IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘කොරෝනා සල්ලිය’ට බියවී පොල් දී හාල් අරන්

වැඩි උගත් කමක් නැති මැදි වයසේ පසු වූ ඔහු,  ඉඩම් හිමි වැවිලිකරුවෙකි. වගා කර  තිබුනේ පොල් පමණය. කුඹුරු ඉඩම් හිමිකමක් ඔහුට නොවීය.


  කොරෝනාරෝගය ගැන දැඩි අවධානයකින් කටයුතු කළ  මොහු,සෞඛ්‍ය නීති හා උපදෙස් ගැන ඉතාමත්ම සැළකිල්ලක් දැක්වීය. දිනපතාම ප්‍රවෘත්ති අසා කොරෝනා වසංගත තත්වය ගැන මෙන්ම  පනවන  සෞඛ්‍ය කොන්දේසි තදින්ම පිළිපැදීම මොහුගේ සිරිත විය.මුදල් නෝට්ටු මගින් වයිරසය පැතිරෙන බවට වූ වෛද්‍ය මතය  ඇදහූ ඔහු  මුදල් භාවිතය සම්පුර්ණ​ෙයන්ම අත්හැරියේය.


  දිනක්,නිවසෙහි  ආහාර පිළියෙල කිරීමට සහල් නොමැති බව බිරිඳ කීවාය. වෙනදා මෙන් ගමේ කඩෙන්  මුදල් දී සහල් ගෙන ඒම ගැටලුවක් විය.  ඒ  මුදල් අතපත ගෑමට  තිබූ බිය නිසාය.


 සහල් රැගෙන ඒමට  ක්‍රමයක් සිතූ හෙතෙම ,ගමේ කඬේට ගියේය. 


මුදලාලිගෙන්  සහල් කිලෝ දහයක බෑගයක් ගත් ඔහු , ආපසු ඒමට සූදානම් වී කඩෙන් එළියට බැස්සේය. ඒ සමගම, “‘හාල්වල සල්ලි දුන්නෙ නෑ  නේද ?,, කඬේ මුදලාලි ඔහුගෙන් විමසීය.


 “ නෑ ....මුදලාලි ,මේ දවස් වල සල්ලි අතපත ගෑම සුදුසු නෑ. මම පොල් ගෙඩි දහයක් අරගෙන ආවා.ඒ ටික ඔන්න සිල්ලර බක්කිය යට.ගෝලයට මම කිව්ව. හාල්වලට පොල් හිලව් කර ගන්න. හාල් මිලයි , පොල් මිලයි  සමානයි  නේ.මුදලාලිට  සල්ලි  මොකෝ.?..  පොල්  මොකෝ?...,,කියමින් ඔහු කඩෙන් බැහැරව නිවස වෙත  යාමට පියවර  මැන්නාය.


 මුදලාලි හෙමින් මුමුනමින්“ ඇත්ත තමයි දෙවගෙම එකවගේ ,,යයි කීය.

මාවරල පී.එස්.මද්දුමගේ



අදහස් (0)

‘කොරෝනා සල්ලිය’ට බියවී පොල් දී හාල් අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site