IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පලතුරු මුදලාලිගේ පතල කරුණාවෙන් පාපැදිකරුවන්ට පොළොව පලාගෙන යන්න හිතිලා

පලතුරු කඩය පිහිටියේ ප්‍රධාන මාර්ගයේය. දිනපතා පුහුණුවීම් කටයුතුවල යෙදුණ පාපැදිකරුවෝ පලතුරු කඩෙන් පලතුරු මිලදී ගත්හ. අතේ තිබෙන මුදලට ඒවා මිලදී ගන්නා ඔවුහු කඩය අයිනේ වාඩිවී පළතුරු අනුභව කර නැවත පුහුණුවීම් වල යෙදෙති. පාපැදිකරුවන්ට මුදලට අමතරව නොමිලේ ආනමාලු කෝලිකුට්ටු කෑමට දීම මුදලාලිගේ සිරිතය. නොමිලේ දෙන සෑම කෙසෙල් ගෙඩියක්ම මුදුන කපා දමා ඇති අතර ඔහු පවසන්නේ ඉදිලා වැඩි උනාම උඩ කලුපාට වෙනවානේ ඒ නිසයි කපලා තියෙන්නේ යනුවෙනි. මුදලාලි හොඳ මනුස්සයා ඒකනේ අපිට මේවා නිකන් කන්න දෙන්නේ එක් පාපැදිකරුවෙක් දිනක් අන් අයට පැවසීය.


ඒත් මචන් මෙච්චර ගෙඩි ගොඩක් නිකන් දුන්නම මිනිහට පාඩු නැද්ද තවකෙක් විමසුවේ අඟල් හයක් පමන දිග කපන ලද ඇම්ඹුන් ගෙඩියක් අනුභව කරමිනි.


කෙසෙල් සල්ලි වලට ගන්නේ කුණූ කොල්ලයටනේ මිනිහට අපි ගැන දුක හිතෙන්න ඇති. පාරේ ප්‍රැක්ටිස් කරන නිසා.


අයෙක් පැවසීය.


නොබෝදා උදේම පැමිණි පාපැදිකරුවන් මොකද අද කඬේ වසා තිබෙනු දැක එතැන සිටි ගෝලයාගෙන් මොකද අද කඬේ වහලා අපිට තමයි පාඩු යැයි විමසීය.


මුදලාලි මගුල් ගෙදරකට ගමේ ගියා ආපහු එන්නේ අනිද්දා. ගෝලයා කීය.


හරි හොඳ මුදලාලි නේද මල්ලි අයෙක් පැවසූ විට මොන හොඳක්ද මට උදේ කෑම දෙන්නෙත් එකොළහ පහු උනාම. මාත් අස්වෙලා ගෙදර යන්න ඉන්නේ. ගෝලයා කීය.


ඒ උනාට මුදලාලි අපිට නම් හොඳයි. බලන්නකෝ කැපුණු කෙසෙල් ගෙඩි විස්සකට වැඩිය අපට නම් නිකන් කන්න දෙනවානේ. එක් පාපැදිකරුවෙක් පැවැසුවේ මුදලාලිව වර්ණනා කරමිනි.


එය ඇසූ ගෝලයාට බකස් ගා හිනා ගියේය. මොකද හිනා වෙන්නේ ඔවුන් විමසූ අතර ඔය කපලා තියෙන කෙසෙල් ඔක්කොම මීයෝ කාපුවා ඒවා තමයි අයියලාට දෙන්නේ. ගෝලයා කාරණය පැහැදිලි කළේය. 


ඊයා පාපැදිකරුවෙක් කීවේය. අපි ඔච්චර කල් කාලා තියෙන්නේ මීයෝ කාපු කෙසෙල්නේ. අපිට මහ මාරිය හැදෙයිද දන්නෙත් නැහැ. මල්ලි ඇත්ත කීවාට ඔයාට ගොඩක් ස්තුතියි ඔවුන් එතැනින් පිටවූයේ බිමට කෙළද ගසමිනි.
ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

පලතුරු මුදලාලිගේ පතල කරුණාවෙන් පාපැදිකරුවන්ට පොළොව පලාගෙන යන්න හිතිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site