IMG-LOGO

2023 ජුනි මස 01 වන බ්‍රහස්පතින්දා


බ්රිඳගේ පොලු පාරට තෙල්ගාවා ගන්න සැමියා අනියම් බ්රිඳ ළඟට ගිහින්

සිය විවාහක බිරිඳගෙන් පොලු පහර කා අනියම් බිරිඳ ලවා තෙල්ගාවා ගත් පුද්ගලයකු සම්බන්ඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ගමක 44 හැවිරිදි දෙදරු පියෙක් සිටී. මොහු කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක වසර 12 ක පමණ කාලයක සිට රැකියාවක් කරයි. මෙම දෙදරු පියා පෞද්ගලික ආයතනයේ සේවය කරන සැමියා හැර ගොස් සිටින එක් දරු මවක සමග වසර පහක පමණ කාලයක සිට අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බව ද වාර්තා වෙයි. 


මෙම අනියම් සම්බන්ධතාව පිළිබඳ විවාහක බිරිඳ දැන ගෙන ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. ඒ දුරකථනයේ තිබූ කෙටි පණිවිඩ කිහිපයකිනි. 


සිය සැමියා අනියම් සම්බන්ධයක් පවත්වනවා යැයි දැන ගත්ත ද බිරිඳ ඒ සම්බන්ධයෙන් සැමියාගෙන් විමසීමට ගියේ ද නැත. පසු ගිය දිනක වැඩට යනබව පවසා වෙනදාට වඩා ලක ලැහැස්ති වී ගිය සැමියා පිළිබඳ බිරිඳට සැකයක් ඇති විය. 


පසුව ඇය දරුවන් දෙදෙනාත් රැගෙන දහවල් කෑගල්ල නගරයේ සිය සැමියා සේවය කරන පෞද්ගලික ආයතනයට ගොස් සැමියා පිළිබඳව විමසීමක් ද කළාය. එහිදී ආයතනයේ සේවය කරන සේවකයකු කාන්තාවට පවසා ඇත්තේ සැමියා එදින වැඩට පැමිණියේ නැති බවත් පෙර දින වැඩ ඇරී නිවසට යන අවස්ථාවේ දී පසුදා නොඑන බව පවසා ගිය බවත්ය.


පසුව කාන්තාව දරුවන් දෙදෙනා සමග නිවසට පැමිණ ඇති බව ද වාර්තා වෙයි. සැමියාද වෙනදා පැමිණෙන වේලාවට නිවසට පැමිණි‍යේය. ඔහු ඇඳුම් ගලවා නා ගැනීමට නිවෙස පිටුපස තිබූ වතුර ටැංකියට ගිය වෙලාවේ දි බිරිඳ දුරකථනය පරීක්ෂා කළාය.
එහිදි ඇයට දැකගත හැකි වි ඇත්තේ අනියම් බිරිඳ සමග මහනුවර වැව අසලදී කරට උඩින් අත දමාගෙන හා හෝටලයකදී අනියම් කාන්තාව යම් කෑමක් සිය සැමියාට කවන අයුරු ගත් සෙල්පි ඡායාරූප කිහිපයකි.


පසුව කාන්තාව සිය සැමියා නාගෙන ගෙට පැමිණීමෙන් පසුව අද ඔයා වැඩට ගියේ නැද්ද? මම ගියා වැඩ කරන තැනට ඔයා සිටියේ නැහැ කොහේද අද හදීසියේම ගියේ යැයි ඇසුවාය. පසුව දෙදරු පියා පැටලි පැටලි බොරු ගොතනවිට කාන්තාව තරමක් ආවේගශීලි වූවාය. දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් වූ අවස්ථාවේ දෙදරු පියා බිරිඳට අතින් පහර එල්ල කර ඇතැයි වාර්තා වෙයි. 


