(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
නගරයේ කාර්යාලයක රැකියාවක් ලද ගමේ හැදී වැඩුණු ලැජ්ජාශීලී තරුණයකුට පෙම්වතියක් නොමැතිවීම පිළිබඳව උසුලු විසුළු කළ කාර්යාල මිතුරන්ට තරු පෙනෙන පාඩමක් ඉගැන්වූ පුවතක් කුරුණෑගලින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.

රැකියාවට අලුතින් පැමිණි මේ තරුණයාට පෙම්වතියක් නොමැතිවීම පිළිබඳව කාර්යාල මිතුරෝ නිතර උසුලු විසුළු කළහ. “මචං උඹ ඉස්කෝලේ යන කාලේවත් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැද්ද? උඹ කෙල්ලෙක්ගේ අතින් අල්ලලා පෙන්නුවොත් මම බෝතලයක් අරගෙන දෙනවා” යැයි මිතුරෙක් ඔට්ටුවක්ද ඇල්ලුවේය.
“මම අරක්කු බෝන්නේ නෑනේ” තරුණයා කීවේය. “හරි... රුපියල් දෙදහක් එහෙනම් ඔට්ටුයි” මිතුරා තරුණයාට අභියෝග කළේය. අභියෝගය භාරගත් තරුණයා මිතුරාට තරු පෙනෙන පාඩමක් ඉගැන්වීමට කල්පනා කළේය.
දහවල් කෑම පැය උදාවිය. තමා රේඛා ශාස්ත්‍රය දන්නා බව තරුණයා අසල සිටි මිතුරෙකුට කීවේ සෙසු මිතුරු මිතුරියන්ටද ඇසෙන ලෙසය. සියල්ලෝම කෑම කා අවසන් විය. කාර්යාලයේ සිටි අවිවාහක මිතුරියක් තම අත බලා අනාගතය ගැන කියන ලෙස තරුණයාට ඇවිටිලි කරන්නට වූවාය. තරුණයාද එකිනෙකාගේ අතින් අල්ලා ගෙන විවිධ කතා ගලපමින් කීවේය. මිතුරියෝද මහත් සතුටට පත් වූහ.
මිතුරියන් පස් දෙනකුගේ අතින් අල්ලා ශාස්ත්‍ර කියූ තරුණයා ඔට්ටුව ඇල්ලු මිතුරා දෙසට හැරී “කෙල්ලෝ පස් දෙනෙකුගෙම අතින් ඇල්ලුවා කෝ දැන් දෙන්න ඔට්ටුව” යැයි කීවේලු. ලජ්ජාවට පත් මිතුරා තමාට වියදමට තිබූ මුදලින් ඔට්ටුව නිමවා “මමත් කරගත්ත ගොන්කමක්” යැයි තමාටම කියා ගත්තේලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd