වැඩිහිටි නිවාසයක රඳවා සිටියදි රෝගාතුරව මියගිය විශ්‍රාමික ගුරුවරියකගේ දේහය පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් දරන ඇගේ එකම පුතු විසින් මල්ශාලාවකට බාරදී ඥාති හිතවත් කිසිවකුට නොදන්වා භූමදානය කරවූ සිද්ධියක් රජරට ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබිණ.
මේ ගුරුවරියගේ සැමියා ඇයවත් එවකට බාල වියේ පසුවූ මේ පුතාවත් අත්හැර වෙනත් විවාහයක් කර ගත් බව ගම්හු කීහ. සැමිය තමන් අතහැර ගියද මේ ගුරු මව දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දුන් බවද ඔහුද පහ වසර ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වූ බවත් ඒ ලබාගත් ලකුණු අනුව ඔහු කොළඹ ජනප්‍රිය පාසලකට ඇතුළත් කොට වැඩිදුර අධ්‍යාපනය ලබා දුන් බවත් දැනගැනීමට ලැබිණ.
පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපන ආයතනයකින් වැඩිදුරටත් ඉගෙනුම ලබා ඇති මේ එකම පුතා පෞද්ගලික අංශයේ සමාගමක උසස් තනතුරකට බැඳී එහි රැකියාව කරමින් සිටියේය.
මේ අතර ගමේම තරුණියක සමග විවාහ වී ඇති මේ පුතා විවාහ මංගල්‍යය ද නගරයේ ලොකු හෝටලයක ජයටම ගෙන ඇති බවත් ඊටද මව හෝ ඥාතීන් සම්බන්ධ කොට නොගත් බවත් ගම්වැසියෝ කීහ. ඔහුගේ මනාලියද උසස් තනතුරක් දරමින් රැකියාව කරන අතර විවාහයෙන් පසු දෙදෙනාම කොළඹ ප්‍රදේශයේම පදිංචි වී තිබේ.
ගුරු මව ගමේම පදිංචිව සිට වසර තිහකට වැඩි කාලයක් ප්‍රදේශයේ පාසල් කීපයක සේවය කොට මිට වසර පහළොවකට පමණ පෙර විශ්‍රාම ලබා ඇත. විශ්‍රාම ලැබීමෙන් පසුවද ඇය සිය නිවසේ හුදකලාවේ ජීවත් වූ බව පැවසේ.
මේ අතර ගමට පැමිණි පුතා මව ජීවත් වූ නිවස හා ඇගේ ඉඩකඩම් විකුණා ඇයත් රැගෙන ගමෙන් පිටව ගොස් ඇත. පුතුගේ නිවසට කැදවාගෙන යන බව ගුරුමව සිතා සිටියත් ඇයට නතර වීමට සිදුව ඇත්තේ වැඩිහිටි නිවාසයකය. එහි සිටි කාලයේදි මව බැලීමටවත් පුතා එහි නොගිය බව දැන ගැනීමට ලැබිණි.
මේ ගුරු මව පසුගියදා දැඩි ලෙස රෝගාතුර වීමෙන් පසු වැඩිහිටි නිවාසය මගින් ඇය රෝහල් ගත කොට ඇතත් එහිදී ඇය මියගොස් තිබේ.
දේහය බාරගත් පුතා එය මල්ශාලාවකට බාර දී එදිනම අවසන් කටයුතු සිදුකරවා ඇත්තේ ඥාතීන්ටවත් නොදන්නාය. ප්‍රදේශයේ දහස් ගණනක දරුවන්ගේ දෑස් පැදීමට වෙහෙස ගත් ගුරු මවට අවසන් ගෞරවය දැක්වීමට ඉඩ නොලැබීම සම්බන්ධයෙන් ඇගෙන් ඉගෙන ගත් දරුවෝද ඥාතී හිතවත්තුද කම්පාවෙන් අප සමඟ මේ තොරතුරු අනාවරණය කළහ.
(ගල්ගමුව නිහාල් ජයවීර)
දියණියකගේ මංගල උත්සවයකට හිතවතුන් කණ්ඩායමක් විසින් රැගෙන ආ විශාල තෑගි පෙට්ටිය විවෘත කර බැලූ විට ගෘහ මූලිකයාට පවුලේ ඥාතින් ඉදිරියේ හීන් දාඩිය දැමු පුව
යුගදිවිය ප්‍රී්‍රතියෙන් ප්‍රමෝදයෙන් ගත කිරීමට ඒ සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වූ දේශකයා කියූ පිළිවෙත අනුව භාර්යාවගේ උපන් දිනය දා දීමට ගෙන ආ මල් කිනිත්ත
“ආයේ මම ගමේ කාගෙවත් කෙසෙල් කැන් හොරෙන් කපන්නේ නෑ” යැයි පවසමින්, කාලයක සිට හොරෙන් කෙසෙල් කැන් කපා අලෙවි කර මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි කියන තරුණයකු කෙසෙ
දුරකතන අංක නිවැරදි ආකාරයෙන් සටහන් කර තැබීමට නොහැකි වීමත්, නිසි පරිදි සොයා නොබලා ඇමතුම් ලබා ගැනීමත් හේතුවෙන් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් දකුණු ප
කොල්ලාගෙන් ගන්න බැරි වුණු පලිය බල්ලාගෙන් ගන්න බලු වැඩක් කොට බලු කූඩුවේ නොවැටී අනූනවයෙන් බේරුණු අයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩට නුදුරු ප්‍රදේශයකින
මංගල උත්සවය සඳහා සූදානම් වීමට දියණියගේ බැංකු ගිණුමේ මුදල් ගැනීමට යාමේදී මවුපියන් මුහුණ දුන් අපහසුතාවක් ගැන දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. සිද්ධිය මෙ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දස මසක් කුස දැරූ මවට පිටුපෑ නොට්ටිගෙ පුතා