IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෙම්සුව විඳින්න ගෙදරට ගෙන්වාගත් අනියම් සැමියා දේපළ ගිනි තබා පැන ගිහින්

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
පෙම් සුව විඳීමට රාත්‍රියේදී නිවෙසට හොර රහසේ කැඳවාගෙන ආ අනියම් සැමියා ඇයගේ නිවෙසේ තිබූ දේපොළවලට ගිනි තබා පලා යාම හේතුවෙන් නිවෙසේ තනිව වාසය කළ 35 වියේ පසුවන කාන්තාවක් අසරණ තත්ත්වයට පත්ව ඇති පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා වේ.


මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ විවාහක පදිංචිකාරියක සතු නිවෙසක් බව ද පොලිසිය සඳහන් කරයි.


ඇය විවාහ වී වෙන්ව සිටින අතර යාබද ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන බවත් අනියම් සැමියාට තම නිවෙසට පැමිණෙන ලෙස ඇරියුම් කර ඇතත් ඒමට වාහනයක් නැතැයි කී තැන ඔහු කැඳවාගෙන ඒමට ඇය තමා සතු යතුරුපැදියෙන් ගොස් ඇති බවත්, ඒ අනුව දෙදෙනා නිවෙසේ වාසය කරමින් සිටින අතරවාරයේදී ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පෙරේදා (24) අලුයම දෙකට පමණ ඔහු ඇය නිදා සිටි ඇඳෙහි මෙට්ටයට ගිනි තබා ඇති බවට සිද්ධිය සම්බන්ධව කළ විමර්ශනවලදී හෙළිවී ඇති බවත් පොලිසිය පැවැසීය.


ගිනි තැබීමෙන් ආරක්ෂාව පතා ඇය එළියට පැන ඇතත් ඇතුළත තිබූ අලි වෙඩිවලට ගිනි ගෙන පුපුරායාමෙන් ශීතකරණයක්, ඇඳ පුටු ඇතුළු රුපියල් පන්ලක්ෂයකට අධික දේපොළ විනාශ වූ බවට ඇය පැමිණිල්ලක් කර ඇතැයි ද පොලිසිය පැවැසීය.


කෙසේ වෙතත් පැතිරීමට ගිය ගින්න අසල්වාසීන්ගේ සහයෙන් මැඩපැවැත්වීම නිසා සිදුවීමට තිබූ හානිය අවම කර ගැනීමට හැකිවී තිබේ.


සිද්ධියෙන් පසු අනියම් සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ දියත් කර තිබේ.



අදහස් (0)

පෙම්සුව විඳින්න ගෙදරට ගෙන්වාගත් අනියම් සැමියා දේපළ ගිනි තබා පැන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site