නාඋල පිහිටි රාජ්‍ය බැංකුවකින් උකසට තැබූ රන් මාලයක් බේරාගෙන ආපසු යමින් සිටි කාන්තාවකගේ එම රන් මාලය කොල්ල කෑ පුවතක් නාඋලින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය

නාඋල මේල්පිටිය ප්‍රදේශයේ මැදි වියැති කාන්තාවක නාඋල රාජ්‍ය බැංකුවක උකසට තැබූ රන් මාලය බේරාගෙන ආපසු එමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක නම සඳහන් කරමින් ඇයට ත්‍යාගයක් ලබාදීමට අවශ්‍ය බව පවසා ඇත.
රාජ්‍ය බැංකුවට මඳ දුරකින් පිහිටි නාඋල ප්‍රධාන බුද්ධ මන්දිරය ආසන්නයට යන ලෙස අදාළ කාන්තාවට දැනුම් දීමෙන් අනතුරුව ඔයාගේ සාරියත් ලස්සන වැඩි හින්ද කරේ තියෙන මාලේ ගලවලා බෑග් එකට දාන්න. අපි ඔයාව ටීවී එකෙන් පෙන්නනවා යැයි ඔවුන් කියා ඇත
පසුව ඇය තම ගෙල බැඳි රන් මාලය ගලවා සිය අත් බෑගයේ දමාගෙන බුද්ධ මන්දිරයේ දෙසට වැඳගෙන සිටියේ ඔවුන්ගෙන් ලැබුණ උපදෙස් අනුවය.
පිටුපසින් ඇගේ වන්දනාව වීඩියෝ ගත කරන බව පැවසූ දෙදෙනා ලද ඇසිල්ලෙන් කාන්තාවගේ අත්බෑගය ද රැගෙන ස්ථානයෙන් පලාගොස් ඇති බව කාන්තාව දැනගෙන ඇත්තේ බුද්ධ වන්දනාව නවතා පිටුපස බලන විටය.
සිද්ධිය කිසිවකුටත් නොකියා පසුව සැමියාට පමණක් කීමෙන් පසු කෙසේ හෝ අවට ගම්වාසීන්ට ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය වාර්තාවන අන්දමට රූපවාහිනියේ පෙනී සිටීමට ඇති ආශාව නිසා වංචනිකයන්ට හසුවී තමන් සතු රන් මාලය ද අහිමිවීම පිළිබඳ බොහෝ පිරිස් කියා සිටියේ නන්නාඳුනන පිරිස් සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් කටයුතු කළේ නම් මෙම සොරුන් පොලිසියට කොටුකර දීමට අවස්ථාව තිබුණ බවයි.
(නාඋල ඉන්දික අරුණ කුමාර)
2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටී.වී. රංගනයට ලොල්වී රන් මාලය නැතිකරගෙන