පවුලක 48 හැවිරිදි මල්ලී හා ඔහුගේ 38 හැවිරිදි බිරිඳ සමග මල්ලීගේ 57 හැවිරිදි අයියාද කුලියාපිටිය පොලිසියට පැමිණ සිටියේ පොලිසියෙන් කැඳවුණු පැමිණිලි විභාගයක් සඳහා නොවේ.
තම බිරිඳ හා අයියා අතර ඇතිව තිබෙන ඇඟැලූම්කමට ඉඩ හසර සලසා දීමට පොලිස් පොතේ ලියා සිය කැමැත්තෙන් තම බිරිඳ තම අයියාට බාර දීමටය. කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක සචිත්‍රා සිරිමාන්න මහත්මිය සිය කාර්යාංශයට පැමිණ මේ ‘තුන් කට්ටුව’ දෙස විමර්ශනාත්මක බැල්මක් හෙලූවාය.
වාඩිවෙන්න - මොකද මේ?
මල්ලී - මේ මගේ විවාහක බිරිඳ මේ මගේම අයියා. මේ දෙන්නා මට හොරෙන් ආදර ඇඟැලූම්කම් පවත්වනවා. මං ඒකට කැමති නෑ. ඒ නිසා මං මගේ කැමැත්තෙන් මගේ බිරිඳ මගේ අයියගෙ භුක්තියට බාරදෙන්නයි ආවෙ පොලිස් පොතේ ලියල.
උප පොලිස් පරීක්ෂකවරිය - එයා තමාගෙ අයිය වුණත් තමාගෙ බිරිඳගෙ අනියම් සැමියානෙ තමා කියන්නෙත් ඒකනෙ. ඉතින් ගෑනියෙක්ව ඇගේ අනියම් සැමියාට බාර දෙන්න පොලිසියට බෑ. ඉස්සර කාලෙ තිබුණනෙ ‘එකගෙයි කෑම’ කියල එකක්. ඔය තුන්දෙනා මනාප නම් ඒකට කිසිම තහංචියක් නෑ (බිරිඳ සිය සැමියා හා ඔහුගේ අයියා හොරැහින් බලා හිනැහෙයි)
උප පොලිස් පරීක්ෂකවරිය - (බිරිඳගෙන්) ඇයි තමා සැමියා එක්ක විරසක
බිරිඳ - එයා බීලා ඇවිල්ලා මට ගහනව.
සැමියා - ඔය බොරු කියන්නෙ මෙයා කියන දේ අහන්නෙ නෑ. මෙයාගෙ කට හොඳ නෑ.
උප පොලිස් පරීක්ෂකවරිය - (අයියාට) තමාගෙ මල්ලිගෙ ඒ කතාව, තමාටත් යම් දවසක පොලිසියට ඇවිල්ල කියන්න සිද්ධ වෙන්න බැරිකමක් නෑ. මේ තමාගෙ මල්ලියි, එයාගෙ බිරිඳයිනෙ. ඉතින් ඇයි ඒ පවුල කඩා ඉහිරවන්නෙ? තමා විවාහ වෙලා නැද්ද
අයියා - කලින් විවාහ වෙලා හිටියෙ දැන් දික්කසාද වෙලා ඉන්නෙ.
උප පොලිස් පරීක්ෂකවරිය - (අයියාට) මේ කාන්තාව තමාගෙ මල්ලිගෙ ලබ්බට තිබ්බ අත, තමාගෙ පුහුලට තියන්නත් බැරිකමක් නෑ. ඒ කෝක වුණත් තමාලගෙ මේ මංගල යෝජනා පොලිස් පොතේ ලියන්න බෑ.
මල්ලීගේ බිරිඳ සමග අයියා නව යුවළක් මෙන් පෙරටුව යද්දී තම බිරිඳ අයියාට දන් දුන් මල්ලී ඒ යුවළ පිටුපසින් බිමට යොමාගත් නෙතින් වතින් යුතුව තවුසකු මෙන් පොලිස් භූමියෙන් මහමගට පිළිපන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලිට අපේ සුබ පැතුම්! (නි)
සංජය, පිටිගල හරි. නියම කතාවක් (නි)
අයියා දික්කසාද වුණේ මොකද කියලා හිතාගන්න පුලුවන් (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
හරිම අවාසනාවක් කවුරුත්ම එකිනෙකාගේ වයස් පිළිබඳ අවධානය යොමු නොකිරිම. (නි)
මල්ලි හොඳ බුද්ධිමතෙක්. අයියාටත් ඔය වගේම පොලීසි යන්න වෙන දවස වැඩි ඈතක නැහැ (නි)
අන්න එහෙම මරාගන්නේ නැතුව තීරණ ගන්න තියෙන්නේ. වියදමත් අඩුයි. ඇඟටත් ගුණයි (නි)
ඔන්න ඕක තමයි කියන්නේජඅවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගන්න කියලා අයියා අමාරැවේ වැටුනා මල්ලි ගොඩ ගියා....(රේ)
මෙන්න නියම සහෝදරයෝ! (නි)
එදා වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන කාලා හිටිය සහෝදරයෝ දැන් බිරිදක් බෙදාගන්න බැරුව පොලීසි ගිහින්. (අ)
