IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


පදමට සූර්වූ මිතුරාගෙන් මංගල යුවළට අපූරු තෑග්ගක්

(එරංග විමුක්ති)

පදම වැරදී තෑග්ග ළඟ තබාගෙන මංගල සාදයේ ආරාධනා පත නව යුවළට තෑගි වශයෙන් දුන් පුවතක් කොළඹට නුදුරු ගමකින් අසන්නට ලැබුණි. සිදුවීම සැකවින් මෙසේය.

මංගල සාදයේ ආරාධනාපත් බෙදා හැරීම සිදුවූයේ නව යුවළගේ ආසන්නතම නෑදෑ හිත මිතුරන්ට පමණි. මංගල යුවළගේ රැකියා ස්ථානයේද මිතුරන් කිහිප දෙනෙකු හට ආරාධනාපත් දී ඇරයුම් කරනු ලැබුවේ මංගල සාදයට සහභාගි වී ඔවුන් සමඟ සතුටු වන ලෙසයි. මිතුරෝ පිරිසද එම ඇරයුම ඉතාමත් ප්‍රීතියෙන් පිළිගත්හ. මංගල දිනය උදා වූ අතර සාදයට සහභාගිවීමට මිතුරෝ පිරිස ලහි ලහියේම සූදානම් වී සාදය සඳහා සහභාගි වූහ. මංගල සාදය ද ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර ඔවුන්ටද හොඳ පිළිගැනීමක් ලැබුණි. මිතුරන් පිරිස ආගිය තොරතුරු කතා කරමින් සිටින අතරතුර ඔවුන් වෙත පැමිණි මනමාල මහතා ඉහළ මාලයේ ඇති බීම සාදයට සහභාගී වන ලෙස ආරාධනා කළේය. මිතුරෝ පිරිසද එම අවස්ථාව එළැඹෙන මොහොත තෙක් ඉවසිල්ලක් නොමැතිව සිටියහ. පැය කිහිපයක් ගත වීමෙන් පසු මිතුරෝ පිරිස නැවත සාදය පැවැත්වෙන ස්ථානයට පැමිණියහ. ඉන් පසු පිරිස දහවල් ආහාරයට සූදානම් වූහ. මිතුරන් අතර සිටි එක් අයකු හොඳටම සූර් වී සිටි අතර ඔවුන් ඒ ගැන අවධානයක් යොමු නොකළේ ඔවුන්ටද එය ලැජ්ජාවක් වීම හේතුවෙනි. මත් වූ මිතුරා ඉක්මණින් එම ස්ථානයෙන් ඉවතට රැගෙන යන අරමුණින් මිතුරන් පිරිස නව යුවළට දෙන තෑගි මුදල් තම තමන්ගේ නිවෙස්වල සිටම ලියුම් කවර තුළට දමා රැගෙනවිත් තිබුණි. ඉන් පසු නව යුවළ වෙත ගොස් මිතුරෝ පිරිස තම තමන්ගේ තෑගි නව යුවළ වෙත ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගියහ. පසු දින උදෑසන මනමාල මහතා වෙත දුරකථන ඇමතුමක් ලැබුණි. එයින් කියැවුණේ “උඹට දෙන්න ගෙනාව මුදල් කවරය නැවත රැගෙන ඇවිත් ඇති බවයි. තෑග්ග ලෙස දී ඇත්තේ ආරාධනා පත්‍රය” යැයි කියූ මිතුරා ඔහු අතින් සිදු වූ වැරැද්දට සමාව ගත්තේ එම සිදුවීම පිළිබඳ ලැජ්ජාවක්ද තම හිත තුළ තබාගෙනය.



අදහස් (0)

පදමට සූර්වූ මිතුරාගෙන් මංගල යුවළට අපූරු තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site