(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
දකුණු පළාතේ වෙරළාසන්න නගරයක බස් නැවතුම් පොළින් කන්ද උඩරට බලා පිටත් වූ සුඛෝපභෝගී බස් රථයක කොන්දොස්තරවරයෙකු සිදු කළ මිනිස්කමට නිගාදෙන කතා පුවතකි මේ.
දකුණු වෙරළට ආසන්න බස් නැවතුමෙන් ඉකුත් 22 වැනි දින දහවල් 1.00න් පසු මෙම බස් රථය ගමන් ආරම්භ කෙරුණි. ඒ මොහොත වන විටත් බස් නැවතුම් පොළෙහි ජනතාව දැඩි කලබලයෙන් යුතුව බස් රථවලට නඟින්නට හා බැස යන්නට විය. එයට හේතු වූයේ කොළඹ හා මඩකළපුව ප්‍රදේශවලදී සිදු වූ බිහිසුණු බෝම්බ පිපිරීමයි. සරසවි අධ්‍යාපනය ලබන සිය දියණිය බස් රථයට නංවා පියා ටික දුරක් යනවිට සියලුම විශ්වවිද්‍යාල වසා දැමූ බව දැනගන්නට ලැබුණි. ඔහු වහාම බස් නැවතුම්පොළට පැමිණිය ද බසය පිටත් වී ගොස් තිබුණි. දියණියගේ දුරකතනයට ඇමතුමක් ගත් පියා විශ්වවිද්‍යාලවලට නිවාඩු දී ඇති බැවින් බස් රථයෙන් බසින ලෙසට දැනුම් දුන්නේය. ඒ වනවිට බස්රථය නගරය පසු කළා පමණි. පියා ද සිය මෝටර් රථයෙන් බසය පසුපස හඹා ගොස් දියණිය බස් රථයෙන් බස්සවා ගැනීමට සූදානම් විය. එවිට බස් රථයේ කොන්දොස්තර මහතා පවසා සිටියේ ගමනාන්තය දක්වාම ගමන් ගාස්තුව වන රුපියල් නවසියයක මුදල අවශ්‍ය බවයි. දියණිය ගමන් කර තිබුණේ කිලෝමීටර් තුනක් පමණි. මුදලට වඩා තම දියණියගේ ආරක්‍ෂාව ගැන සිතූ පියා රුපියල් නවසියයක් ලබා දී දියණිය බසයෙන් බස්සවාගෙන නිවස කරා ගියේය. නමුත් රට තුළ යම් ව්‍යසනයක හා කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබූ අවස්ථාවක මිනිස්කම තුට්ටුවකට මායිම් නොකර මුදල් පමණක් ගැන සිතූ කොන්දොස්තරවරයාගේ ක්‍රියා කලාපය බස් රථයේ සිටි බොහෝ පිරිසකගේ දැඩි දෝෂදර්ශනයට හා පිළිකුලට ලක්විය.
COMMENTS
මේ අය තමා මහා ප්‍රගතිශීලි මාෆියා ගැමුණුගේ බස්කර්මාන්තයේ තරම රටේ ඕනෑම ව්‍යවසනකාරි අවස්ථාවලදී ජනතාවට සේවාවන් අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී අසරණ මහජනයා සූරාකෑම මොවුන්ගේ එකම පරමාර්ථයයි.
ඔතන වෙන පැත්තකුත් තිබෙනවා. බසය සීට් වල හිඳගෙන යාමට පමණක් සහ සීට් පිරුණු පසු වහාම ගමන් අරඹන බස් රථයක් නම් අතරමගදී නවත් වන්නේද නැත්නම් එක් මඟියෙක් හෝ ගමන්කරනා අතරතුර බැස්සොත් එම සීට් එක නැවත පිරවෙන්නේ නෑ. යම් හෙයකින් සිසුවිය ටිකට් අරගෙන තිබ්බා නම් වෙන්නේ මේ වගේම තත්ත්වයක් තමයි.