දීපාල් නිරෝෂ්ගේ අදහසට මම නම් සීයට සීයක් එකඟයි. අත්හැරීම පටන්ගන්න හොඳම තැනක් තමයි ඒ මල්ලිට ලැබිලා තියෙන්නේ. හැබැයි අවබෝධයෙන් කළා නම් විතරයි ඒකෙ ප්‍රතිඵල තියෙන්නේ. (නි)
මල්ලී කපටියා, බිරිඳ ලවා අයියගෙ දේපලවලට වැඩේ දෙන්නයි කල්පනාව. (අ)
මට තියන ප්‍රශ්නේ මේ මල්ලි මේවා කලේ වෙන නංගි කෙනෙක් එක්කන් එන්නද දන්නේ නෑ. ගෙදර රණ්ඩු කලේ මෙයාව එලවා ගන්නද දන්නෙත් නෑ. කොහොම නමුත් වැඩේ කෙරුණා තිතට, මල්ලි ගොඩ. (ර)
තමන්ගේ එක සොයා ගන්න බැරි තරම් අමුඩ ලේන්සු තොගයක් දොර උඩින් තිබුන ගෙදරක්ද කොහෙද මට පේන හැටියට ! (බ)
මල්ලි, ඔයා දික්කසාද නඩුවක් දාලා නිත්‍යානුකූලව වෙන්වෙන්න. අයියා එක්ක හිටියට තවම ඔයාගේ දේපල අයිතිය එයාට. ඔයාට හොඳ විවාහයක් කරගන්න පුළුවන්. මගේ සුබ පැතුම්!(නි)
පුදුම මිනිස්සු ඉන්න රටට මේක. (නි)
නියම නුවණක්කාර මල්ලී කෙනෙක් (නි)
මෙහෙම සිද්ධියක් උනා ටික කාලෙකට කලින් දොඩන්ගොඩ, එතනදි, පොලිස් පොතේ ලියලා අනියම් සැමියත් එක්ක ගිහින් තියෙන්නෙ ආපන ශාලාවකට බුරියානි කා සතුට සමරන්න.නියම සැමියයි දරුවයි ඇඩූ කදුලින් ගෙදර යද්දි..මේ තරම් පිරිහිලා අද සමාජේ. (අ)
පන්සිල් පද කිවුවාට ඒවා රකින්නේ නැති එක තමයි අපෙ සමාජයේ තිබෙන වරද. (නි)
දැන හෝ නොදැන මල්ලී ඒළඹිලා තියෙන්නෙ බුද්ධිමත් තීරණයකට, පුද්ගලයෙකුට යමක් අත හැදරීමෙන් සැපතක් ලබන්න පුළුවන්නම් ඒ සැපත සදාකාලිකයි, යමක් අල්ලගෙන සැපතක් ලබනව නම් ඒ සැපත තාවකාලිකයි. (අ)
මෙහෙමත් දේවල්. (නි)
මේ දෙන්නට අමුඩ ලේන්සු තිබිල නැද්ද දන්නේ නැහැ .. ඕක දොරේ එල්ලලා තිබ්බ නම් තුන්දෙනාට අවුලක් නැතිව එකට ඉන්න තිබුණා (අ)
නියම කතාවක් (නි)
පුදුම මිනිස්සු ... (නි)
වෙලා තියෙන්නේ කියලාවත් කරගන්න බැරි දෙයක්. (ර)
නියම කතාව උප පොලිස් තුමියගේ "උපමාව ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන්න බැරි නැහැ . හිනා හිනා හිනාආ ....
දීපාල් නිරෝෂ් පමණකි අර්ථවත් දෙයක් පවසා ඇත්තේ. ඒත් සියයට 99 කටම ඒ දේ පැහැදිලි නොවේ. (අ)
එක හැළියේ බත් කන්නේ , එක පැදුරේ නිදියන්නේ , අයියා මල්ලි වාගේ... කියලා දෙන්නම එක ගෙදර ජීවත්වන්නට තිබුනානේ. (නි)
මම කියන්න හදපු දේ සංජය කියලා තියෙන්නේ. එ්ක තමයි විසඳුම. මෝඩ ගැනියෙක් දෙන්නගෙන්ම බඩපුරා කන්න තිබුනා නේ මොලේ පාවිච්චි කළා නම්. (බ)
මල්ලි පොලිසියට ගොස් අයියාට බිරිඳ පවරා දුන්නට , නීතියෙන් වෙන්වෙලා නෙහැ , ඉඳ හිට අවශ්‍ය වෙලාවට ඕනේ එපා කම ඉල්ලා යන්න පුළුවන් නිසා වෙන්න පුළුවන් (බ)
පොලිසියේ රස්තියාදු නොවී එක ගෙයි කන්න. (ස)
අයියාට දෙන්න තියන ඉහළම දඬුවම තමයි මල්ලි දීලා තියෙන්නේ (නි)
මල්ලි අවස්ථාවක් ලබා ගත්ත වෙන්න බැරිද ? (බ)
මට මතක් වන්නේ ඉස්සර පන්සලේ බුද්දාගම ඉගෙන ගන්න කාලේ අැසු කතාවක් , තම බිරිය දන් දුන් තම ළමයින් දන් දුන් රජකු ගැන , මෙම මල්ලිත් අපරාධ සිතක් ඇති නොකර තම අයියාට තම බිරිඳ බාර දීම මෙත් සිතින් කලා වන්නට පුළුවන් , සමහරු බිරිඳත් මරා අයියාත් මරා දැමීමට පෙළඹෙන ලෝකයක , මෙම මල්ලි ඒ සියල්ලන්ට ආදර්ශයක් ....(රේ)
මල්ලී නම් බේරුනා... (නි)