IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බල්ලන් කියා මුට්ටි ගොඩකට පොල්ලෙන් ගහලා

(මාතලේ අධිකරණ සසිරි රණහංස)

මධුවිතට ලොල්වීම හේතුවෙන් බිරිය හා දරුවන් මොහුට හැමදාමත් දැක්වූයේ අයහපත් වූ ප්‍රතිචාරයන්ය. ඉකුත් සිංහල අලුත් අවුරුදු සමයේ ද මධුවිතෙන් මොහු රිසි සේ සප්පායම් වූයේ නිවැසියන්ගෙන් ඒ සඳහා තිබූ තහංචි තරමක් හෝ දුරට ලිහිල්ව තිබූ බැවිනි.

එදිනෙදා කුලියක් මලියක් කර ඉතා අමාරුවෙන් පවුල නඩත්තු කළ මෙම තැනැත්තා ජීවත්වූයේ දුමින් බර පහත් වූ කඳුකරයේ ගමකය.

වෙරි මතින් හෙම්බත් වූ මොහු පසුගිය දිනයන්හි නිවෙසට ආවේ මහ රෑ ජාමයේය. ඒ එන ගමන අතරතුර හමුවන බල්ලන්ගෙන් මොහුට අකරතැබ්බයන්ට මුහුණදීමට සිදු වූ වාර ගණන අපමණය. බල්ලන්ගෙන් බේරීම සඳහා හෙතෙම මුගුරක් අතට ගත්තේ බුරමින් සපා කන්නට එන බල්ලන්ට පහර දෙන්නටය.

පොල්ලෙන් පහර දුන් බල්ලන්ට පහර නොවැදුනත් බල්ලන්ගෙන් බේරී නිවෙසට පැමිණීමට ඔහුට පොල්ල මහෝපකාරී විය. බල්ලන්ගෙන් මිස වෙනත් කිසිවකුගෙන් කරදරයක් නොමැති බව වැටහී ගිය මොහු බල්ලන්ට බැන වදිමින් ගමන් කළ අතර බල්ලන්ගේ රුව පමණක් සිය යටි සිතෙහි තැන්පත් වූ සෙයක් දැනෙන්නට විය.

පිටුපස දොරින් නිවෙසට ඇතුළුවන්නට සිතා ගත් මොහුට දක්නට ලැබුණේ කලුවරේ බලු රංචුවක් නිවෙස පිටුපස මිදුලේ ගුලි ගැහී සිටින අයුරුය. වැරයොදා ඔහු පොල්ලෙන් පහරදුන් අතර එසේ පහර දී තිබුණේ අලුත් අවුරුදු කාලයේ නිවසේ ආහාර පිසීම සඳහා පාවිච්චියට ගත් මැටි මුට්ටිවලටය. මුට්ටිවලට පහර දීමෙන් නැගුණු හඬ නිවසේ අයට පමණක් නොව අසල්වැසියන්ටද ඇසුණේ නිහඬතාව බිඳිමිනි.

 



අදහස් (0)

බල්ලන් කියා මුට්ටි ගොඩකට පොල්ලෙන් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site