IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


බසයේ ටිකට්ටුව ගන්න විරිදුකරුට සල්ලිදීලා

බසයේ ටිකට් කඩන කොන්දොස්තර මහතා යැයි සිතා බසයට ගොඩවූ විරිදුකරුවකුට ටිකට් ගැනීමට මුදල් දීමේ සිදුවීමක් කොළඹ නගරයේදී සිදුවිය.

සිද්ධිය මෙසේය. මෙම තැනැත්තිය විදේශීය කාන්තාවකි.

ඇය කොළඹ නගරයෙන් බස් රථයකට ගොඩවූයේ නාරාහේන්පිට යෑමටය. බස් රථයට ගොඩවූ ඇය ටික වේලාවක් එහි වාඩිවී සිටියේය. ඒ වනවිටත් බසයේ මගීන් පිරිසක් වූහ. රථයේ ගමන් වාරයට තව සුළු වේලාවක්ද තිබුණි.

ඔය අතරතුර අර කාන්තාවද විරිදුකරුවාට රුපියල් විස්සක මුදල් නෝට්ටුවක් ලබා දුන්නාය. විරිදුකරුවා සුදු නෝනාට හොඳ විරුදු පදයක් කියන්නට විය. ටික වේලාවකින් විදුරුකරුවා බසයේ පිටුපස දොරින් බැස ගියේය.

සුදු නෝනා වට පිට බලමින් ළඟ සිටි කාන්තාව දෙස බලා ”නෝ ටිකට් නෝ ටිකට්” යැයි පවසන්නට වූවාය. එහෙත් ඇය තමන්ට හරි හැටි ඉංග‍්‍රීසි නොතේරෙන නිසා යාබද අසුනක සිටි පුද්ගලයකුට මේ සිදුවීම ඇසී හෙතෙම අසලට පැමිණ සුදු නෝනා මේ කියන්නේ කුමක්දැයි විමසීය.

පසුව සුදු නෝනා තමන් මුදල් දුන්නේ බස් රථයේ ටිකට් පත ලබා ගැනීමට බව අර පුද්ගලයාට කීවාය. ළඟ සිටි සියලූ දෙනාටම කාරණය වැටහුණි. බසයේ සිටි පුද්ගලයකු හනිකට බස් රථයෙන් බැස අසල බස් රථයක සිටි විරිදුකරු කැඳවාගෙන ඇවිත් කාරණා තේරුම් කරදී ඔහු අතින් අර රුපියල් විස්සේ නෝට්ටුව නැවත සුදු නෝනාට ලබා දුන්නේ ගැටලූ සමථයකට පත්කර ගනිමිනි.



අදහස් (0)

බසයේ ටිකට්ටුව ගන්න විරිදුකරුට සල්ලිදීලා

නිමල් Friday, 26 June 2015 08:25 PM

අය්යෝ හිඟන සුදු නෝනා කෙනෙක්නෙ. රුපියල් විස්සට මැරෙන්න හදන්නේ. මම හිටියනම් ටිකට් එකක් අරන් දෙනවා. අපරාදේ කියපු විරිඳු ටික මෙහෙම කෙනෙකුට. (ස)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Saturday, 27 June 2015 04:02 PM

ලංකාවට එන යුරෝපීය සංචාරකයන් පොහොසතුන් නොවේ. අවම මුදලින් රටතොට නරඹා සියලු දේවල් විස්තරාත්මකව ඉගෙන, තම සංචාරය නිමකර ආපසු යෑමටයි ඔවුන් එන්නේ.තම රැකියාවෙන් ලබන වැටුපෙන් නිකන් හොරුන්ට සල්ලි දෙන්න එන්නේ නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 26 June 2015 09:11 PM

දුන් දේ සුවඳයි කෑ දේ ගඳයි කියන එක සුදු නෝනා දන්නේ නැතුවද ? නැත්නම් හම විතරක් සුදු වෙලා සුද්දියෙක් උනාද ? නැත්නම් රු 20 වටිනාකම නොදැන දුන් දේ නැවත ගත්තද ? විලි ලැජ්ජයි සුදු නෝනේ (නදී)

