IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගෑනු පස්සෙන් යනවාට ගෙදර ගෑනිගෙන් රිදෙන්න දඬුවමක්

තම විවාහක ස්වාමි පුරුෂයා සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් නිසා ඔහුට අපූරු දඬුවමක් දුන් තරුණ බිරියක් පසුව පැමිණ පොලිසියට බාරවූ බව හලාවත පොලිසිය කියයි.


හලාවත ඉරණවිල ධීවර ගම්මානයේ පදිංචි 32 වැනි වියේ පසුවන තරුණ එක් දරු මවක වූ කාන්තාවක් තමන් තම සැමියාගේ රහසඟට පිහි පහරක් එල්ල කර ඊට හානි පැමිණවූ බව කියමින් පොලිසියට බාර වී ඇති බවත් ප්‍රශ්න කිරීමේ දී තම සැමියා අනියම් බිරියන්ගේ පහස සොයා යන බැවින් නිතර ඔහුට තමා අවවාද කළ බවත් එහෙත් එම අවවාදවලින් සැමියා යහමගට නොපැමිණි නිසා තමන් පිහියක් ගෙන ඔහුට මෙම දඬුවම දුන් බවත් පොලිසියට පවසා ඇත.


මේ අතර මෙම බිරියගේ ස්වාමි පුරුෂයා බව කියන පුද්ගලයා තම රහසඟ කැපී තුවාලයක් සිදුවූ බව කියා ප්‍රතිකාර සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වූ බව රෝහල් පොලිසිය ද කීය.


සැමියාගේ තත්ත්වය බරපතළ නොවන අතර ඔහු ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිත බවත් රෝහල් ආරංචි මාර්ග පැවැසීය. 
(හලාවත - ඔගස්ටින් ප්‍රනාන්දු)



අදහස් (0)

ගෑනු පස්සෙන් යනවාට ගෙදර ගෑනිගෙන් රිදෙන්න දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site