පසුව දරුවන් දෙදෙනාගේ ද හඬා වැළපීම මධ්‍යයේ  බිරිඳ කුස්සියේ තිබු පොල්ලකින් සිය සැමියාගේ පිට හරහා පහර කිහිපයක් එල්ල කළාය. පසුව දෙදරු පියා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී බසයෙන් අනියම් කාන්තාවගේ නිවසට රාත්‍රියේ ගොස් පොලු පහර වැදී ගෙඩි ගැසුණු තැන්වලට තෙල් ගල්වාගත් බවද වාර්තා වෙයි. 
-කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (2)

බ්රිඳගේ පොලු පාරට තෙල්ගාවා ගන්න සැමියා අනියම් බ්රිඳ ළඟට ගිහින්

sampath Saturday, 19 September 2020 02:41 PM

මේ මනුස්සයා ගෙදරට සලකනවා නම් ආයේ මොන එහෙකටද පොලුවලින් ගහන්නේ..? මොකක්හරි අඩුවක් නිසා වෙන සම්බන්ධයක් ඇති. බටහිර රටවල නම් මරාගන්නේ නැහැ. එකට කාලා බීලා, කතාකරලා සුහදව ජීවත් වෙනවා.

:       9       46

Sampath Thursday, 24 September 2020 02:05 PM

සම්පත්, මමත් සම්පත් , ඔයාගේ බිරිඳ මේ වගේ වැඩක් කළොත් ඔයාට කොහොමද දැනෙන්නේ? දැන් බටහිර පන්නෙට පුරුදු වෙන්න කියලද ලාංකිකයින්ට කියන්න හදන්නේ? මේ ප්‍රශ්නය ඔයාට ඇතිවෙන දවස වැඩි ඈතක නෙවෙයි. මොකද ඔය කියන බටහිර පන්නයේ අය තමයි අද ලංකාවේ 99%ක් ඉන්නේ. ඉතින් කොහෙද සමාජය, දරුවෝ හදන්නේ? ඔයාට දරුවෝ හෙම ඇතිනේ. දරුවන්ට පොඩ්ඩක් කියලා දෙන්නකෝ මේ ක්‍රමය. එයාලා ලොකු වුණාමත් ඒක අනුගමනය කරන්න කියන්න. ඔන්න සම්පත්ගේ මොලේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නොමිලේ කන්න ගිහින් අනුන්ගේ ‘දඩ කොළයක්’ අතට ඇවිත්
2023 ජුනි මස 01 302 0

ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක බිල්පත කඩිනමින් ලබාදීම සඳහා කොන්ත්‍රාත්කරුගේ යහළුවන් ​ කිහිපදෙනකු සමග අවන්හලකට ගොස් මත්පැන් සාදයක පහස ලබාගත් තාක්ෂණ නිල


කෑම නානවාට ප්‍රින්සිපල්​ගෙන් අමුතුම පාඩමක්
2023 මැයි මස 31 956 3

පන්ති කාමරයේ ඉදුල් හල හලා කෑකෝ ගසමින් කෑම කෑ සිසු, සිසුවියන්ට විදුහල්පතිවරයා දුන් අපූරු දඬුවමක් පාසල පුරාම විදුලි වේගයෙන් ප්‍රචාරයවූ පුවතක් දකුණු පළ



හරකා මරන්න දීලා හිස් කබල සිහිවටනයකට ඉල්ලලා
2023 මැයි මස 26 1393 1

කාලයක සිට ඇති දැඩි කරන ලද ගොන් වස්සා මසට අලෙවි කර හිස් කබල සහිත අං දෙක නිවසේ එල්ලා තබා ගැනීමට ආපසු ඉල්ලා ඇතැයි කියන ගොවියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශ


මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක්
2023 මැයි මස 25 1166 0

බස් රථයක් තුළදී එම මීයන් රොත්තක් මල්ලකින් එළියට පැනීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවට පත් වී මීයන් රැගෙන ගිය පුද්ගලයාද දැඩි දෝෂාරෝපණයට ලක්ව


සුද්දාගේ තාලෙට අචාර කරන්න ගියාම බල්ලාට තද වෙලා
2023 මැයි මස 24 1415 0

බටහිර රටක සිට පැමිණ බටහිර ක්‍රමයට ආචාර සමාචාර කරන්නට ගොස් සිරුරේ පිටුපස සිදුරු කරගත් කතක ගැන කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 122 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 973 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 564 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site