IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නාන්න සබන් අරගෙන එද්දී වැව් ඉවුරේ සිටි මිතුරා අතුරුදන්

නිදහස් දා රාත‍්‍රියේ මිතුරන් තිදෙනෙකු එක්ව මධුවිතෙන් සප්පායම් වූයේ පොලොන්නරුවේ ප‍්‍රකට වැව් තෙරක් අසලය. එය නිම වනවාත් සමගම එම තිදෙනා තීරණය කළේ වැවට බැස හොඳ හැටි දිය නෑමටය. මේ වනවිට වේලාව ද රාත‍්‍රී 9 ඉක්මවා තිබුණි. ඊළඟ ගැටලූව වූයේ නෑමට සබන් නැතිකමය. අධික වෙරිමතින් සිටි එකමිතුරකු වැව් ඉවුරේ නතර කර ඉතිරි දෙදෙනා ගියේ සබන් කැල්ලක් අරන් අපි ඉක්මනට එනතුරු ඔතන හිටපං යැයි මිතුරාට අවවාද කරමිනි. සබන් ගේනතුරු බලා ඉන්න බැරිව වැව ඉවුරේ සිටි මිතුරා දියට පැන්නේ නා ගැනීමට විය හැකිය. මද වේලාවකින් සබන් රැගෙන ආ මිතුරෝ දෙදෙනා සිය මිතුරාට කථා කළේය. පිළිතුරක් නොලැබිණි. වටපිටාවෙහි සොයා බැලූ නමුදු හෝඩුවාවක් ද නැත. දෙමිතුරන්ට තරු පෙනුණි. කෑගසා අහල පහල අය ද කැඳවාගෙන සොයා බැලූ නමුදු ඔහු සොයා ගැනීමට නොහැකිවිය. දිය නෑමට ගිය අයෙකු අතුරුදන්වීම ගැන පුවතක් ඇසිල්ලකින් දස අතම පැතිර ගියේය. මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිස් කිමිදුම්කරුවෝද යොදා සෙවූ නමුත් දියේ අතුරුදන් පුද්ගලයා හමුවූයේ නැත. ඥාති මිතුරෝ ද දැඩි ලෙස කම්පාවෙන් පසුවෙද්දී වැව මැද පිහිටි දුපතක යමකු ඉන්නා බවට තොරතුරක් ආවේය. ඔරුවක නැගි පිරිසක් එම දූපත කරා ගොස් පසුව සොයා බැලීමේදී හෙළිවූයේ දෙමිතුරන් සබන් ගෙන එන්නට කඩයට ගිය අතර දිය නෑමට පැන්න පුද්ගලයා පිහිනා ගොස් දූපතට ගොඩවී පසුදා පහන්වනතුරු හොඳහැටි නිදාගෙන ඇති බවයි. මෙම සිද්ධිය වාර්තා වූයේ පොලොන්නරුව ප‍්‍රදේශයෙනි.



අදහස් (0)

නාන්න සබන් අරගෙන එද්දී වැව් ඉවුරේ සිටි මිතුරා අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 54 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site