
(තලාතුඔය - ටී.එච්. සරත්)
ඔහු ආරක්ෂක අංශයේ නිලධාරියෙකි. ඔහුට මිතුරන් ද රැසකි. ඉකුත් සති අන්ත සවස් යාමයේ ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. එය සමීපතම මිතුරෙකුගෙනි. ඉන් කියවෙන්නේ වහාම කැලෑබද පෙදෙසකට යාමට සූදානම්ව හැකි ඉක්මනින් යතුරුපැදියෙන් පැමිණෙන ලෙසය.
මිතුරාගෙන් ලද ඇමතුම අනුව මිනිත්තු කිහිපයකින් ඔහු සොයා මෙකී මිතුරා ගියේය.
“මගේ යාලුවෙක් කතා කළා, දැන්ම එන්නලු. මිනිහගේ උගුලකට ඉත්තෑවෙක් අහුවෙලා” මිතුරා කීවේය.
“එහෙනම් මගෙන් අරවා බෝතලයක්...”_ අනෙකා කීවේය.
මධුවිත සමග ඉත්තෑ මස් කටගැස්ම ගැන තලු_මරමින් මිතුරෝ දෙදෙනා දුෂ්කර මඟක් ගෙවා අදාළ ස්ථානයට ළඟා වූහ.
ඔවුන් එන මඟ බලමින් සිටි කැලෑබද මිතුරා තමාගේ වගා බිමක් වෙත ඔවුන් රැගෙන ගියේය.
“ඊයේ රෑ තමා අහුවෙලා තියෙන්නේ...”_
“තවම පණ පිටින්ද?”_ අනෙකා ඇසුවේය.
“නෑ... මැරිලා”_ “ම්හ්... ලොකු බඩුවක්...” මිතුරාගේ පිළිතුර විය.
මිය ගොස් සිටි ඉත්තෑවා පොහොර උරයකට දැමුණි. තම කැලෑබද මිත්රයාට මුව නොසෑහෙන සේ ස්තුතිය පළ කළ දෙමිතුරෝ ඉත්තෑ මස්වල රස වනමින් යතුරුපැදියට නැඟ ගත්තේ නිම්හිම් නැති සතුටකිනි.
මඳ අඳුර මැදින් යතුරුපැදිය පවනට බඳු වේගයෙන් ධාවනය වන්නේ පමා වුවහොත් ඉත්තෑ මස් නරක් විය හැකිය යන සිතිවිල්ලෙනි. සුවඳැති රසැති කටගැස්ම සමඟ සැර මත්පැන් ඔවුන්ගේ මනසේ දිස්වේ. මොහොතකින් යතුරුපැදිය ලිස්සා ගොස් පෙරළී ගියේය. දෙමිතුරෝ යතුරුපැදියෙන් මහමඟට විසිවී ඇද වැටුණාහ. පොහොර උරයක දමා තිබූ ඉත්තෑවා ද විසිවී ගියේය.
එහෙත් අවාසනාවකට මෙන් ආරක්ෂක අංශයේ මිත්රයා ඇද වැටුණේ ඉත්තෑවාගේ ඇඟ මතටය. ඔහුගේ බඩ පුරා ඉත්තෑකූරු ඇනී ලේ ගලන්නට විය.
ඉත්තෑවා මහමඟ කානුවකට දමා අනෙකා තම මිත්රයා ද රැගෙන අසළ වූ වෙද මහතකු සොයා ගොස් සිද්ධිය පවසා ප්රතිකාර ලබා ගත්තේය. ආපසු එන ගමනේ කානුවට දැමූ ඉත්තෑවා ගැන විපරම් කිරීමේදී බල්ලෙකු පොහොර උරය ඇදගෙන යනු දක්නට ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යතුරුපැදිය පෙරළී ඉත්තෑ මස් සිහිනය බොඳවෙලා