IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කසිප්පු පොළ වටලද්දී ගෙදර ඇඳ යට බොරුවට නිදා ඉඳලා

කසිප්පු වැටලීමකදී පෙරුම්පොළ අතහැර පළා ගිය බව කියන සැකකරුවකු ඔහුගේම නිවසේ ඇඳක් යට සැඟවී නිදා සිටියදී අත්අඩංගුවට ගත් බව නව ගත්තේගම පොලිසිය කියයි.

ඔහු 45 හැවිරිදි තිදරු පියකු බවත් පොලිසිය පැවැසීය. මොහු ප‍්‍රදේශයේ දොළ පාරක් අයිනේ කසිප්පු පෙරීමේ නිරතව සිටින බවට නවගත්තේගම පොලිසියට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලිසිය ඉකුත් 15 දින සවස අදාළ පෙරුම් පොළ වටලා ඇත.

කෙසේ හෝ මේ පිළිබඳව දැනගත් සැකකරු පලා ගොස් ඇත. මෙහිදී කසිප්පු ස්ප‍්‍රීතු බෝතල් 45 ක් හා පෙරීමේ උපකරණ කට්ටලයක් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර සැකකරු ඔහුගේ නිවසේ සිටින බවට ද පොලිසියට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලීසිය ඊයේ (16) දින උදෑසනම සැකකරුගේ නිවෙස වටලා ඇත. එහිදී සැකකරු ඔහුගේ නිවසේ ඇඳක් යට සැඟවී හොරට නිදා සිටියදී සොයා ගැනීමට හැකිවූ බවත් අනතුරුව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු සමග සිද්ධියට අදාළ කසිප්පු තොගය හා ඒවා පෙරීමට යොදාගත් උපකරණ කට්ටලය ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත සහ ආණමඩුව සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත නවගත්තේගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා සමග පොලිස් සැරයන්වරුන් වන (41440) ධර්මසිරි, (32466) හේරත් සහ පොලිස් කොස්තාපල්වරුන් වන (271232) කැළුම්, (34092) ගුණතිලක මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරති.

 



අදහස් (0)

කසිප්පු පොළ වටලද්දී ගෙදර ඇඳ යට බොරුවට නිදා ඉඳලා

සමන්ති Wednesday, 17 February 2016 11:14 PM

ගෙදර ඇඳ යට නිදාගන්න තහනම් නැහැනේ (නි)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 17 February 2016 01:58 PM

සාධාරණ මිලකට මත් පැන් පොදක් තොල ගාන්න තිබුනා නම්, කසිප්පු බොන්නේ නැහැනේ මිනිස්සු. මුදල් තියන අයට රට බීම තිබුනට දුප්පත් අපිට කොයින්ද ඒවා?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site