(තිහගොඩ - උපසේන ලියනගම)
යෝජිත මනාලියක ළාබාල තරුණියක කළ ජායාරූප ශාලා හිමියකුට යෝජිත මනාලයා දැඩි ලෙස චෝදනා කිරීමේ අපුරු පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ සබරගමුව පළාතේ උප නගරයකිනි.

මේ යෝජිත මනාලිය එතරම් හැඩ කාරියක නොවූ අතර වියපත් බව නිසා මුහුණ රැළි වැටී කොණ්ඩය ද තඹ පැහැගෙන තිබිණ.
ඇය මේ පිළිබඳව පළකළ දැන්වීමකට ප්‍රතිචාර දැක් වූ උතුරු මැද පළාතේ තරුණයකු දන්වා තිබූණේ සියලු තොරතුරු සමඟ ජායාරූපයක්ද එවන ලෙසටය.
තම තත්වය තේරුම් ගෙන සිටි ඇය තමා හඳුණන ඡායාරූප ශාලාවකට ගොස් තමාගේ වියපත් බව මැකෙන ලෙස සේයාරුවක් ලබා දෙන ලෙස කියා වැඩි මුදලක්ද ගෙවූවාය.
සේයාරුව ලද තරුණයා යෝජිත මනාලිය දැකීමට ආවේ බලවත් සතුටකිනි. එහෙත් ඇගේ සෑබෑ ස්වරූපය දුටු ඔහුට දෙවියන් සිහිවිය.
එහෙත් ඒ ගැන නොකී ඔහු ජායාරූපය ගත් ස්ථානය ගැන අසා එහිවිත් ‘‘මල්ලි මේ වගේ බලු වැඩ කරන්න එපා. මම දුර ඉඳල ආවේ දාස් ගාණක් වියදම් කරගෙන’’ කියමින් ඇගේ සේයාරුව පෙන්වා චෝදනා කළවිට ඡායාරූප හිමි තරුණයාට තරු පෙනුණාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතර, තිහගොඩ උපසේන සබරගමුවේ අයට අපහාස කරන බවක් පේනවා...