(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සේවා ස්ථානයේ ඇති වූ කොරෝනා බියත් සමඟ බිරියගේ හා පුතාගේ වෙනස්කම් හේතුවෙන් නැගණියගේ නිවෙසට වී නිරෝධායනය වෙමින් සිටියදී එහි පැමිණි පුතා පියාට පහරදී පලායාමේ සිද්ධියක් නිසා පුතාට ද නිරෝධායනයට ලක්වීමට සිදුවීමේ පුවතක් පසුගියදා (13) පල්ලේවල පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය.
ඔහු විසුවේ වේයන්ගොඩට නුදුරු ගම්මානයකය. සේවය කළේ කඩවත ප්‍රදේශයේය. සේවා ආයතනයට කොරෝනා බිය ආවේය. කිහිපදෙනකු ආසාදිත බව ද හෙළිවිය. ඔහු ඉක්මනින් නිවෙසට ආයේ ආරක්‍ෂාව සලසා ගන්නටය. ඔහුගේ පැමිණීම බිරියට හා පුතුට රිස්සුවේ නැත. ඒ නිසා ඔහු තම නැගණියගේ නිවෙසට ගියේය. නැගණියගේ නිවෙසට වී දින කිහිපයක් නිදහසේ කල් ගතකරද්දී මේ බව සෞඛ්‍ය බලධාරීන්ට දැනගන්නට ලැබිණි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඔහුත් නැගණියත් නිරෝධායනයට ලක්කර පරීක්‍ෂණයකට සූදානම්ව සිටීමට උපදෙස් දුන්නේ අද රටේ ක්‍රියාත්මක වන නීතියේ අන්දමටය.
මේ අතර නිරෝධායනයට ලක්කෙරුණු පියා හමුවට පුතා අවේය. බැණ වැදී පහර පිට පහර එල්ල කර පලා යද්දී අසල්වාසීන් එක්ව ඔහු අල්ලා ගත්තත් වත්මන් වාතාවරණය නිසා රඳවා තබා ගැනීම ගැටලුවක් වූයෙන් යන්නට හැරියේය.
සිද්ධිය පිළිබඳව පල්ලේවල පොලිස් ස්ථානයට පැමිණිලි කෙරිණි. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ ආරම්භ කෙරුණි.
නිරෝධායනයට ලක්වූ පියා සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තුරු පුතා හා මව ද ඔවුන්ගේ නිවෙසේ නිරෝධායනයට ලක්කිරීමට පියවර ගැනුණි. ඉදිරි පරීක්‍ෂණ අනුව අවශ්‍ය වුවහොත් පලා යමින් සිටි පුතා අල්ලා ගැනීමට උත්සාහ කළ පිරිස ද නිරෝධායනයට ලක්කිරීමට සිදුවිය හැකි නිසා ඔවුනට දැඩි ලෙස ආරක්‍ෂාකාරී අන්දමින් ගත කරන්නට උපදෙස් දී ඇතැයි ද මේ අතර දැන ගන්නට ලැබිණි. පසුව පුතා පියාට පහරදීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරෝධායනය වූ පියාට පහරදෙන්න ගිය පුතා පඹගාලක පැටලිලා