”සිඟාලෝවාද සූත‍්‍රයේ සඳහන් වෙනවා දරුවන්ගෙන් මවුපියන්ට ඉටුවිය යුතුකම් හා මවුපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම්. ඒ දෙකම පැහැර හරිමින් ඔබ දෙදෙනා උඩ බලාගෙන කෙළගසා ගැනීම ලැජ්ජාවට කරුණක් යැයි” බණ්ඩාරගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.ඒ.ආර්. කරුණාරත්න මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ බණ්ඩාරගම බොල්ගොඩ එකම නිවසක පදිංචි වයස අවුරුදු 52ක මවක් හා වයස අවුරුදු 25ක දියණියක් අතර මුදල් ආරවුලක් සම්බන්ධයෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමේන් අනතුරුව දෙදෙනාම නිල කාමරයට කැඳවා පැමිණිල්ල විභාග කරමිනි.
දියණියගේ කරුණු සාවධානව අසා සිටි ස්ථානාධිපති වයස කීයදැයි විමසීය. වයස අවුරුදු විසිපහක් බව ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මව ද කාමරයට ගෙන්වා කරුණු විමසීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
අනතුරුව දියණිය දෙසට හැරුණු වැඩබලන ස්ථානාධිපති, අම්මා කෙනෙක් දරුවෙක්ගේ අතක් පයක් නොකඩා ලොකු මහත් කිරීමට පුදුමාකාර කැප කිරීමක් කරනවා. ඒ බව තමන්ට නොතේරෙන්න විදියක් නැහැ. තමනුත් වයස අවුරුදු පහක දියණියකගේ මවක්. කවදා හෝ තමාගේ ඔය කුඩා දියණිය ලොකු මහත් වී තමන්ටත් ඔය ලෙස වෙනස් කම් කළොත් සිතට දැනෙන සිතුවිලි කෙබඳු ද? එම නිසා දස මසක් කුස හොවා ලේ කිරි කර පොවා ඇති දැඩි කළ මෑණියන්ට එකට එක කරන්න යන්න එපා. බුද්ධිමත්ව වගේම ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමට මේ මොහොතේ සිට හෝ සිතට ගන්න.
මව දෙසට හැරුණු ස්ථානාධිපති තමන් දියණියට වඩා මුහුකුරා ගිය අත්දැකීම් ඇති ගැහැනික්. තමන් මේ ගැටුම් ඇති කර ගන්නේ තමන්ගේ ලේ වලින් ඇති දැඩි වුණු දියණියත් සමගයි. මිනිසත් බව ලබා තිරිසනුන් මෙන් හැසිරීම මිනිසත් බවටත් ලැජ්ජයි. ආයෙත් මේ වගේ වෛරක්කාරයෝ ලෙස හැසිරී ජීවිතයක් නැති වුණාට පසු පොලිසියට දොස් කියන්න එපා.
දෙදෙනාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා.
මවට ලොකු දියණියත් ඇප වූ අතර දියණියට ඇයගේ ස්වාමි පුරුෂයා ඇප වීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරීමට ස්ථානාධිපති නියෝග කළේ යළි අධිකරණයට පැමිණිමට නියමිත දිනය ද දන්වන ලෙස සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට පවසමිනි.
COMMENTS
පොලිස් නිලධාරියාගේ උපදෙසට ගරු කරමි. (ස)
වරුණ වගේ අය ඉන්නකන් අපේ රට ගොඩ ගන්න බැහැ. ගෙදර ප්‍රස්න බලන්නෙත් ආණ්ඩුව කල දේවල් කියා. අම්මල දුල මුදලට තමන්ගේ කම අමතක කලාට ආණ්ඩුව පලිද ? නැහැ අපි හැදුනොත් අපේ රට ඉබේම හැදෙනවා.(නදී)
හොඳ පොලිස් නිලධාරියක් හැබැයි ඔය වගේ දේවල් ලොකුවට හිතන්න එපා (අ)
අපේ ගෙවල් වල පවුල් වල ඇති වන සෑම ප්‍රශ්නයක්ම ආශ්චර්යය පිට දාලා ආණ්ඩුවට බැන බැන ඉන්න එක පිරිහුණු මිනිසුන්ගේ ලක්ෂණයක් කියලයි මට නම් හිතෙන්නේ. අපේ ප්‍රශ්න අපිම විසඳා ගන්නෙ නැතුව ආණ්ඩුවෙන් විසඳලා දෙනකල් බලා ඉන්න එකත් දැන් කලාවක් වෙලා. වරුණලා ගැන අපි අනුකම්පා කළ යුතුයි. (නි)
ඕකෙන් තේරුම් ගන්න පුළුවන් එක දෙයයි අස්චාර්ය එක්කම රටේ මිනිස්සු දරුවන් දෙමව්පියන් අතර බෙදීම් පිරිහිලා තාත්ත දුවව අදුනන්නේ නැහැ අයිය, නංගිව අදුනන්නේ නැහැ. සල්ලිවලට මිනි මරා ගන්න යුගයක් මේක. මට නම් මේවා දැක්කම කණගාටුවක් එන්නේ. රටේ පවතින දේශපාලන ක්‍රමය හා පාලකයන් මේවට වග කිව යුතුයි.(නදී)
කෝ කෝ අපේ සේනාව? (නි)
ආදර්ශවත් පොලිස් නිලදාරියෙක්.(ස)
සාලිය, සේනාව අශෝක මාලා ව හොයාගෙන ගිහින්. ඔයාටත් ගියොත් මොනවහරි කරගන්න පුළුවන්. (නදී)
මේ දෙන්නම මහා නැහැදීච්ච අම්මෙකුයි දුවකුයි වගේ. මොනතරම් මුදල් ප්‍රශ්න තිබුනත් පොදුවේ ගත්තොත් අපේ සමාජයේ පවුල් අභ්‍යන්තරයේ අම්මලා දුලා අතර අතරේ ගුටි ගසා ගැනීම් ඇතිවෙන්නේ නැහැ මුදල් බෙදා ගන්න. (නි)
අනේ අපොයි මෙහෙමත් නාටක (නි)
වරුණ නිකම් මෝඩයෙක් වගේ හැම දෙයකටම දේශපාලනය , ආශ්චර්ය ගාවගෙන අදහස් දමන්න එපා. සමහර මිනිස්සුන්ගේ තියන අශිලාචාර ගති වලට රජයකට, දේශපාලන දර්ශනයකට සමාන කරලා දොස් කියන්න තරම් කුහකයෙකු වීම ගැන ඔබ ඔබ කෙරෙහිම කණගාටු විය යුතුය.(නදී)