(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
තම මවට උදව් කරනවාට අකමැති බිරියකට සැමියකු ඉගැන්වූ පාඩමක් පිළිබඳව අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම ප්‍රදේශයේ නිවසක ජීවත්වූ පුද්ගලයෙක් විවාහ වීමෙන් පසුව පදිංචියට බිරිඳගේ නිවසට ගියේය. එහෙත් මවගේ දුක සැප සොයා බලන්නට මොහු ක්‍රියා කළේය. මේ සඳහා මුල් කාලයේදී බිරිඳ කැමැති වුවත් වසරක් පමණ යාමේදී ඊට තදින් විරුද්ධ වූවාය.
මේ හේතුවෙන් දෙදෙනා අතර අඩදබර අඩුවක් නොවීය.
එහෙත් ඉවසිලිවන්ත සැමියා හීන් නූලෙන් තම මවට කළයුතු යුතුකම් ඉටු කළේය.
කලක් යනවිට මේ බවද බිරිඳ දැනගත්තාය.
විටින් විට අඩදබර ඇතිවී විරසකයන් එන්න එන්නම උණුසුම් විය. මෙය මාසේ පඩි දිනවලදී වැඩිවිය. ඒ පඩිය ගෙන හොරෙන්ම මවට සල්ලි දෙන බව බිරිඳ දැන ගැනීමත් සමගය. මේ උදව්ව නැවැත්වීමට සැමියා සෑම මසකම පඩිගන්න බැංකුවට යන විට බිරිඳත් ඒ සමග යාමට පුරුදු වූවාය. මෙසේ මාස තුනක් පමණ ගිය තැන බිරිඳට අපූරු පාඩමක් උගන්වන්නට සැමියා තීරණය කළේය.
දිනක් මාසික පඩිය ගැනීමට තමා යන විට බිරිඳ ද පැමිණියාය. එසේ යන අතරතුරදී සැමියා දිනපතා පුවත්පතක් මිලට ගත්තේය.
පසුව දෙදෙනා සුහදව බැංකුව ඇතුළට ගොස් ඇතුළු වීමේ දොරටුව අසළ තිබූ සුවපහසු පුටුවක බිරිඳ හිඳුවා දවසේ පත්තරය අතට දී මා එන තෙක් පත්තරේ බලන්නැයි පවසමින් බැංකුව ඇතුළට සැමියා ගියේය.
එසේ ගිය සැමියා තම මුදල් රැගෙන බැංකුවේ පිටවීමේ දොරටුවෙන් පිටවී මවට අවශ්‍ය පරිදි බඩු භාණ්ඩද රැගෙන ත්‍රිරෝද රථයක නැගී මව ජීවත්වන අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍රදේශයට ගියේය.
එහෙත් මේ බව නොදත් බිරිඳ පැයකට පමණ පසුව සැමියා නොපැමිණීම පිළිබඳව විපරම් කිරීමේදී සැමියා බැංකුව තුළ නොමැති බව දැනගෙන වහා බැංකුවෙන් පිටතට විත් තම දුරකතනයෙන් සැමියාට ඇමතුමක් ගත්තාය.
එවිට ඊට පිළිතුරු දුන්නේ සැමියාගේ මවය. ඇය ලේලියට පැවසුවේ පුතා මාසේටම බඩුත් අරගෙන ගෙදර ආවා කියාය. මෙය ඇසූ ලේලියට දෙළොව රත්විය.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැන්දම්මාගේ සාත්තුවට එරෙහි ලේලියට සැමියාගෙන් ලණුවක්