IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ගෝලයාගේ ලකුණු කපන්න ගුරා අමුතුම තට්ටුවක් දාලා

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
තමන්ට වඩා හොඳට කැත්තක් හැදූ ගෝලයා ගැන ඊර්ෂ්‍යාව නිසා එම කැත්තට  අපූරු වැඩක් කළ කම්මල් බාසුන්නැහැ කෙනකු පිළිබඳව පිටිසර ප්‍රදේශයකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය, 


කම්මලේ ප්‍රධාන බාසුන්නැහැ පොළට ගිය අවස්ථාවක කැත්තක් සාදවා ගැනීමට ප්‍රදේශවාසියෙක් කම්මලට ගියේය. ප්‍රධාන බාසුන්නැහැ නොමැති බව දැන ඔහු කම්මලේ ගෝලයාට පවසා ඇත්තේ කෙසේ හෝ අද තමන්ට කැත්තක් සාදා ගැනීමට අවශ්‍ය බවය. ප්‍රධාන බාසුන්නැහැ නොමැති අවස්ථාවක තමන්ට එය ඉටුකර දිය නොහැකි බවත්, බාසුන්නැහැ දවල් වනවිට කම්මල වෙත පැමිණෙන බව ගෝලයා පවසා තිබේ. එහෙත් ඔහු පෙරැත්ත කරමින් පවසා ඇත්තේ කෙසේ හෝ අද තමන්ට කැත්තක් සාදවා ගැනීමට අවශ්‍ය බවත් බාසුන්නැහැ එනකම් බලා සිටීමට නොහැකි බවය. ඔහුගේ පෙරැත්තය නිසාම ගෝලයා කැත්තක් සදා හමාර කොට ඔහුට ලබා දී තිබේ. කැත්තට මුදල ගෙවා එම පුද්ගලයා ආපසු යන අතරමග කම්මලේ ප්‍රධාන බාසුන්නැහැ හමු වී තිබේ. එවිට බාසුන්නැහැ නොමැති නිසා හදිසියේ කැත්තක් සාදවා ගත් බව ඔහු පවසා තිබේ.  


කැත්ත පරීක්ෂා කර බැලූ ප්‍රධාන බාසුන්නැහැ, මේකේ පොඩි ඇදයක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න යැයි පවසා පොළෙන් ගෙනා එළවළු මල්ලෙන් වම්බටු ගෙඩියක් ගෙන කැත්තේ තලයට තට්ටුවක් දමා දැන් හරි යැයි පවසා ඇත්තේ ඔහු අන්දුන් කුන්දුන් කරමිනි. ගෙදර යන තෙක් එම සිදුවීම කල්පනා කර කර ගිය ඔහුට කාරණය අවබෝධ විය. වැඩේ හරියටම කළ ගෝලයාට ලකුණු වැටෙන නිසා මේ වැඩය කළ බව වැටහුණු ඔහු ගෙදර ගොස් ගමේ ප්‍රවෘත්ති ප්‍රචාරයේ ප්‍රමුඛ තැනක් ගන්නා සිය බිරිඳට කාරණය පැවැසුවේය. ගමේ ලැව් ගින්නක් මෙන් ප්‍රචාරය වූ මෙම සිදුවීම නිසා ප්‍රධාන බාසුන්නැහේ හමු වූ විට ගමේ කොල්ලන් බාසුන්නැහැ බට්ටක් නැද්ද ඇද හැර යන්න යැයි ඇසු විට බාසුන්නැහැගේ ඔවුන්ට බැණ බැණ යන්නේ හොඳම වචන වලිනි.



අදහස් (0)

ගෝලයාගේ ලකුණු කපන්න ගුරා අමුතුම තට්ටුවක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 41 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site