IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දින දසුනක හුට පටේට ලොක්කටයි සොක්කටයි දෙන්නටම මාරු

(දෙනියාය විශේෂ එස්.ඩී.කොඩිකාර )
දින දර්ශනයක් කාර්යාලයේ බිත්තියේ ගැසූ බවට උරණ වී එම කාර්යාලයේ සේවය කළ නිලධාරීයකු සේවයෙන් පහ කළ ආයතන ප්‍රධානියකුගේ පුවතක් වතු සමාගමකට අයත් කාර්යාලයකින් පසු ගිය දින  වාර්තා වේ. 


එදින සතියේ වැඩ කරන කාර්යාල දිනයකි.


කාර්යාලයේ නිලධාරීන්ටද කාර්ය බහුල දිනයකි. කෙතරම් කාර්යබහුල ද කිවහොත් කාර්යාලයේ දිනයක් බලා ගැනීමට පවා දින දර්ශනයක් බිත්තියේ ගසා ගැනීමටවත් ඔවුන්ට වේලාවක් නොවිණි.


එදින හදිසියේ කාර්යාලයට ගිය නිලධාරියකු කාර්යාලයේ තිබූ දින දර්ශනයක් කාර්යාලයේ බිත්තියේ ප්‍රදර්ශනය කළේ එහි දිනයක් බලා ගැනීමටවත් දින දර්ශනයක් නොමැති කම හේතුවෙනි.


ආයතන ප්‍රධානියාද මෙම නිලධාරියා සමඟ ඇයි හොඳයිකම් අඩු කර තිබුණේ ආයතනයේ ඇතැම් දේ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දෙන්නේ  යැයි ඔහු සිතා සිටි බැවිනි.


මෙය මෙම නිලධාරියාට පාඩමක් උගන්වන්නට හොඳ අවස්ථාවක් යැයි සිතූ ආයතන ප්‍රධානියා දින දර්ශන පාර්සලය මාගේ අවසරයකින් තොරව  කැඩුවේ කවුදැයි විමසා බලා අදාළ නිලධාරියා සේවයෙන් පහ කර ඇත්තේ කිසිදු හේතුවක් නොමැති කම නිසා බව පැවසේ.


අවසානයේ ආයතන ප්‍රධානියාටද හිටි හැටියේ ස්ථාන මාරුවක් ලැබෙන්නේ ඔහුගේ වැඩ ගැන ඉහළ කළමනාකාරිත්වය දැන ගැනීමෙන් බවද පැවසේ.



අදහස් (0)

දින දසුනක හුට පටේට ලොක්කටයි සොක්කටයි දෙන්නටම මාරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site