IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නිදහස ලද සැණින් ‘ආතල්’ ගන්න ගිහින් අතේ ඇඟිලිත් නෑ

මාස ගණනාවකට පසු ලද නිදහසෙන් ආතල් එකක් ගන්නට ගොස් අතේ ඇඟිලි කීපයක් අහිමි කරගෙන රෝහල් ඇඳක ප්‍රතිකාර ලබන්නට සිදු වූ පුද්ගලයකු පිළිබඳ කියැවෙන පුවතකි.


 සිද්ධිය මෙසේය. එක්තරා ආයතනයක සේවක පිරිසකි. කොරෝනා ආරක්ෂක වැඩපිළවෙලක්  සමග නිවෙස්වලට සීමාවී සිටි ඔවුන්ට මඳ නිදහසක් අත්විඳින්නට ලැබුණේ මාස කීපයක් තිස්සේ පනවා තිබූ ඇඳිරි නීති තත්ත්වය පසුගියදා ඉවත් කිරීම හේතුවෙනි.


 කාලෙකින් එකිනෙකා මුණ ගැසෙන්නට නොහැකිව දැඩි අසහනයෙන් පසුවූ ඔවුහු එළැඹි සති අන්තයේදී එකිනෙකා මුණගැසෙන්නට තීරණය කළේ තම ගම්මානයට නුදුරින් ගලා බසින ලොග්ගල්ලා ඔයේ සුපුරුදු දිය මංකඩේදීය
 ගමනට අවශ්‍ය මත්පැන් ඇතුළු බොහොමයක් අඩුම කුඩුම සූදානම් කරගත් ඔවුහු කටගැස්ම සඳහා අවශ්‍ය මාළු ටිකක් ලොග්ගල්ලා ඔයෙන්ම අල්ලා ගන්නට තීරණය කළේ පිරිසේ අය සතුව තිබූ පෙර අත්දැකීම් ද   සැලකිල්ලට ගනිමිනි.


 මසුන් මැරීම සඳහා රතිඤ්ඤා, යකඩ කැබලි ආදිය ප්ලාස්ටික් නළයකට පුරවා වෙඩි කීපයක්ද සකස් කරගත් ඔවුහු උදෑසනින්ම ගමනට එක් වූයේ තම තමන් සතුව තිබූ ත්‍රීවීල් කීපයක ආධාරයෙනි.


ගමන ආරම්භ වන විටත් පදමට රත්වූ පිරිසේ නායකයාට ගමන ආරම්භයේ සිටම රැගෙන ගිය වෙඩිල්ලක් වතුර වළකට දැමීමට තිබුණේ පුදුම තදියමකි.


ඒ නිසාම කටයුත්ත හුරුපුරුදු අයගෙන් බලහත්කාරයෙන්ම වෙඩිල්ලක් උදුරාගත් හෙතෙම එයට ගිනි කූරක් ගසා දල්වා තිබූ කලබලයත් සමග අතේ තබාගෙන සිටි ගිනිපෙට්ටිය ඔයට විසිකර වතුර වළ දෙස බලා සිටියේ මොහොතකින් වෙඩිල්ල පුපුරා උඩ එන මාළු රෑන ලබා ගැනීමේ නොනිත් ආශාවෙනි. එහෙත් මඳ වේලාවකදී ප්‍රදේශයම දෙවනත් කරමින් ඔහුගේ අතේ තිබූ වෙඩිල්ල පුපුරා ගියේ ඔහුගේ අතේ ඇඟිලි දෙක තුනක් ද අහිමි කරමිනි. ආතල් ගැනීම පසෙක තැබූ පිරිස තුවාලකරු රෝහල වෙත රැගෙන ගියේ ඔහුගේ පණ්ඩිතකමට ද දෙස් දෙවොල් තබමිනි. දැන් ඔහු රෝහලේය.
(වියලු‍ව වාර්තාකරු)



අදහස් (2)

නිදහස ලද සැණින් ‘ආතල්’ ගන්න ගිහින් අතේ ඇඟිලිත් නෑ

lalithm Sunday, 31 May 2020 06:16 PM

වෙඩි දමා මාලු ඇල්ලීම තහනම් ක්‍රියාවක්. කොහොම වුණත් කාලකන්නින්ට නිවැරදිව දඬුවම ලැබිලා...

:       2       26

imesh Tuesday, 02 June 2020 08:31 AM

අනුන්ගේ පණ නසන අයට වෙන දේවල්.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 529 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site