IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මනාලයා මඟ: මනාලිය මඟුල් ඇඳුමින් පෙම්වතා තුරුළෙ

මනමාලයා මග එද්දී මංගල ඇඳුම පිටින්ම පැනගිය මනමාලිය ඇගේ පෙම්වතා සමග විවාහ වූ පුවතක් නගරයට ආසන්න ගමකින් වර්තාවේ. සිද්ධිය මෙසේය.

ඇය ගමේ සිටි රූමත් තරුණියකි. නගරයේ පාසලක අධ්‍යාපනය හැදෑරු ඇයට විශ්වවිද්‍යාලයට යාමට සුදුසුකම් නැතිවූ බැවින් රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවසේ සිටියාය. පාසල් අවදියේ සිට ඇයට පෙම්වතෙක් සිටී.

නමුත් ඇගේ මාපියන් ඔහුට අකමැති වුණේ කුලයේ පොඩි අඩුවක් නිසාය. එහෙත් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය ස්ථිර එකක් විය. කුමන බාධක ආවත් වෙනස් නොවන බවට ඔවුහු ගිවිසගෙන සිටියහ. මේ අතර ඇගේ මාපියන් මඟුල් කපුවෙකු මාර්ගයෙන් විවාහ යෝජනාවක් ගෙනාවේ ඇය පෙම්වතාගෙන් වෙනස් කර ගැනීම සඳහාය. ගෙවල් දොරවල් බැලීම ආදී චාරිත්‍ර වලින් පසු මංගල්‍යයට දින නියම විය.

මේ තොරතුරු සියල්ල පෙම්වතාට දන්වා ඔවුන්ගේ සැලැස්ම සූදානම් කෙරිණි. මඟුල් දිනයේ මනාලිය ඇන්දවීමට බාරගෙන තිබුණේ අසල නිවසක තරුණියකි. නියමිත වේලාවට එහි ගිය තරුණිය මංගල ඇඳුමින් සැරසී රහසේම හදිසි දුරකතන ඇමතුමක් ගත්තාය. තමාගේ අත්බෑගය ගැනීමට කියා පාරේ නවතා තිබූ මෝටර් රථය ළඟට ගියා පමණි.

වේගයෙන් එහි පැමිණි යතුරුපැදියට නැග ගත් ඇය අතුරුදන් විය. ඇය සමග පැමිණි යෙහෙළියෝ දෙදෙනා සිද්ධිය ඇගේ මාපියන්ට දැන්වූහ. මේ බව මගදීම ආරංචි වු නිසා මනමාලයා සහ පිරිස ආපසු ගියේ දෙස් දෙවොල් තබමින්ලු. ඉන්පසුව ගෙදරට ලැබුණු ඇමතුමකින් පැවසූයේ ඔවුන් විවාහ වූ බවත් යෝජිත මනමාලයා මධුවිතට ඇබ්බැහි වී ඇති නිසා තම පෙම්වතා ඇය බේරාගත් බවය. සොයා බැලීමේ දී අනාවරණය වී ඇත්තේ ඔහු සියලු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු වන අතර කපුවාට බඩපුරා බැණුම් ඇසීමට සිදු වූ බවත්ය.

 

(බළන්ගොඩ නන්දසේන පිනිදියආරච්චි)



අදහස් (0)

මනාලයා මඟ: මනාලිය මඟුල් ඇඳුමින් පෙම්වතා තුරුළෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site