IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රිරෝද රියේ හයර් එක නොදී මාරුවී ආරක්ෂකයකුත් ගොනාට අන්දලා

ගබඩා සංකීර්ණයකට ඇතුළු වූ කහපාට ටීෂර්ටයක් හැඳ අව් කණ්ණාඩියකින් සැරසුණු පුද්ගලයෙකි. ඔහු අත කුඩා පාර්සලයක් විය. “කොහාටද යන්නේ” ආරක්‍ෂක නිලධාරියා විමසීය. “මම හරි අමාරුවෙන් ඉන්නේ. මට ටොයිලට් එක පෙන්නනවද” ඔහු බැගෑපත් විය. අනුකම්පා කළ ආරක්‍ෂක නිලධාරියා වැසිකිළිය පෙන්විය. 


වැසිකිළිය තුළට ගිය පුද්ගලයා වෙනුවට ඉවතට පැමිණියේ වෙනත් අයෙකි. කල්පනාවක නියැලී සිටි ආරක්‍ෂක නිලධාරියා “දැන් ඔයාද ටොයිලට් එකට ගියේ” යනුවෙන් ඇසීය. “ඔව් මම තමයි. ටී ෂර්ට් එක කිළිටි නිසා මාරු කරගත්තා” රතුපාට කමිසයකින් සැරසී අව් කණ්ණාඩිය නොමැතිව  සිටි ඔහු සිගරැට් කිහිපයින් ආරක්‍ෂක නිලධාරියා අත තැබූ හෙතෙම පිටව ගියේය.


 විනාඩි දහයකින් එතැනට පැමිණි තරුණයෙක් “අයියා මේක ඇතුළට කහපාට ටී ෂර්ට් එකක් ඇඳගෙන සන් ග්ලාස් එකක් දාගත්ත කෙනෙක් ගියාදැයි” ආරක්‍ෂක නිලධාරියාගෙන් විමසීය. “ඔව් ඔව් ටොයිලට් එකටත් ගිහිල්ලා ඇඳුමක් මාරු කරගෙන යන්න ගියා”හෙතෙම පැවසීය.


“හරි වැඬේනේ මගේ ත්‍රීවීල් එකේ කිරිබත්ගොඩ ඉඳන් ආවේ. මෙතැනට ඇවිල්ලා කිව්වා මේක අපේ බොස්ගේ ඔෆීස් එක. එයාගේ කාර් එක තියෙනවා. ටිකක් ඉන්න මම සල්ලි අරන් එන්නම්” කියලා යැයි තරුණයා පැවසීය. “කීයද හයර් එක” ආරක්‍ෂක නිලධාරියා විමසූ විට “රුපියල් හත්සිය පනහයි” පැවසූ තරුණයා ත්‍රීරෝද රථය වෙත පැමිණියේය.


 ක්‍රිස්ටෝපර් සීපියන් 



අදහස් (0)

ත්‍රිරෝද රියේ හයර් එක නොදී මාරුවී ආරක්ෂකයකුත් ගොනාට අන්දලා

අබේරත්න Monday, 05 September 2016 06:25 AM

‘ජේම්ස් බොන්ඩ්‘ වගේ පොරක්....(බ)

:       0       0

කලුතර කරූ Tuesday, 06 September 2016 02:16 PM

ජේම්ස් බොන්ඩ් නෙවෙයි මෝඩ මූසලයෙක් (අ)

:       0       0

මහේෂ් ඩුබායි Monday, 05 September 2016 09:34 AM

පුදුම කපටි මිනිස්සු. පව් අහිංසක රියදුරා. අද ලංකාවේ ජීවත් වෙන්න එක මොලයක් නෙමෙයි මොළ දහයක් තිබුනත් මදි. කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site