IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ඡන්දදායකයා අපේක්ෂකයා ගොනාට අන්දවයි

(තණමල්විල - සුජීව ජයවික‍්‍රම)
පළාත් ඡුන්දය පැවැත්වෙන ඌව පළාතේ බොහෝ ඡුන්ද දායකයෝ අලූත්ම කලාවකට පුරුදු වී සිටිති. එනම් එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන කටයුතු සඳහා දේශපාලකයන්ගේ සහයෝගය ලබාගැනීමට නොහොත් දේශපාලකයාගේ දත ගැලවීමටය. එවැනි එක් සිද්ධියක් තණමල්විල ප‍්‍රදේශයෙන් ද සැල විය.


මෙම පුද්ගලයාගේ නිවෙසට පැමිණි අපේක්ෂකයකුගේ පිරිසකට සිය දුක් ගැනවිල්ල වූ ස්ථීර වැසිකිළියක් නොමැති බව කී පසු ඒ සඳහා මුදලක් ද අධ්‍යාපනය ලබන දරුවන්ට පොත්පත් ගැනීමට තවත් රුපියල් 4000/-ක් ද ඊට අමතරව පෝස්ටර් මිටියක්ද දුන්නේ ප‍්‍රචාරක කාර්යාලයක් පවත්වාගෙන යාමටය.

පසුදා එම පොස්ටර් අලවා කාර්යාලයක් හැදුවේය. එහෙත් එය තිබුණේ දින තුනකි. ඊට පසු එම කාර්යාලයේ තිබුණේ එම පක්ෂයේම වෙනත් අපේක්ෂකයකුගේ ඡයාරූපයකි.


මේ ගැන විමසූ කල ඔහු මෙසේ කීවේය.
”මේ පෝස්ටර් ටික ගහගෙන ඉද්දී වෙන අපේක්ෂකයෙක් කීව අපි මෙච්චර මුදලක් දෙන්නම් කියලා. ඉතිං ඒ සල්ලි අරගෙන අර පෝස්ටර් ගලවල මේව ගැහුව. ඉතිං හෙට අනිත් පක්ෂයෙ කෙනෙක් මෙහෙම ආවොත් මම එයාලගෙ පෝස්ටරුත් ගහනවා.” ඔහු එසේ කීවේ මහ හයියෙන් සිනාසෙමිනි.



අදහස් (0)

ඡන්දදායකයා අපේක්ෂකයා ගොනාට අන්දවයි

රෙජි-සිඩ්නි Monday, 15 September 2014 01:20 AM

මිනිහා කරලා තියෙන්නේ තැනට සුදුසු විදිහට මොළය පාවිච්චි කරන එකයි. නැත්නම් කොහොමද මේ සමාජයේ අද ජීවත්වන්නේ. (නි)

:       0       0

කුමාරි Saturday, 13 September 2014 10:35 AM

කල දුටු කල වළ ඉසගැනීම. (නි)

:       0       0

මාලි Saturday, 13 September 2014 11:05 AM

හොඳ වැඩේ (නි)

:       0       0

චමින්ද Friday, 12 September 2014 08:17 PM

අහුවෙච්ච වෙලාවේ, දත් තිස් දෙකම ගැලෙව්වත් කමක් නැහැ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 14 September 2014 06:36 AM

සමහර දියුණු රටවල ඡන්දෙකට වියදම් කරන්න පුළුවන් මුදල සිමා කරලා තියෙනවා වගේම එ් මුදල් ලැබුන විදියත් පෙන්නන්න ඕනා. එතකොට රටේ මුදල් නාස්තිය නවතිනවා මෙන්න මේ වගේ නීති අපේ රටටත් ගේන්න කාලේ දැන් හරි (නදී)

:       0       0

ජෙහාන් Sunday, 14 September 2014 07:11 AM

පෝස්ටර් ටික ඇලෙව්වේ ගත්තු සල්ලි වලින් අටවාගත්ත වැසිකිලියේද දන්නේ නැහැ. (නදී)

