(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
එකමග ගිය යෙහෙළියට සැමියා ලව්වා දුන් ගමන් පහසුව නොමග ගොස් තිබූ අයුරු කෑම පාර්සලයෙන් මාට්ටු වූ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. යෙහෙළියන් දෙදෙනාම එකම ගමේය. නිවාස පිහිටා තිබුණේ ද එක ළඟමය. හොඳටම වැඩි වුණොත් හෝල්ට් එකක දුරය.
දෙදෙනාම සේවය කළේ ද එකම කාර්යාලයේය. එක ළඟය. එකම විෂය සමසේ බෙදා හදා ගෙනය. සේවයට පැමිණියේ ද දෙදෙනා එකටය. බොහෝ වෙලාවට බස් රථයෙනි. සැමියන් සමග ඉදහිට යතුරු පැදිවලින් පැමිණුනු අවස්ථා නැත්තේද නොවේ. මේ නිසාම ඔවුන් දෙදෙනා අතර යහළුකමට වඩා සහෝදර බැදීමක් ග�ොඩනැගී තිබිණ.
මේ යෙහෙළියන් දෙදෙනාගෙන් එක් අයකුගේ සැමියා රටය. අනෙක් යෙහෙළියගේ සැමියා නගරයේ වෙළෙඳ සලක හිමිකරුය. කාලය කෙමෙන් ගිවී ගියේය. මේ යෙහෙළියන් දෙදෙනාගෙන් නගරයේ වෙළඳ සලක් පවත්වාගෙන යන සැමියා ම ෝටර් රථයක් මිල දී ගත්තේය. ඒ තමාට නගරයේ වෙළඳ සලට යාමටත් ඒ සමගම සිය බිරිය කිසිදු කරදරයකින් තොරව කාර්යාලයට ගෙන යාමත් ගෙන ඒමත් සිදු කිරීමට හැකියාව ඇති හෙයිනි. සිය ම ෝටර් රථයෙන් යෙහෙළිය ද තමා සමගම කාර්යාලයට රැගෙන යාමට මෙන්ම කාර්යාලයෙන් නිවස කරා ගෙන ඒමට ද අනෙක් යෙහෙළිය අමතක නොකළාය.
එදා දිවා ආහාරයෙන් පසුව ම ෝටර් රථය හිමි යෙහෙළියට හිසේ ඇම්ම උණ ගතිය ඇතිවූ හෙයින් ඇය සිය සැමියා ම ෝටර් රථයෙන් කැඳවූවේ වරු නිවාඩුවක් ද දමමිනි. සැමියා සිය ව්‍යාපාරික ස්ථානයේ යම් කටයුත්තක නිරත වූ හෙයින් ඇයට ම ෝටර් රථයේ වේලාවක් රැඳී සිටීමට සිදුවූවාය. තමාගේ ගතට ඇති වූ තෙහෙට්ටුව මග හරවා ලීමට ඇය ම ෝටර් රථයේ පසු පස ආසනයට ගියේ අතපය දිග හැර ලද නිමේෂයෙන් කෙටි විවේකයක් ලබා ගැනීමටය.
ඒ නිසාම සිය අත් බෑගය ම ෝටර් රථයේ පිටුපස තැබීමට ගිය ඇයට කෑම පාර්සලයක් තිබෙනු දක්නට ලැබුණි. මේ කෑම පාර්සලය සිය යෙහෙළිය එදින දහවල් කෑමට ගෙනා පාර්සලයට සමාන වූ එකක් වූ නිසාම ඇයට මේ පාර්සලය ලිහා බලන්නට සිත් වූවාය. ඒ කාරණා දෙකක් නිසාය. එකක් මෑතක සිට සිය සැමියා නිවසේ සාදන කෑම දිවා ආහාරය සඳහා නොගෙන ඒම පළමු වැන්නය. සිය යෙහෙළිය දහවල් කෑමට ගෙනා කෑම පාර්සලයට මේ කෑම පාර්සලය ද සමානවීම නිසා දෙවැන්නය.
ඒ සාධාරණ සැක අනුව කෑම පාර්සලය ලිහා බැලූ ඇයට දක්නට ලැබුණේ යෙහෙළිය එදින දිවා ආහාරයට ගෙනා කෑම වර්ග සියල්ලම මේ පාර්සලයේ තිබීමය. වෙනසකට තිබුණේ යෙහෙළිය ගෙනා කෑම පාර්සලයේ එක බිත්තරයක් වෙනුවට මෙහි බිත්තර දෙකක් තිබීමය. මෙය ඇය රහසක්සේ රැක්කේය. සිය ම ෝටර් රථයෙන් යෙහෙළිය සමග යෑමේ දී ඇය බොහෝම සීරුමාරුවට සැමියාත් යෙහෙළියත් දෙස නිරීක්ෂණාත්මක පරීක්ෂණයක නිරත වූවාය.
ම ෝටර් රථය ඇතුලේ තිබූ කණ්ණාඩියෙන් සැමියාත් යෙහෙළියගේත් සරාගී බැල්මවල් ඇයට මීටර් වූයේ එහිදීය.. ඒ විතරක්ම නොව යහෙළිය කාර්යාලය ඉදිරිපිටින් බැසීමට ඔන්න මෙන්න කියා තිබිය දී සිය අත් බෑගය විවෘත කර කෑම පාර්සලයක් ම ෝටර් රථයේ පිටුපස කාටත් හොරෙන් දමනු ද ඇයට නිරීක්ෂණය වූවාය.
සැමියාගේත් යෙහෙළියගේත් අනියම් සබඳතාව තමා නොදැන ගත්ත ද කාර්යාලයේම ප්‍රසිද්ධ රහසක් වී ඇති බවට ඇයට ඒ සම්බන්ධයෙන් සෙවීමේ දී දැනගන්නට ලැබුණාය. සිය යෙහෙළිය කළ මේ උදව්වට ස්තූති කරමින් ලිපියක් ලියා ඇය වෙනත් සේවා ස්ථානයකට මාරුවී ගියේ සැමියාට නගරයේ වෙළඳසලට ම ෝටර් රථයෙන් ඒමද තහනම් කරමින්ය. ඒ විතරක්ම නොවේ යළිත් සිය යෙහෙළිය සමග අයුතු සම්බන්ධතාවක් පැවැත්තුවහොත් කසාදය ද කටුගා දමන බවට සිය සැමියා ද දැනුම්වත් කරමිනි.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිතුරියගේත් සැමියාගේත් පෙම් රැඟුම කෑම පාර්සලයෙන් හෙළිවෙලා
රත්නායක Saturday, 21 August 2021 05:01 AM
ඉවසිමේ ගුණාංගය ප්‍රගුණ කල බුද්ධිමත් කාන්තාවක්. සැමියගේ දුරකථනය පරික්ශා කර මිනිමරාගන්නා බිරිඳන් බහුල සමාජයේ යෙහෙළියට හා සැමියාට නොකව්ට් වෙන්නම බුද්ධිමත්ව ක්‍රියාත්මක විම ආදර්ශමත්.