(තිහගොඩ උපසේන ලියනගම)
කඹුරුපිටිය මහ රෝහල අසල වූ සරු සාර ගමකි. කොස්ගසක අවාරයේ ගෙඩි හැදී ඇති බව දුටු තරුණයින් දෙදෙනකු ගෙවතු හිමියා හමුවට ආවේ පන්සලේ දානය සඳහා කොස් ගෙඩි දෙකක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.
මේවා විකුණන්නෙ නෑ. වතු හිමියා කීවේ මෙය කොස් අවාරය නිසා නොදීමේ තීරණය මතය.

“අනේ මන්දා හාමුදුරුවො තමයි කිව්වේ” ඔවුහු කීහ. මඳක් කල්පනා කළ ගෙවතු හිමියා එහෙනම් ඔය ඉහළට තියෙන ගෙඩි දෙකක් කඩා ගන්නවා’ කියා ඔවුන්ට උස කෙක්කක්ද දුන්නේය.
කොස් ගස ළඟට ගිය තරුණයෝ බිමසිට දෙකක් වෙනුවට කීපයක්ම කඩා ගන්න ගසට නගින විටම නිවසට ත්‍රිරෝද රථයක් ආවෙන් වහා ගසින් බැස්ස ඔවුහු ගෙඩි දෙකක් රැගෙන පැන ගියහ. ත්‍රිරෝද රථයේ හිටියේ හිමිනමකි.
“කවුද හාදයො දෙන්නෙක් පන්සලේ තැඹිලිත් බීලා. දාන ශාලාවටත් රිංගලා කාල බීල මේ පැත්තට ආව කිව්වට බලන්න ආවෙ” උන් වහන්සේ කීවිට වතු හිමියා සිදුවූ වින්නැහිය කීවේ ලොකු තැති ගැන්මකින් ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd