IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෙසෙල් හොරා අළු ගොඩෙන් අහුවෙලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අසල්වැසි  වත්තේ නිදා සිටි තරුණයකු අල්ලා නිවැසියන්ට බාරදීම නිසා සොරකමක සුල මුල හෙළිකර ගැනීමට හැකිවූ පුවතක් කලාවැව අබියස පිහිටි මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි. 


සිද්ධිය මෙසේය.


එකට වාසය කළ තරුණයින් පිරිසකි. මුදල් සෙවීමේ අවශ්‍යතාවය මත එක එකා මුදල් සෙවීමට කටයුතු කළහ.


ඒ අනුව එක් තරුණයෙකු යාබද වත්තකට ඇතුල් වුණේය.


නිවසේ ගෙහිමි මව කුස්සියේ අවදියෙන් සිටින බව ඔහු දුටුවේය.


ඇය කුස්සියෙන් ඉවත්ව යන තුරු ඔහු එහි කෙසෙල් පඳුරුවලට මුවා වී නිසොල්මන්ව සිටියේය.


වේලාව රාත්‍රී දහයට පමණ විය.


එතැන සිටි ඔහුට නින්ද ගියේය.


පසුදින පහන් වී ඇති අයුරු ඔහුට නොදැනුණි.


කුස්සියේ එහේ මෙහේ කැරකුණු මව පසුදින පාන්දරින් යළි අවදි වී ඇත.


 ඇය ඉවුම් පිහුම් සඳහා ලහි ලහියේ සූදානම් වන්නීය.


ළිපේ තිබුණු අළු රැගෙන එය විසි කිරීම සඳහා සුපුරුදු කෙසෙල් පඳුරු අසලට ඇය පියමැන්නාය.


බඳුනක තිබූ අළු ඇය මිදුලේ වෙනදාටත් අළු දමන ස්ථානයට ම විසි කළා ය.


අළු පහර වැදුණු තරුණයා කෑ ගසාගෙන නින්දෙන් නැගිට්ටේය.


ඔහුගේ කෑගැසීමට අළු විසිකරන්නට ගිය මවත්, බියපත්ව ඊටත් වඩා වේගයකින්  කෑ ගැසුවාය.


නිවසේ සිටි අයද කලබලයට පත්ව වහ වහා අවදි වී එතැනට පැමිණියහ.


ඔවුහු පැන යාමට තැත් කළ තරුණයා අල්ලා ගත්හ.


ඔහු යාබද නිවසේ තරුණයෙකි.


ඔහු පැමිණි කාරණාව රහසකි.


එහෙත් ඔහුගේ මිතුරු කැළ සිද්ධිය දනිති.


යාබද ගෙවත්තේ තිබූ කෙසෙල් කැණක් කපන්නට ගියත් කුස්සියේ රැඳී සිටි අම්මා ඉන් ඉවත්ව යන තෙක් කෙසෙල් ගස යට සිටි ඔහුට පසු දින පාන්දර වනතුරුම එතැනම නින්දයාමෙන් මෙම අලකලංචිය සිදු වී තිබෙන අතර එය දැන් ගම පුරාවටම ප්‍රසිද්ධ රහසක්  වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

 



අදහස් (0)

කෙසෙල් හොරා අළු ගොඩෙන් අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site