:       0       0

ගයාන් දළුවත්තගේ Tuesday, 30 June 2015 05:13 AM

රුපියලක් වුනත් නැති මනුස්සයට ඒක වටිනවා මෙතන කෑගහන උන්ට වඩා (බ)

:       0       0

චමිලා Sunday, 28 June 2015 09:03 PM

මම විරුදු කාරයන්ට කැමති නැහැ. එයාල අපිව බ්ලැක් මේල් කරනවා විරුදුවෙන් . බලෙන් බයගන්නල සල්ලි ගන්නවා (නදී)

:       0       0

සමදරා ආරියදාස Friday, 26 June 2015 10:29 PM

මෙහෙමයි, සුදු නෝනා උනත් දැනගන්න ඕන ලස්සන විරුදු නිකන් අහන්න බැරි බව (නදී)

:       0       0

සමන්ති Saturday, 27 June 2015 12:26 AM

සුදු නෝනට නෙවෙයි කොන්දොස්තර අපිටත් වරදිනවා. හේතුව ඔවුන්ට නිසි ඇඳුමක් නැති නිසා. බොහෝවිට බස්වල ඉන්නේ "ඇහින්දාස් කොන්දොස්තර" ටිකට් ටිකට් කිව්වට ඔහු අත ටිකට් නිකුත් කිරීමට ක්‍රමවේදයක් නැත. ඇඳුම අහිකුන්ටක ජනයාගේ "රිලවාට අන්දන ඇඳුම " වැනි ජම්පර කලිසම ,කනේ කරාබු, ඇහින්දාස් තොප්පිය, කොණ්ඩය රබර් බෑන්ඩ්. අතේ රබර් පටි හෝ නුල් මිටි බැඳලා. (නදී)

:       0       0

රාධා Saturday, 27 June 2015 12:30 AM

මත්තේගොඩ - පිටකොටුව බස් රථයක තලතුනා කොන්දොස්තර් ඉතුරු මුදල් දෙන්නේ කාසිටික මුදල් කොලයේ තබා ඔතලා. හැබැයි කාසි අඩුවෙන් දෙන්නේ. සමහරු ඉතිරි මුදල් ගණන් නොකර බෑගයට දාගන්න බැවිනි. (නදී)

:       0       0

ක්‍රිස් Monday, 29 June 2015 07:51 AM

රූපවතී,එම දෙමළ,සහෝදර පිරිස් අපි ඉන්න රටට ඇවිල්ලා තමන් මව්බිමේ සහ ඉන්දියාවේ විඳි අපා දුක් පවසලා තියනවා.ඉතා සංවේදී පුවත් වලට ඔබගේ වනචාරි නුගත් අදහස් වලින් වලකින ලෙස ඉල්ලා සිටිමි. (බ)

:       0       0

ඩෑම් Saturday, 27 June 2015 06:15 PM

සෑම්,ඔබ නිවැරදියි (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 29 June 2015 01:23 AM

සුදු නෝනා හිතන්න ඇති ලංකාවේ බස් කොන්දොස්තරලා කතාකරන්නේ විරිදුවෙන් කියල.එක වෙන්න ඇති සල්ලි දෙන්න ඇත්තේ.(අ)

:       0       0

චමින්ද Saturday, 27 June 2015 02:52 AM

හිඟන්නට වැඩිය හිඟන්නේක්නේ සුදු නෝනා. රුපියල් 20 ට ආයෙත් විරිදු කාරයාගෙන් සල්ලි ඉල්ලන්න ගියේ. (අ)

:       0       0

සිල්වියා Saturday, 27 June 2015 07:38 PM

ගොඩක් විදේශික මිනිස්සු කැමති අවංකකමට සහ වැඩේ තිබෙන විනිවිදබාවයට. සල්ලි ගත්තා නම් ටිකට් එකක් දෙන්න ඕනෑ. අනික විරිදුකාරයාගේ සහ කොන්දොස්තරගේ වෙනස හඳුනන්න අමාරුයි. දෙන්නම බෙරිහන් දෙනවනේ. (නි)

