කොළඹ යාමට වාහනය උදේම රැගෙන එන ලෙස ද පවසා ඇත. උදෑසන නිවසේ මේසය මත තිබූ දරුවා විසින් දිනුම් අංක ලියූ කොළ කැබැල්ල අතට ගත් මෙම පුද්ගලයාගේ බිරිය නැවත වරක් ලොතරැයි බැලීමේදී අංක නොගැලපෙන නිසා ස්වාමියාට මේ බව පවසා ඇති අතර, රාත්‍රී මධුවිත තොලගෑමෙන් සිදුවූ අකරතැබ්බය තමාට වැටහී කරකියා ගත හැකි දෙයක් නොමැතිව දවස පුරා කාමරයට වී නිදාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාත්‍රියේ ඇදුණු කෝටි ගාණක ලොතරැයිය උදේ පැරදිලා
andare Thursday, 07 January 2021 08:44 AM
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.