:       0       0

මහේෂ් Monday, 15 September 2014 03:06 PM

මිනිහගේ ලිපිනය ඉල්ලා ගන්න බැරි වෙයිද දන්නේ නෑ අපටත් ගමට බහින්න (නදී)

:       0       0

මනෝජ්-සාජා Saturday, 13 September 2014 03:00 AM

මල්ලි හරි මල්ලි. ඔහොම තමා කරන්න ඕනා. (නදී)

:       0       0

සුසිර Saturday, 13 September 2014 05:39 PM

ඔය විදිහට කියූ ඡන්දදායකයා තවමත් යහතින් ඉන්නවද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 15 September 2014 06:27 AM

හරියට හරි. මෙච්චර කල් ඡන්ද අපේක්ෂකයෝ ඡන්ද දායකයවයි ගොනාට ඇන්දුවේ ඔබ හරි මල්ලි . ඔහොම යං , ඔහොම යං.(අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Saturday, 13 September 2014 03:54 AM

ඔය කොපමණ වියදම් කලත් අන්තිමේ ඡන්දය ලැබෙන්නේ ගැමියාගේ දුක හඳුනාගත්, මරණයකට , මගුලකට සහභාගිවෙන සමාජ සේවයට කැපවී සිටින දේශපාලනයෙන් මුදල් මඩි නොගැසූ ගමේම අපේක්ෂකයාටයි (නදී)

:       0       0

සෑම් Saturday, 13 September 2014 04:07 AM

අපේක්ෂකයින් කරන්නේ ඡන්ද දායකයින්ව රවටන එකයි. ඡන්ද දායකයින්ටත් අපේක්ෂකයින් රවටන්න සම්පුර්ණ අයිතිය තියනවා. (නදී)

:       0       0

සුමුදු Saturday, 13 September 2014 11:06 PM

හිතාගෙන ඉන්නේ අපේක්ෂකයා ගොනාට ඇදගත්තා කියලා වුණාට අන්තිමට ගොනා වෙන්නේ ඡන්දදායකයාමයි, හරියට කල්පනා කරලා ඡන්දෙ දුන්නේ නැත්තම්. (නි)

:       0       0

සිරි Saturday, 13 September 2014 11:59 PM

නියමයිනේ! (නි)

:       0       0

අම්පාරේ දුමිත Sunday, 14 September 2014 02:46 PM

සෑම්ගේ කීමට මමත් එකඟයි (නි)

:       0       0

සම්පත් Saturday, 13 September 2014 06:48 AM

හැමදාමත් වුණේ මේකම තමා.ජනතාව දේශපාලකයන් අන්දනවා දෙශපාලකයන් ජනතාව අන්දනවා .අලුත් දෙයක් නැහැ මෙතන වියදම් කරන්න කියල දෙන සල්ලි වලින් බාගයක්වත් අාධාරකරුවෝ වියදම් කරන්නේ නැහැ. (අ) සාක්කුවල දාගන්නවා

:       0       0

පද්මිණී Saturday, 13 September 2014 07:55 AM

ඔන්න ඔහොම තමා ඡන්දෙ දවසටත් කරන්න ඕනා (නදී)

:       0       0

සංජය Saturday, 13 September 2014 08:35 AM

වැඩේ හොඳයි (නි)

:       0       0

රුවන් Saturday, 13 September 2014 08:38 AM

ඡන්දය අවසන්වෙලා දුන් මුදල පොලියත් එක්ක දෙන්න වේවි. (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 14 September 2014 07:11 PM

ඒක තමයි දේශපාලනය කියන්නේ (නි)

:       0       0

තිලංක Tuesday, 16 September 2014 04:44 AM

ලංකාවේ බුද්ධිමත් ඡන්දදායකයින් ඉන්න එක ගැන රටත් වශයෙක් ආඩම්බර වෙන්න ඕනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30495 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12505 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10902 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 241 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site