:       0       0

පියලාල් Sunday, 05 July 2015 06:18 PM

සුදු නෝනා අතේ තිබුණු අන්තිම විස්ස වෙන්න ඇති. නැත්නම් බැංකු කාඩ් එක තමයි දෙන්න වෙන්නෙ කොන්දොස්තරට. (නි)

:       0       0

නිශාන් Sunday, 28 June 2015 12:13 PM

සෑම් මහත්මයා බොහොම හරි (නදී)

:       0       0

ජයසිංහ Sunday, 28 June 2015 01:16 AM

අනේ සමදරා අක්කේ ඔයා ආපු එකනම් කොච්චර හොඳද (නදී)

:       0       0

පහන් Saturday, 27 June 2015 11:04 AM

වටේ හිටියේ නැද්ද කෙනෙක් 20 දෙන්න විමසලා..ඒ රටවල හිගන්නෝ නැහැ බස් රථවල ගොඩ වෙලා ..මේවා දන්නේ නැහැ එයා.. සුදු නෝනා බය වෙලා ..මම කැමතියි විස්සට ..විස්ස කැමති නැහැ මට .. (අ)

:       0       0

සංජය Saturday, 27 June 2015 05:20 AM

ඔයිට වඩා හිඟන්නුන් වටේ හිටපු අය. (ස)

:       0       0

සෙලිනා Saturday, 27 June 2015 11:40 AM

මා සේවය කරන රටෙත් ඒ වගෙයි මහින්ද කිතුල්ගොඩ.., බසය ගමන පටන් ගන්නා තැන ඉදල අවසන් කරන තැනටම ගියත් අතර මගින් බැස්සත් එකම ගාණ තමයි (අ)

:       0       0

සෙලිනා Saturday, 27 June 2015 11:41 AM

අනෙක තමයි සුදු නෝනට දොස් කියන්න බැහැ මොකද එම රටවල හිගන්නන් හෝ සින්දු විරිදු කියා මුදල් එකතු කිරීමට බස් වලට එන්නේ නැති නිසා දෙදෙනාටම දොස් කියන්න බැහැ වැරදිමක්නේ වෙලා තියෙන්නේ (අ)

:       0       0

නාලක Monday, 29 June 2015 10:36 AM

අයියෝ සුදු නෝනා.ලැජ්ජ නෑනේ ආයේ ඒ රුපියල් 20 ගන්න.(හේ)

:       0       0

ක්‍රිස් Sunday, 28 June 2015 03:08 PM

සුද්ද වගේ වැඩ කියන්නේ මම ඉන්න රටෙත් අන්තිම සත්‍යදක්වා මදල් ගණන් බේරනවා අපිට ඒ වගේම අපිත් අන්තිම සතේට ගණන් බලිය යතයි (අ)

:       0       0

සෑම් Saturday, 27 June 2015 07:02 AM

චමින්ද, මෙතන තියෙන්නේ රුපියල් විස්සේ වටිනාකම ගැන වත් ඒක ආපසු ඉල්ලුව ඒක ගැන ලැජ්ජාවක් වත් නොවේ. හිඟන්නෙක් උනත් වංචා නොකරන අය තවම ලංකාවේ ඉතුරුවෙලා ඉන්න ඒක ගැන ආඩම්බර විය යුතුයි. සුද්දෝ බොරු මාන්නක්කාරයෝ වත් මෝඩයෝ වත් නොවේ. කඩයකින් යමක් මිලදී ගෙන ඉතුරු සත පහ දෙනකම් බලා ඉඳලා ඒක අරගන්නා තැනැත්තාම ඊළඟට සැල්වේෂන් ආමි එකට ගිහින් ඩොලර් සීයක් පිනට දෙනවා. තමන් කරන දේ දැනගෙන මුදල් වියදම් කරනවා මිසක් සතයක්වත් "අයාලේ" යවන්නේ නැහැ . (අ)

:       0       0

ආනන්ද Sunday, 28 June 2015 06:52 AM

බස් වලට ගොඩවෙන විරිඳු කාරයෝ මගීන් අපහසු තාවයට පත්වෙන දේවල් විරිඳුවෙන් කියලා සල්ලි මංකොල්ල කෑමක් කරන්නේ. දෙන්න ඕනේම නෑ. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සීෂෙල්ස් Saturday, 27 June 2015 07:31 AM

