ඌව පළාතේ ඈත ගමකි. රූමත් කතකි. දුර යන රියැදුරනට තේ පැන් සංග්රහයට ඇය දක්ෂය. ඒත් නොමිලේ නොවේ. නිතර එන වෑන් රථ රියැදුරකු සමග ඇය හිතවත්කමක් ගොඩ නගා ගත්තාය. ඇගේ සැමියා වැඩිපුර ගෙදර නැත. ඒනිසා ඔහුට ගෙදර එන්නට ලැබෙන්නේ මාසයකට හෝ දෙකකට වරකි. තම නිවෙසට දහවල් කෑමට එන ලෙස කාන්තාව දිනක් තම හිතවත් රියැදුරුට ආරාධනා කළාය. ඔහුද ඉබ්බා දියට දැමුවා සේ ටිකක් හවස් වන්නට හැර එම නිවෙසට ගියේය. ඔවුනට කාලය ගතවන වේගය ගැන අවබෝධයක් නොවුණි. එක්වරම ගෙදර දොරට තට්ටු කරන හඬක් ඇසිණි. කාන්තාව ජනේලයෙන් එබී බැලූවාය. දුටු දෙයින් ඇයට දොළොව රත්විය. දොරට තට්ටු කරන්නේ ඇගේ සැමියාය. ඔහු සමග ඔහුගේ යහළුවෝ දෙදෙනෙක්ද සිටිති. ඇය සාලේ වාඩිවී සිටි වෑන් රියදුරා බිත්ති අල්මාරිය ඇතුළට රිංගෙව්වාය. අනතුරුව දොර ඇර සැමියා සහ මිතුරන් සුහදශීලීව පිළිගත්තාය. බිත්ති අල්මාරියේ සිරවූ රියදුරාගේ පිහිටට ආයේ එහි කුඩා සිදුරකි. ඒ සිදුර නොවූයේ නම් ඔහු එලොව ගොසිනි. තහනම් ගෙඩි කන්නට සූදානමින් සිටි කතටත් ඇගේ හොර සැමියාටත් ලේ ඉණුවේ පසුදා කුකුළා හඬලන යාමයේය. සැමියාත් මිතුරනුත් මුහුණකට සෝදා ගන්නට ගිය සැණින් ඈ බිත්ති අල්මාරිය ඇරියාය. එහි වකුටුවී දාඩිය පෙරාගෙන සිටි සොර සැමියා එළියට දැමීය. අරුණෝදයේ මේ දිනවල පවතින අඳුරද හොර සැමියාගේ වාසියට හේතු විය. ඔහු ඕනෑම ජගත් ධාවන තරගයකට ගියා නම් ජය සිකුරුය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූ හූ හොද වඩේ......
සමහර අය කරන නොහොබිනා වැඩ නිසා පිරිහෙන්නේ මුලු ගෑණු සන්හතියමයි
ජරා කාන්තාවන්..
ඈ නිශාන්ත, එතකොට මිනිහ හරිද????? :D ඔය මිනිහත් පව්ල් කාරයෙක් ෂුවර් එකටම