(කුරුණෑගල විශේෂ අතුල පී. බණ්ඩාරනායක)
විවාහක කාන්තාවක සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ විවාහක පුද්ගලයෙකු ලැගුම්හලකදී අසුවීමෙන් පසු පොලිසියට කැඳවා දුන් අවවාද නොපිළිගත් එම යුවළ දරුවන් හතර දෙනෙකු හා විවාහක අඹු සැමියන් අතහැර අලුත් ජීවිතයක් ගත කිරීමට යාමට පොලිසියෙන් පිටවී ත්‍රිරෝද රථයකට ගොඩවීමේදී නීත්‍යානුකූල බිරිඳ පුරුෂයාටත් අනියම් කාන්තාවටත් මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කළ පුවතක් කුරුණෑගල පොලිසියෙන් වාර්තා වේ.
තම බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ මල්ලවපිටිය ප්‍රදේශයේ අවන්හලක සිටින බව පුරුෂයා පොලිස් හදිසි ඇමතුම් අංශයට ඉකුත් 15 වැනිදා දුන් දුරකතන ඇමතුමක් අනුව කුරුණෑගල පොලිසියේ නිලධාරීන් අනියම් යුවළ පොලිසියට කැඳවාගෙන ගිය බව පොලිසිය කියයි. පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරීන් හෙළිකරගත් තොරතුරු අනුව මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි වරාය අධිකාරියේ සේවය කරන 42 හැවිරිදි පුද්ගලයකු වන මොහු දැරියන් දෙදෙනෙකුගේ පියෙකු බවත් 34 වියැති කාන්තාව ද රිදීගම ප්‍රදේශයේ පදිංචි දැරියන් දෙදෙනකුගේ මවක් බවත් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. මොවුන් දෙදෙනා කලක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වූ බවත් දෙදෙනාටම සිටින ගෑනු දරුවන්ගේ අනාගතය ගැන සිතා මින් මතුවට මෙවැනි වැරදි නොකරන හොඳ පවුල් ජීවිතයක් ගත කරන ලෙස පොලිසිය දුන් උපදෙස් නොපිළිගත් අනියම් යුවළ දරුවන් හතරදෙනා හා අඹු සැමියන් අතහැර ඔවුන් වෙනම ජීවත් වන බව පවසා පොලිසියෙන් පිටව ගිය බව පොලිසිය පවසයි.
පොලිසිය ආසන්නයේදී ත්‍රිරෝද රථයකට ගොඩ වූ අනියම් යුවළ සිටින තැනට ගිය නීත්‍යානුකූල බිරිඳ පුරුෂයාටත් අනියම් බිරියටත් මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කරනු දුටු පොලිස් නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන නඩු පවරන තෙක් පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය කියයි. කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ, සහකාර පොලිස් අධිකාරි (i) සමන් දිසානායක මහතාගේ උපදෙස් පිට කුරුණෑගල විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියරත්න බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරුන් වන ලන්සක්කාර (41323) ධර්මරත්න (60859) හා කාන්තා පොලිස් කොස්තාපල් ලක්මාලි (2329) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව දිවියකට හැඩවෙද්දී අසාධ්‍යව රෝහලේ සැමියාටත් අනියම් බිරියටත් මිරිස් කුඩු සංග්‍රහයක්