තම යතුරුපැදියට ලාබෙට ඉන්ධන ගැනීමට ගොස් තමාගේ මුළු සේසතම නැති කර ගත් කුඩා ව්‍යාපාරිකයකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකිනි. ඉන්ධන මිල ඉහළ යන බව යහළුවකුගෙන් දැන ගත් ඔහු කඩිනමින් තම යතුරුපැදිය ද ප්ලාස්ටික් බූලියක් ද රැගෙන ඉන්ධන පිරවුම්හලට ගියේ රාත‍්‍රියේය. ඒවන විටත් දිග පෝලිමක් එහි විය. තම වාරය ආ විට මුලින්ම යතුරුපැදියට පිරෙන තෙක් පෙට‍්‍රරල් ගැසීමට කී ඔහු සාක්කුවට අත දැම්මේ මුදල් පසුම්බිය ගැනීමටය. ඔහුට දෙවියන් සිහිවූයේ එය නොවූ හෙයිනි. ගෙදර තිබූ සේසතම එහි දමාගෙන ආවේ ඉන්ධන ගැනීමට බව කියමින් වට පිටාවේ සිටි අය සමග අරගලයක් කරන්නට සූදානම් වුවත්, ඉන්ධන හලේ සේවකයන් ඔහු එතැනින් ඉවත්කොට තම කාර්යය කරගෙන ගියේ ඔහු තම යතුරුපැදියට ගැසූ පෙට‍්‍රල් මුදල ද කෙසේ හෝ ගෙවන ලෙසට බල කරමිනි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd