(මනෝජ් හර්ෂික)
කෙටි චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීමට කටයුතු ආරම්භ කළේය. මේ සඳහා ජනප්‍රිය පාසලක ගුරුවරයකු තම නිර්මාණ හැකියාව උරගා බැලීම සඳහා යුහුසුළුව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය.
මෙම චිත්‍රපටය නිර්මාණය කර නිම කරන විට චිත්‍රපට බාර ගන්නා අවසන් දිනය ආසන්න වී තිබූ නිසා ගුරුවරයා තම නිර්මාණය සීග්‍රගාමී තැපෑලෙන් නිර්මාණ තරගය පවත්වන ආයතනයට යැවීය. මාසයකට ආසන්න කාලයක් ගතවිය. අදාළ ආයතනයේ ගුරුවරයාට ලිපියක් එවා තිබුණි. එහි සඳහන්ව තිබුණේ ඔහුගේ නිර්මාණ අවසන් හොඳම නිර්මාණයන් අතරට තෝරා ගෙන ඇති බවත් චිත්‍රපට සම්මාන උළෙල සඳහා සහභාගී වන ලෙසත්ය. නියමිත දිනය උදා විය. ගුරුවරයා චිත්‍රපට සම්මාන උළෙලට සහභාගී විය. ඔහුගේ නිර්මාණය හොඳම නිර්මාණය ලෙසට සම්මානයට පාත්‍ර විය. නිවේදකයා ඔහුගේ නම හා චිත්‍රපටයේ නම කියා වේදිකාවට ආරාධනා කළේය. ඔහුගේ නම හරියට කියූ නමුත් චිත්‍රපටයේ නම ඔහු යෙදූ නම නොවීය.
චිත්‍රපටයේ නම “බිඳෙන සුළුයි ප්‍රවේශමෙන්” ලෙස නම් කර තිබුණි. ඔහුට මෙය මහත් ප්‍රහේලිකාවක් විය. සම්මානය ගන්නවා වෙනුවට ඔහු සංවිධායක මණ්ඩලයෙන් මේ පිළිබඳව විමසුවේය. සංවිධායක මණ්ඩලයටද මෙය මහත් ගැටලුවක් විය. පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී ගැටලුවට හේතුව සොයා ගත්තේය. එනම් ගුරුවරයා තම චිත්‍රපටය අඩංගු සී.ඩී. පටය තැපැල් ස්ථානාධිපතිට බාර දීමෙන් පසු එය ප්‍රවේශමෙන් යැවිය යුතු නිසා සී.ඩී. පටය බහාලූ කවරයේ ඉහළන් ලොකු අකුරින් “බිඳෙන සුළුයි ප්‍රවේශමෙන්” යැයි ලියා ඇත. මෙය වැරදියට වටහා ගත් සංවිධායක මණ්ඩලය එය චිත්‍රපටයේ නම යැයි සිතා ඇත.
2025 දෙසැම්බර් මස 04
206
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චිත්‍රපටයේ නම දැකලා අධ්‍යක්ෂක හොල්මන්වෙලා