(තිහගොඩ උපසේන ලියනගම)
බස්නාහිර පළාත් උප ප්‍රධාන නගරයකි. එහිවූ වෙළෙඳ සලකට පසුගියදා පාරිභෝගිකයකු ගියේ වතුර මෝටරයක් මිලදී ගැනීමටය. අඩු මිලට වතුර පොම්ප මිලදී ගැනීමට නම් මෙම වෙළෙඳ සලකට යන ලෙස තම හිතවතකු කී නිසා ඔහු පැවසූ මං සලකුණු ඔස්සේ ගිය පාරිභෝගිකයාට එම වෙළෙඳසල සොයා ගැනීම අපහසු නොවූයේ එහි ඉදිරිපස දැන්වීම් පුවරුවේ “වතුර මෝටර්ස්” යනුවෙන් සඳහන් වූ නිසාය.
එහෙත් වෙළෙඳසලේ සේවකයාගෙන් වතුර මෝටර් ගැන විමසූ විට මෙහි ඇත්තේ මෝටර් රථ අමතර කොටස් පමණක් බව කී නිසා ඔහු අන්දමන්ද විය. “එහෙනං ඉස්සරහ බෝඞ් එකේ වතුර මෝටර්ස් කියල ගහල තියෙන්නේ” ඔහු කීවේ තරමක කේන්තියෙනි.
“අංකල් ඒ වතුර මෝටර් කියල නෙවි. චතුර මෝටර්ස් කියල. අපේ මුදලාලිගෙ නම චතුර. ඔය කියන වතුර පොම්ප කඬේ තියෙන්නේ තව මීටර් දෙසීයක් විතර එහා” සේවකයා කීමෙන් පාරිභෝගිකයාට දෙවියන් සිහිවුණාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් සිහි වුණා... කෙසේ වෙතත් මැරෙන්න හිතෙන්නත් ඇති...
දැන් වතුර මෝටර් විකුනන්න පටන් ගන්න. චතුර,