IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගෙදරට ආ ගිය නැන්දාට අනංගයා පාර පෙන්නලා

ඔහු අවුරුදු 22ක තරුණයෙකි. ඔහුගේ මව 49 හැවිරිදිය. මවගේ හොඳම මිතුරිය ජීවත් වන්නේ ගෙවල් සමීපයේය. මිතුරිය 54 වියැතිය.


මිතුරිය නිවසේ සිටින්නේ තනිවමය. ස්වාමිපුරුෂයා නොමැති ඇගේ දරුවන් ආවාහ විවාහ වී වෙන්වී සිටීම නිසා මිතුරිය තනිවම ජීවත් වේ.


මිතුරියන් දෙදෙනා ඔවුනොවුන්ගේ නිවෙස්වලට යති, එති. කෑම බීම ද හුවමාරු කර ගනිති.


තරුණයා මවගේ යෙහෙළියට කියන්නේ නැන්දා කියාය. මවගේ මිතුරිය නිවසට පැමිණි විට නැන්දලා පුතාලා සතුටු සාමීචියේ කතාය.


තරුණයා මවගේ මිතුරියගේ නිවසට ඉඳහිට යනු එනු ද කරයි.


දිනක් ඔහු නැන්දාගේ නිවසට ගිය විට ඇගේ දුවක් නිවසට පැමිණ සිටියාය. තොරතුරු සොයා බැලූවිට හෙළිවූයේ දුව සැමියා සමග අමනාපවී නිවසට පැමිණ ඇති බවය.


තරුණයා දිනක් නැන්දාගේ දියණියට හොඳටම බැණ වැදී නිවසින් යන ලෙස තර්ජනය කළේය.


කවුරුවත් නැති කාලේ නැන්දා බලාගත්තේ කෑම බීම දුන්නෙත් අපි. දැන් මොනවද මෙහේ කරන්නේ. යන එකනේ ඇත්තේ තරුණයා තර්ජනාත්මකව පැවසීය.


බේරුමක් නැති තැන නැන්දාගේ දුව මේ පිළිබඳව අම්බලන්තොට පොලිසියට පැමිණිලි කළාය.


පැමිණිලි විභාගයට නැන්දාත් දුවත් තරුණයාත් ඔහුගේ මවත් පැමිණියහ.


මොකද මේ තරුණියට නිවසින් යන්න කියලා තර්ජන කරන්නේ යැයි පැමිණිලි විභාග කළ පොලිස් නිලධාරියා උස් හඬින් විමසීය.


ඇත්තම කියනව නම් එස්.අයි. මහත්තයා නැන්දත් මාත් අතර පොඩි ඇයි හොඳයියක් තියෙනවා. නැන්දා නැතුව මට ඉන්න බැහැ. මෙයා අපිට බාධාවක් ඒ නිසයි ගෙදරින් යන්න කිව්වේ යැයි තරුණයා බැගෑපත්ව කීය.


සියල්ලන්ටම ඇත්ත හෙළි වූයේ එහිදීය. තරුණයා හා නැන්දා බිම බලා ගත්හ.


එහෙනම් මට හොඳින් යන්න කියන්නේ ඒකයි. දුව කීවාය.


එහෙම නම් අපි මේ ආරවුල සමථ මණ්ඩලයට දානව පොලිස් නිලධාරියා පැවැසීය.



අදහස් (0)

ගෙදරට ආ ගිය නැන්දාට අනංගයා පාර පෙන්නලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site