(වියලුව වාර්තාකරු)
සිය බිරියට මානසික රෝගයක් වැළඳී ඇතැයි සිතූ සැමියෙකු හිතවත් ගුරකු ගෙන්වා මල් බුලත් තට්ටුවක් සාදා තොවිලයක් කිරීමට සැරසෙද්දී මල් බුලත් තට්ටුවේ තිබූ මැටි රූපයෙන් හා එහි වූ පොල් ගෙඩියකින් ගුරාට පහරදී ගුරාත් සැමියාත් ආවතේවකරුවනුත් පන්නා දැමූ බිරියක් පිළිබඳ පුවතකි මේ.

ගුරුකමට උදව් උපකාර කිරීමට ගිය පුද්ගලයෙකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
ඇය තරමක් කටකාර කාන්තාවකි. විවාහයෙන් පසුවද ඇය සිය සැමියාට නිතර දෙවේලේ බැන වැදුණේ කිසිදු හේතුවක් පවා නොමැතිවය. බිරියගේ මෙම අපූරු ජීවන රටාව හේතුවෙන් ඔහු පසුවූවේ ද දැඩි කනස්සල්ලෙනි.
බැරිම තැන ඔහු අසල්වැසි ගමේ හිතවත් ගුරෙකු ට මේ බව කියා සිටියේ ඔහුගෙන් හෝ යම් විසඳුමක් ලැබේය යන අපේක්ෂාවෙනි. තෙල් බේත් මැතිරීමත් බලි තොවිල් කිරීමත් සිය ජීවන වෘත්තිය කරගත් ගුරාගෙන්ද ඊට ලැබුණේ කදිම අනුබලයකි.
“අනිවාර්යෙන්ම ඔයාගේ නෝනට තියෙන්නේ මානසික ලෙඩක්, මල් බුලත් තට්ටුවකට මතුරලා කහ නූලක් බැන්දම වැඬේ හරි යයි” පැවසූ ගුරා ඊට දිනයක් ද නියම කර දුන්නේ ගුරුකමට සාධාරණ ගානක් ද පොරොන්දු වෙමිනි.
නියමිත දිනයේ ආවතේවකරුවන් දෙදෙනෙකු ද කැඳවාගෙන උදෑසනින්ම එම නිවෙසට පැමිණි හෙතෙම ගුරුකමට අවශ්‍ය මල් බුලත් තට්ටුව සහ සෙසු කළමනා සූදානම් කළේ රාත්‍රී කාලයේදී සිදු කෙරෙන බාරදූර කටයුත්ත පිළිබඳ නිවැසි කාන්තාව ද දැනුවත් කරමිනි.
සාලයේ ඉදිරිපසින් වරින් වර නැගෙන කොක්හඬලා සිනාසීම් මෙන්ම ගුරා විසින් සිදු කරනු ලබන විවිධ පුරාජේරු කථා ඇසීම නිසාත් තමුන්ට කිසියම් රෝගයක් ඇතැයි පැවැසීම නිසාත් උදෑසන සිටම නිවැසි කාන්තාව සිටියේ පුපුරු ගසමිනි.
ගතවූයේ හෝරා දෙකකටත් අඩු කාලයකි.
වැළහින්නක් සේ ගුරුකම සිදුවන ස්ථානයට කඩා වැදුණු නිවැසි කාන්තාව මහහඬින් බැනවදිමින් ගුරා විසින් ඒ වන විටත් අඩක් නිම කොට තිබූ මැටියෙන් තැනූ රූපයක් රැගෙන එයින් ගුරාටත් අවතේව කරුවන්ටත් පහරදෙමින් යකා නටන්නට පටන් ගත්තේ සැමියා මෙන්ම පැමිණි පිරිසට ද දෙස් දෙවොල් තබමිනි.
නිවැසි කාන්තාවගේ රඟපෑමෙන් දැඩි භීතියට පත් වූ ගුරාත් ආවතේවකරුවනුත් හීන්සීරුවේ සිය ගමන්මලු_ ද රැගෙන පල්ලම් බසිද්දී ඇය, සිය සැමියාද මිදුලට තල්ලුකර දැම්මේ “අරුන් එක්ක උඹත් පලයන්” යැයි පවසමිනි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොවිලය පටන් ගන්නත් කලින් බිරිය මායම් වෙලා