සුදු නෝනට හිඟන්න කව්ද විරිදු කාරය කව්ද කියල ..තේරුමක් නෑ..අද සමහර කොන්දොස්තරලත් ...හිඟන්නොන්ට වඩා පොඩි වෙනසයි තියෙන්නේ .....ඕකට සුද්දෙක් වෙන්නම ඕන නෑ. ගමේ වයසක අම්ම කෙනෙක් උනත් රැවටෙන්න පුළුවන්....එකට මේ රටේ කොහෙන් නැග්ගත් කොහෙට ගියත් එකම ගාන...ඇතුලට එද්දී රියදුරුතුමා ටිකට් එකත් නිකුත් කරනවා...(ස)

:       0       0

නාරද Sunday, 28 June 2015 07:10 AM

විරිදුකාරයෝ කියන්නෙත් හිඟන්නෝම තමයි. මොකද සින්දු බලෙන් අස්සලා සල්ලි ඉල්ලන එකනේ කරන්නේ.(බ)

:       0       0

සාරා Sunday, 28 June 2015 07:12 AM

බලන කොට උන් ඔක්කොම හිඟන්නෝ (බ)

:       0       0

නිලූ Saturday, 27 June 2015 08:17 AM

පව්! විරිදුකාර මනුස්සයා ගත්ත සල්ලි වලට එයාගේ සේවය සපයලානේ තියෙන්නේ. ගත්ත මුදල් ආපසු දෙන්නත්, දුප්පතා අවංක වීම ගැන සතුටු විය යුතුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

හතුරාගේ කකුල කඩන්න සල්ලි අරන් මිතුරා අන්දවලා
2024 ජුනි මස 19 248 0

හතුරාගේ පාදය හතරට කඩන ලෙසට ලබාගත් කොන්ත්‍රාත්තුව පාදය හතරට තියා එකකටවත් නොකඩා ඊට අදාළ මුදල් ලබාගත් අපූරු පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ නගරයකි


මෝදක ගුලියේ අවුල මීයාගේ පිටින් ගිහින්
2024 ජුනි මස 18 888 0

කුස්සියේ ගෑස් ළිප ළඟ තිබූ මෝදක ගුලියක කොටසක් හේතුවෙන් නිට්ටඹුව ප්‍රදේශයේ නිවෙසක අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරාවුලක් අවසානයේදී මීයකු පිට වරද පැටවීමෙන


ගම කුලප්පු කරපු දුවගෙ බොරුවෙන් පවුලෙම සායම ගිහින්
2024 ජුනි මස 17 1067 0

සිය නිවෙස ආසන්නයේ අතුරු මාර්ගයක තරුණයකු හා රැඳී සිටි යුවතියක අසල්වැසියකු පැමිණෙනු දැක බියට පත්ව කෑ ගැසීම නිසා මුළු ගමම කුලප්පු වූ පුවතක් පිළිබඳව දකුණ


කරුවලේ අත ගෑ ගැහැනිය පිරිමියෙක් වෙලා
2024 ජුනි මස 15 972 0

සිය වැඩට පැමිණි කාන්තාවක් යැයි සිතා පිරිමියකු බදාගෙන ලැජ්ජාවට පත් වූ මුදලාලී කෙනකු පිළිබඳව උතුරු මැද පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේ


කුඩු අල්ලන්න ගිහින් පොලිසිය ඉල්ලන් කාලා
2024 ජුනි මස 15 711 0

මිරිස් කුඩු පැකට්ටුවකින් පොලිස් නිලධාරීන්ගේ ඉහමොළ රත් කළ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. ඔහුට පොලිස් නිලධාරීන් ඇලජික්ය. පොලිස්


සොරාගත් මාලය ගෑනු ගැටයෙන් එළියට
2024 ජුනි මස 15 380 0

අසල්වැසි කාන්තාවක් විසින් සොරා ගන්නා ලද සිය රන්මාලය පොලිසියට නොගොස් උපක්‍රමයකින් ලබාගත් කාන්තාවක පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මාන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3073 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2513 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site