සාදයකට සහභාගිවීම සඳහා දුර ප්‍රදේශයකින් පැමිණි පිරිසක් මධුවිත සප්පායම් වීමට ගහේ බඩු සොයා බැහැර ගොස් නැවත පැමිණෙන විට සාදය හමාරවී තිබීම නිසා ඔවුන්ට ගෙදර ඉතුරුපහදු වී තිබූ කෑමවලින් සෑහීමට පත්වන්නට සිදුවූ පුවතක් මාතර දිසාවේ උපනගරයකින් අසන්නට ලැබිණ. දියණියකගේ වැඩිවිය පැමිණීම නිමිත්තෙන් පැවති සාදයකි. සාදයේ සියලු සංග්‍රහ සත්කාර සිදුකිරීම සඳහා කේටරින් සේවා ආයතනයකට බාර දී තිබිණ. සැලකිය යුතු ඉහළ මට්ටමකින් රාත්‍රී භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණ ද මත්වතුර නම් අහලකවත් ගෙන නොඒමට නිවැසියන් තීරණය කර තිබී ඇත.
එම නිසා කෑමට පෙර බීම අවශ්‍ය අය ඒ සඳහා විකල්ප ස්ථාන සොයා ගියහ. ඒ අතර ඈත නාගරික ප්‍රදේශයකින් පැමිණි තරුණ පිරිසකට මඟුල් ගෙදරට ගොඩවීමටත් පෙර ඔවුන්ගේ පැරණි පාසල් මිතුරකු මුණ ගැසී ගහේ බඩු තිබෙන ස්ථානයකට යාමට ඇරියුම් කළේය. එම ඇරියුම කනවැකුණු සැණින් ඔවුහු මිටෙන් හළ කුරුල්ලන් මෙන් තමන් පැමිණි වාහනයෙන්ම එම ස්ථානය බලා ඉගිලී ගියහ. කලකින් ලබුණු කිතුල් රා ටික ඔවුන්ට අමෘතයක් මෙන් විය. මිතුරා සමඟ ද ආගිය තොරතුරු කතාකරමින් මල් පැණි තොල ගෑ පිරිසට සාදය පිළිබඳව මතක් වන විට මැදියම් රැයට ද ආසන්නය. දැන් ඇතැමෙකුට බඹර පදංය.
කෙසේ හෝ මඟුල් ගෙදරට යන විට සියලු දේ අස්පස් කර කේටරින් ආයතනය ද ආපසු ගොසිනි. නිවසේ කිසිවෙකුටත් මොවුන් පිළිබඳව මතකයක් ද තිබී නැත.
කෙසේ වෙතත් බතක් උයා පොල් සම්බෝලයක් ද සාදා සාදයේ ඉතුරු වී තිබූ කෑම වර්ග ද සමඟ ආගන්තුක පිරිසට සංග්‍රහ කිරීමට නිවැසියෝ යුහුසුළු වුණාලු.
(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
2025 නොවැම්බර් මස 21
5
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගහේ බඩු සොයා ගොස් වැඬේ වැරදිලා
වික්‍රම Monday, 25 July 2016 03:50 PM
අපේ පැතිවල ඉතින් සුපිරිම දේවල් තමයි තියෙන්නේ. නැද්ද ජයා? (නි)
මූර්ති Saturday, 23 July 2016 05:54 AM
හොඳ වැඩේ! (නි)
පිටිගල Sunday, 24 July 2016 04:45 AM
ඉතින් නියමයි නේ? කාලෙකින් වෙනසක්. කිතුල් රා. පොල් සම්බෝල එක්ක බත්. සුපර්. නේ මගුල් කියන්නේ අන්න නියම මගුල් (බ)
ජයරත්න Saturday, 23 July 2016 01:02 PM
වෙච්ච දෙයක්.(හේ)
අසෝකා Friday, 22 July 2016 08:36 PM
තැනකට ගියාම එතන මිනිසුන්ට ප්‍රිය විදියට, හිරිහැරයක් නොවන විදියට ඉන්න දන්නේ කීයෙන් කී දෙනාද? ගෙවල් වල උවමනාවක් වුණාම ඒ ගෙවල්වල මිනිස්සු කොච්චර මහන්සි වෙනවද කියලා සමහරු හිතන්නෙම නැහැ. කනමදයෝ වගේ බීගෙන මුළු උත්සවයම අවුල් කරනවා. (නි)