IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


නැන්දම්මාගේ හිත ගන්න ගිය ලේලිට මල පනී

තමා සහ සැමියා රැකියාවට ගොස් ආපසු එනතුරු සිය කුඩා දරුවා බලා ගැනීමට දිනපතා නිවෙසට පැමිණෙන නැන්දනියගේ සිත සතුටු කිරීම සඳහා ඇයට නවීන පන්නයේ ජංගම දුරකථනයක් ගෙනවිත් දුන් දිනට පසු දිනම ලේලියට රැකියාවට නොගොස් නිවාඩු දැමීමට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 


මෙම අඹු සැමි යුවළ රජයේ ආයතන දෙකක සේවය කරන බැවින් ඔවුන් රැකියාවට ගොස් එනතුරු තම කුඩා දරුවා රැකබලා ගැනීම ඔවුනට බලවත් ගැටලුවක් විය.


මේ සඳහා සේවිකාවන් දෙතුන් දෙනෙකුම වරින් වර යොදවා ගත්තද විවිධ හේතු නිසා ඔවුන් වැඩි කලක් රඳවා ගැනීම අපහසුවිය.


කෙසේ වෙතත් විශ්‍රාමිකව නිවසේ පසුවන නැන්දනිය එනම් සැමියාගේ මව මේ කාර්යය සඳහා කැමතිකරවා ගැනීමට ලේලිය සමත් වූයේ බලවත් ඇවිටිලි කිරීමකින් පසුවය. ඒ අනුව තමාට නිවසේද වැඩකටයුතු බෙහෙවින් ඇති බව පැවසූ නැන්දනිය උදෑසන පැමිණ සවස තම නිවෙසට යෑමේ කොන්දේසිය මත රාජකාරිය බාර ගත්තාය.


වැටුපක් වශයෙන් විශාල මුදලක් ද වැය නොකොට සැකයකින් බියකින් තොරව දරුවා සහ නිවෙස බාර දී යාමට ලැබීම දෙදෙනාගේ මහත් අස්වැසිල්ලකට හේතු විය.


සැමියා කලින්ම නිවෙසින් පිටත්ව යන අතර බිරිඳ නිවසේ සියලු වැඩකටයුතු නිමවා නිවෙසින් පිටත්වීමට ආසන්න වනවිට නැන්දනිය පැමිණෙන අතර ඇයට නිවෙස සහ දරුවා බාර දී ලේලිය පිටත්ව යන්නීය. දිගු කලක් තිස්සේ මේ දිනචරියාව මෙසේ සිදුවෙද්දී නැන්දනිය තම සේවය කේවල් කරමින් ලේලියගෙන් විවිධ ඉල්ලීම් දිනා ගැනීමටද සමත් වූවාය.


ඇයගේ අලුත්ම ඉල්ලීම වූයේ තමාට ද නවීන පන්නයේ ජංගම දුරකථනයක් අවශ්‍ය බවයි. නැන්දනියගේ සිත සතුටු කිරීම ඉතා අත්‍යවශ්‍ය බැවින් ඊට පසුදිනම එම ඉල්ලීම ඉටු කෙරිණ.


එහෙත් දුරකථනය ගෙනවිත් දුන් දිනට පසු දිනම ලේලියට නොසිතු විරූ අකරතැබ්බකට මුහුණ දීමට සිදු විය. වෙනදා වේලාවට පැමිණෙන නැන්දනිය එදින පැමිණියේ නැත. ඇය පැමිණෙන බසය ද යනු දක්නට ලැබිණ. හදිසියේම රැකියාවට යාමට නොලැබීමෙන් ඇය බලවත් අපහසුතාවට පත් වූවාය. විශාල මුදලක් වැයකර දුරකථනයක් ගෙනදුන් පසු දිනට මෙසේ නොපැමිණීම ගැන ලේලියට මල පැන්නේය. ඇය වහාම නැන්දනියට ඇමතුමක් ගත්තද එයද විසන්ධි වූ බවක් කියවිණි.


විනාඩි විස්සකට පමණ පසුව හත්මුණින් දහඩිය පෙරාගෙන නැන්දනිය පැමිණ සිදු වූ සන්තෑසිය පවසා ඇත්තේ ‘අනේ දුවේ මම ෆෝන් එකෙන් පිංතූර වගයක් බල බලා ආවෙ. හෝල්ට් එකේ බහින්න අමතක වුණා. කිලෝ මීටරයක් විතර එහා ගිහිල්ලා තමයි බහින්න මතක් වුණේ. ඒ මදිවට පිංතූර එහාට මෙහාට තල්ලු කරල කෝල් එක ගන්න හදනකොට ඒකත් කට් වුණා’ යනුවෙනි.


කෙසේ වෙතත් එදින නිවාඩුව ප්‍රයෝජනයට ගත් ලේලිය නැන්දම්මාට ෆෝන් එක පාව්ච්චි කිරීම පිළිබඳව හොඳ පුහුණුවක් ලබා දුන්නාලු. 

 

 


(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)

 



අදහස් (0)

නැන්දම්මාගේ හිත ගන්න ගිය ලේලිට මල පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site