IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නැන්දම්මාගේ මළ ගෙදරදී ලේලියට ගිහි කතා තිත්තවෙලා

(පොල්ගස්ඕවිට - එස්. වික්‍රමආරච්චි)
තම ඥාතිවරියගේ අවමංගල උත්සවයේ දී තමාට ලකුණු වැටෙන අන්දමේ සාරවත් කතාවක් කරවා ගැනීමට ඈත ප්‍රදේශයක සිටින පුද්ගලයකු ගෙන්වා ගැනීමට දැරූ සියලු_ උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් අවමඟු_ල් උත්සවයේ සියලු_ම ගිහි කතා අහෝසි කර දැමීමට කටයුතු කළ ගෘහ අධිපති කතක් පිළිබඳව දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


මීට වසර තිස් ගණනකට පමණ පෙර විවාහවී පැමිණියාට පසුව තම සැමියාගේ මව එනම් නැන්දනිය සමග තිබූ විරසකය ඇය මිය ගියාට පසුව සහමුලින්ම අමතක කර දැමූ මෙම ලේලිය නැන්දනියගේ අවසාන කටයුතු තම නිවසේ දී කිරීමට සියලු_ කටයුතු සූදානම් කළාය. ඒ සඳහා පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ කැමැත්ත ලබා ගැනීමට ද ඈ උපායශීලී වූවාය.


අවමඟු_ල් උත්සවයේ දී තමාගේ ගුණ වර්ණනා කෙරෙන ආකාරයේ කතාවක් පවත්වා ගැනීමට හැකි උපක්‍රමයක් ද ඈ කල්පනා කළාය. ගමේ කෙනකුගෙන් මේ කටයුත්ත කරවාගත නොහැකි බැවින් ඈත ප්‍රදේශයක සිටින හිතවතකු මේ සඳහා ගෙන්වා ගැනීමට ඕ තීරණය කළාය.


ඒ අනුව අදාළ හිතවතාගේ නිවෙසට දුරකතන ඇමතුමක් ගත්තාය. ඇමතුම ලබාගත්තේ හිතවතාගේ බිරියය. නැන්දනියගේ මරණය ගැන දැනුම් දුන් කාන්තාව “කෝ නංගියේ මහත්තයා, කාලෙකින් කටහඬ ඇහුවෙත් නෑ,” යනුවෙන් ද පවසා හොඳ බටර් පාරක් ගා මළගෙදර කතාවක් කිරීමටත් සූදානම්ව මහත්තයා එවන බවට හිතවතාගේ බිරිය කැමති කරවා ගත්තාය.


ස්වාමියා පැමිණි පසු බිරිය පණිවුඩය කීවාය. මේ තැනැත්තිය පිළිබඳව තරමක වැටහීමක් තිබූ ඔහු ඇයගේ උප්පරවැට්ටියට අසු නොවීමට කල්පනා කළේය.


පසුදින මළගෙදරට පැමිණියේ හිතවතාගේ බිරියය.


ඇය දුටු විගස ගෘහ අධිපති කතගේ මුහුණ ඇඹුල්වී ගියේය.


වහාම අවමංගල සභාවේ කටයුතු බාර දී තිබූ නිවේදකයා කැඳවූ ඈ “පැවිදි අනුශාසනා විතරක් ඇති, ගිහි කතා අවශ්‍ය නෑ”_ යි ඔහුට නියෝග කළාලු.

 



අදහස් (1)

නැන්දම්මාගේ මළ ගෙදරදී ලේලියට ගිහි කතා තිත්තවෙලා

අමල් Tuesday, 30 July 2019 10:04 AM

දෙනියායේද?.එහේ ඉන්නේ ඔය වගේ අය තමා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13551 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 121 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site