IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


නිවෙසට පැන්න අමුතු හොරු සී.සී.ටී.වී යෙන් මාට්ටු

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
ව්‍යාපාරිකයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.


ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වූ ව්‍යාපාරික පවුල ඇසුරු කළේ ගමේ තෝරාගත් පිරිසක් පමණි. විවිධ ක්‍රම මඟින් ධනය රැස් කිරීම පමණක් සිදුකළ ඔවුන් ගමේ ජනතාවගෙන් ඈත්වීම ඉතා කෙටි කාලයක් තුළදී සිදුවිය. ව්‍යාපාරිකයාගේ පුතා ද ව්‍යාපාරිකයකු වූ අතර ඔහු දේශපාලන උණ හිසටත් ඉහළින් තිබූ අයෙකි.


ව්‍යාපාරික පුතා ළඟදී විවාහ දිවියට එළඹ සිටි අතර විවාහයෙන් පසු සිය සුවිසල් මහල් නිවසේ යුවළ ජීවත් වූහ. එම නිවසේ ආරක්ෂාවට ආරක්ෂිත කැමරා පද්ධතියක් ද සවි කිරීමට ව්‍යාපාරික පුතා කටයුතු කළේය.


දිනක් මෙම යුවළ බැහැර ගොස් ගෙදර පැමිණෙන විට නිවසේ බඩු මුට්ටු ඇද දමා ඇතැම් භාණ්ඩ කඩා බිඳ තිබුණි. වහා කලබල වූ මෙම ව්‍යාපාරික පුත්‍රයා නිවසට හොරු පැන ඇතැයි පවසා ආරක්ෂක අංශවල පිහිට පැතුවේය. ඒ සඳහා සිය දේශපාලන හයිය ද යොදා ගැනීමට ඔහු අමතක නොකළේය. ආරක්ෂක නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඔවුනට කාරණය අවබෝධ වීමට වැඩි කාලයක් ගත නොවුණි.


ආරක්ෂක නිලධාරීහු ආරක්ෂිත කැමරා පද්ධති දත්ත ගළපා පරීක්ෂා කළහ. විශාල රිළවුන් රංචුවක් නිවසට පැන නිවස පුරා සැරිසරන අන්දම එම දත්තවල සටහන් වී තිබූ ආකාරය ඔවුන්ට නිරීක්ෂණය විය. 


තාක්ෂණික දැනුම අල්ප ව්‍යාපාරිකයා ලජ්ජාවෙන් ඇඹරෙමින් ආරක්ෂිත අංශවලට ප්‍රශංසා කර සිද්ධිය වසන් කර ගැනීමට උත්සාහ දැරුව ද දින කිහිපයකින් සිද්ධිය ගම පුරාම ප්‍රචලිත වූයේය. 



අදහස් (0)

නිවෙසට පැන්න අමුතු හොරු සී.සී.ටී.වී යෙන් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තැනට ඔබින නුවණින් පොලිස් කනෙන් රිංගලා
2024 ජුනි මස 25 47 0

හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියෙන් අධික වේගයෙන් ගමන් කරන විට පොලිසියට හසුවීමෙන් තැනට සුදුසු නුවණ පාවිච්චි කළ නිසා එම වරදින් නිදහස් වී දඩයකින් බේරි ය


ඇදුම්වලින් මාටියා ගහලා කටඋත්තර නැතිවෙලා
2024 ජුනි මස 24 476 2

බටහිර තූර්ය වාදන කණ්ඩායම් භාර ගුරුවරියක් හොර බිල් දැමීමේ සොරකමක් අපූරු උපක්‍රමයකින් සොයා ගත් විදුහල්පතිවරයෙකු පිළිබඳ පුවතක් කරන්දෙණියේ පාසලකින් අස


නැටුම් මිස්ගෙන් අමුතු නැටුමක්
2024 ජුනි මස 20 3849 0

දකුණේ ගම්මානයක පිහිටි පෙර පාසලකි. මේ පෙර පාසලේ දරුවෝ හැත්තෑවකට ආසන්න පිරිසක් සිටිති. පාලිකාව ඉතා හොඳින් පෙර පාසල පවත්වාගෙන ගිය නිසා මවුපියන්ට ඇය කෙරෙ


හතුරාගේ කකුල කඩන්න සල්ලි අරන් මිතුරා අන්දවලා
2024 ජුනි මස 19 1142 0

හතුරාගේ පාදය හතරට කඩන ලෙසට ලබාගත් කොන්ත්‍රාත්තුව පාදය හතරට තියා එකකටවත් නොකඩා ඊට අදාළ මුදල් ලබාගත් අපූරු පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ නගරයකි


මෝදක ගුලියේ අවුල මීයාගේ පිටින් ගිහින්
2024 ජුනි මස 18 1551 0

කුස්සියේ ගෑස් ළිප ළඟ තිබූ මෝදක ගුලියක කොටසක් හේතුවෙන් නිට්ටඹුව ප්‍රදේශයේ නිවෙසක අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරාවුලක් අවසානයේදී මීයකු පිට වරද පැටවීමෙන


ගම කුලප්පු කරපු දුවගෙ බොරුවෙන් පවුලෙම සායම ගිහින්
2024 ජුනි මස 17 2169 0

සිය නිවෙස ආසන්නයේ අතුරු මාර්ගයක තරුණයකු හා රැඳී සිටි යුවතියක අසල්වැසියකු පැමිණෙනු දැක බියට පත්ව කෑ ගැසීම නිසා මුළු ගමම කුලප්පු වූ පුවතක් පිළිබඳව දකුණ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3217 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site