IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බේත් ගන්න ආ මවට බියවී රෝගීහු සීසීකඩ දුවලා

(තලාව  උපුල් හේරත්)
ස්වසන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට පැමිණි වියපත් කාන්තාවක දුටු බාහිර රෝගී අංශයේ රෝගින් විශාල පිරිසක්  සී -සී කඩ දිව ගිය පුවතක්  පෙරේදා (30) මිහින්තලෙන් වාර්තා විය.


හෙද හෙදියන්ද කලබල වී ඇති අතර එය දුටු බාහිර රෝගී අංශයේ රෝගීන් ද කලබල වී ඇත.


රෝහල් කාර්ය මණ්ඩලයද කොරෝනා රෝගියකුට ප්‍රතිකාර කරන  ඇඳුම් පැළඳීම නිසා ඒ අසල සිටි පිරිස තවත් බියට පත්වී ඇත. රෝගි කාන්තාව පළමුව වෛද්‍යවරයා විසින් පරීක්ෂාවට ලක්කරනු ලැබීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එම මවට කොරෝනා නැමැති රෝගය වැළඳී නොමැති බවත්, ඇදුම රෝගය වැළඳීමෙන් ඉතාමත්ම අපහසුතාවකින් පසු වූ බවත්ය. 


සිද්ධිය පිළිබඳව මිහින්තලේ රෝහලේ වෛද්‍ය කසුන් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී කියා සිටියේ ඇදුම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එම මව ඇතුළත් කර ඇති බවත්, ඇයට කොරෝනා   වැළඳී නොමැති  බවත්ය. රෝගි කාන්තාවට තමා ප්‍රතිකාර නොකළ බවත්,  වෙනත් වෛද්‍යවරයකූ විසින් මුලික ප්‍රතිකාර ලබාදීමේදී ඒ අවට සිටි පිරිස කලබල වන්නට ඇතැයි වෛද්‍යවරයා සඳහන් කළේය. මේ මවගේ පුතකු සංචාරක මගපෙන්වන්නකුවීම මේ කලබලයට හේතුවී ඇතැයි වාර්තාවේ.

 



අදහස් (0)

බේත් ගන්න ආ මවට බියවී රෝගීහු සීසීකඩ දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 144 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 992 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site