(හංසිකා සමරදිවාකර)
නිවුන් දරුවන් තිදෙනා හදාවඩා ගැනීමට ජනාධිපති අරමුදලින් ලැබුණු රුපියල් ලක්ෂ 10ක මුදලින් සුඛෝපභෝගී වාහනයක් ගෙන දරුවන් ද ඊට ගොඩකරවාගෙන ගම වටේ රවුම් ගැසූ පුද්ගලයකු පිළිබඳ පුවතක් රජරට ඈත ගමකින් වාර්තා විය.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු ආරක්‍ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකි. සිය බිරිය පසුගිය දිනෙක දරුවන් තිදෙනකු බිහි කළාය. රජයේ සේවකයකු වූ ඔහුට ද දරුවන් තිදෙනකු හදා වඩා ගැනීම තරමක් දුෂ්කර විය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළේය. ඒ අනුව ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබිණි.
ඒ මුදලින් මෝටර් රථයක් ගත් මොහු උජාරුවෙන් ගම වටේ යන අයුරු දුටු ගැමියන් මේවාට දෙයියෝ සාක්කි නොකියා වෙන මොනවා කියන්න දැයි තමන්ගෙන්ම ප්‍රශ්න කරනවාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජරට ඈත ගම පොලොන්නරුවද?
ලක්‍ෂ 10ණ පුලුවන්ද සුඛෝපභෝගී වාහනයක් තියා බරකරත්තයක් වත් ගන්න , ඔන්න ත්‍රීවිල් එකක් ගත්ත කිවනම් පිළිගන්න තිබ්බා
මේ ළමයි බිරිදි ක්ලිනික් එක්කන් යන්නයි බෙහෙත් ගෙන්න යන්නයි ළදරු පාසල් යවන්නයි පාසල් යවන්නයි වාහනයක් නැතිව බැහැ ඒ මනුස්සය කරපු දේ හරි
ඕක මොකක්ද. එතරම් ලොකු දෙයක් නොවේ. පහුගිය දවස්වල තිබුනේ සමහර කට්ටියට පවුල් පිටින් රට සවාරි යන්න ඔය අරමුදලින් වියදම් කාලය කියලා. හැබැයි ඉතින් දුප්පත් උදවියට දීලා තිබුනේ සොච්චමක්. " ඇත්තෝ කති බොති .නැත්තෝ ලේවකති"