IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙම්වතියගේ බෑගයේ පෙරේතයෙක්

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
යුවතියකගේ අත් බෑගයේ සැඟවී ආ පෙරේතයකු හදිසියේ කොළඹ-නුවර මාර්ගයේ කඩවත ප්‍රදේශයේදී කළඑළි බැසීමෙන් බස් රථය එකම තොවිලයක් බවට පත්වූ පුවතක් වාර්තා වේ.


 වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


බටහිර පන්නයට හැඩ වැඩ වී සිටි ඇය තම පෙම්වතා යැයි සිතිය හැකි තරුණයකු සමඟ කොළඹ බලා දිවෙන නගරාන්තර ශීඝ්‍රගාමි බස් රථයකට ගොඩවී ඇත්තේ පේරාදෙණිය ප්‍රදේශයේදීය.


බස්රථයේදී ඔවුන්ගේ ලෝකයේ තනිවූ ඔවුන් සෙසු මගීන් ගැන තුට්ටුවකට මායිම් නොකර උකුළු-මුකුළු පාමින් ගියද ඇයගේ පෙම්වතා යැයි සිතිය හැකි තරුණයා ඇයගෙන් සමුගෙන බැසගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේදීය.


 ඉන් අනතුරුව හුදකලාව නිදිමත ස්වරූපයෙන් ගමන්ගත් ඇය කඩවත ප්‍රදේශය පසුවනවාත් සමගම එක්වරම පෙරේතයෙක් පෙරේතයෙක් යැයි මහ හඬ නඟමින් තම අත්බෑගයද ගසා දමා බස්රථයේ ආසන මත නැගී දඟලන්නට වූවාය. 


හිටිහැටියේම වූ මෙම කලබැගෑනිය කුමක්දැයි නොදත් රියදුරුද ලහි ලහියෝ බස්රථය අයිනක නවතා සෙසු මගීන්ද සමගින් විපරම් කිරීමේදී දැක ඇත්තේ ඇගේ අත් බෑගයේ එතෙක් සිරව සිටි හූනෙකු පණ බේරාගෙන බස් රථයේ දිවයන අයුරුයි.



අදහස් (0)

පෙම්වතියගේ බෑගයේ පෙරේතයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 23 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site