තමා සහ සැමියා රැකියාවට ගොස් ආපසු එනතුරු සිය කුඩා දරුවා බලා ගැනීමට දිනපතා නිවෙසට පැමිණෙන නැන්දනියගේ සිත සතුටු කිරීම සඳහා ඇයට නවීන පන්නයේ ජංගම දුරකථනයක් ගෙනවිත් දුන් දිනට පසු දිනම ලේලියට රැකියාවට නොගොස් නිවාඩු දැමීමට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
මෙම අඹු සැමි යුවළ රජයේ ආයතන දෙකක සේවය කරන බැවින් ඔවුන් රැකියාවට ගොස් එනතුරු තම කුඩා දරුවා රැකබලා ගැනීම ඔවුනට බලවත් ගැටලුවක් විය.
මේ සඳහා සේවිකාවන් දෙතුන් දෙනෙකුම වරින් වර යොදවා ගත්තද විවිධ හේතු නිසා ඔවුන් වැඩි කලක් රඳවා ගැනීම අපහසුවිය.
කෙසේ වෙතත් විශ්‍රාමිකව නිවසේ පසුවන නැන්දනිය එනම් සැමියාගේ මව මේ කාර්යය සඳහා කැමතිකරවා ගැනීමට ලේලිය සමත් වූයේ බලවත් ඇවිටිලි කිරීමකින් පසුවය. ඒ අනුව තමාට නිවසේද වැඩකටයුතු බෙහෙවින් ඇති බව පැවසූ නැන්දනිය උදෑසන පැමිණ සවස තම නිවෙසට යෑමේ කොන්දේසිය මත රාජකාරිය බාර ගත්තාය.
වැටුපක් වශයෙන් විශාල මුදලක් ද වැය නොකොට සැකයකින් බියකින් තොරව දරුවා සහ නිවෙස බාර දී යාමට ලැබීම දෙදෙනාගේ මහත් අස්වැසිල්ලකට හේතු විය.
සැමියා කලින්ම නිවෙසින් පිටත්ව යන අතර බිරිඳ නිවසේ සියලු වැඩකටයුතු නිමවා නිවෙසින් පිටත්වීමට ආසන්න වනවිට නැන්දනිය පැමිණෙන අතර ඇයට නිවෙස සහ දරුවා බාර දී ලේලිය පිටත්ව යන්නීය. දිගු කලක් තිස්සේ මේ දිනචරියාව මෙසේ සිදුවෙද්දී නැන්දනිය තම සේවය කේවල් කරමින් ලේලියගෙන් විවිධ ඉල්ලීම් දිනා ගැනීමටද සමත් වූවාය.
ඇයගේ අලුත්ම ඉල්ලීම වූයේ තමාට ද නවීන පන්නයේ ජංගම දුරකථනයක් අවශ්‍ය බවයි. නැන්දනියගේ සිත සතුටු කිරීම ඉතා අත්‍යවශ්‍ය බැවින් ඊට පසුදිනම එම ඉල්ලීම ඉටු කෙරිණ.
එහෙත් දුරකථනය ගෙනවිත් දුන් දිනට පසු දිනම ලේලියට නොසිතු විරූ අකරතැබ්බකට මුහුණ දීමට සිදු විය. වෙනදා වේලාවට පැමිණෙන නැන්දනිය එදින පැමිණියේ නැත. ඇය පැමිණෙන බසය ද යනු දක්නට ලැබිණ. හදිසියේම රැකියාවට යාමට නොලැබීමෙන් ඇය බලවත් අපහසුතාවට පත් වූවාය. විශාල මුදලක් වැයකර දුරකථනයක් ගෙනදුන් පසු දිනට මෙසේ නොපැමිණීම ගැන ලේලියට මල පැන්නේය. ඇය වහාම නැන්දනියට ඇමතුමක් ගත්තද එයද විසන්ධි වූ බවක් කියවිණි.
විනාඩි විස්සකට පමණ පසුව හත්මුණින් දහඩිය පෙරාගෙන නැන්දනිය පැමිණ සිදු වූ සන්තෑසිය පවසා ඇත්තේ ‘අනේ දුවේ මම ෆෝන් එකෙන් පිංතූර වගයක් බල බලා ආවෙ. හෝල්ට් එකේ බහින්න අමතක වුණා. කිලෝ මීටරයක් විතර එහා ගිහිල්ලා තමයි බහින්න මතක් වුණේ. ඒ මදිවට පිංතූර එහාට මෙහාට තල්ලු කරල කෝල් එක ගන්න හදනකොට ඒකත් කට් වුණා’ යනුවෙනි.
කෙසේ වෙතත් එදින නිවාඩුව ප්‍රයෝජනයට ගත් ලේලිය නැන්දම්මාට ෆෝන් එක පාව්ච්චි කිරීම පිළිබඳව හොඳ පුහුණුවක් ලබා දුන්නාලු.
(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නැන්දම්මාගේ හිත ගන්න ගිය ලේලිට මල පනී